2 යොහන් 1:1-13

 වැඩිමහල්ලෙකු+ වන මම, මා ඇත්තටම ප්‍රේම කරන+ තෝරාගත් කාන්තාව+ සහ ඇගේ දරුවන් වෙත ලියමි. මා පමණක් නොව සත්‍ය ඉගැන්වීම් ගැන දැනගත්+ සියලුදෙනාම ඔබට ප්‍රේම කරති.  අප එසේ කරන්නේ අපගේ හදවත් තුළ සත්‍ය ඉගැන්වීම් කාවැදී තිබෙන නිසාය.+ එම ඉගැන්වීම් අප සමඟ සදහටම පවතිනු ඇත.+  එවිට ඒ සත්‍ය ඉගැන්වීම් හා ප්‍රේමය සමඟ+ පියාණන් වන දෙවිගෙන්ද+ පියාණන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද අපට මහත් කරුණාවත්+ දයාවත් සමාදානයත් ලැබෙනු ඇත.  පියාණන්ගෙන් අපට ලැබුණු ආඥාවට එකඟව+ ඔබේ දරුවන්ගෙන් සමහරදෙනෙකු+ සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වන බව+ මා දැනගත් විට එයින් මට ඉමහත් ප්‍රීතියක් ඇති විය.  එහෙයින් තෝරාගත් කාන්තාව වන ඔබෙන් මා ඉල්ලා සිටින්නේ එකිනෙකාට ප්‍රේම කරන්න කියාය.+ මා ලියා එවන එම ආඥාව ඔබට අලුත් ආඥාවක් නොව+ මුල පටන් අපට දී තිබුණු ආඥාවකි.+  ප්‍රේමය පෙන්වීමෙන් අදහස් කරන්නේ+ අප ඔහුගේ ආඥාවලට එකඟව දිගටම ජීවත් වීමය.+ මුල පටන් ඔබ දැනගත් ආඥාව නම් ඔබ දිගටම එලෙස ප්‍රේමය පෙන්විය යුතු බවය.+  මන්ද යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස පැමිණි බව පිළි නොගන්නා+ රැවටිලිකාරයෝ බොහෝදෙනෙක් මේ ලෝකයේ සිටිති.+ එවැනි අයව සැලකිය යුත්තේ රැවටිලිකාරයන්+ සහ ක්‍රිස්තු-විරෝධීන් ලෙසය.+  අප වෙහෙස මහන්සි වී අත් කරගත් දේවල් නැති කර නොගැනීමට වගබලා ගන්න. එවිට ලැබිය යුතු ත්‍යාගය කිසි අඩුවක් නැතුව ඔබට හිමි වනු ඇත.+  යමෙක් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට ඔබ්බෙන් ගොස්+ ඒවාට විරුද්ධ වී අවිශ්වාසවන්තව කටයුතු කරනවා නම්+ ඔහුට දෙවිගේ අනුමැතිය නැත.+ නමුත් එම ඉගැන්වීම්වලට විශ්වාසවන්තව සිටින තැනැත්තාට පියාණන්ගේ මෙන්ම පුත්‍රයාගේද අනුමැතිය ඇත.+ 10  ඔබව හමු වීමට පැමිණෙන කෙනෙකු එම ඉගැන්වීම්වලට එකඟව කටයුතු කරන්නේ නැත්නම් ඔහුව ඔබේ නිවෙස්වලට පිළි නොගන්න.+ ඔහු සමඟ කිසිවක් කතා නොකරන්න.*+ 11  මන්ද ඔහු සමඟ කතා කරන පුද්ගලයා ඔහුගේ දුෂ්ට ක්‍රියාවලට හවුල්කාරයෙක් වනු ඇත.+ 12  ඔබට කීමට බොහෝ දේ මට තිබුණත් කඩදාසියෙන් සහ තීන්තෙන්+ එසේ කිරීමට මා තුළ කැමැත්තක් නැත. එමනිසා ඔබ වෙතට පැමිණ ඔබව මුණගැසී ඔබ සමඟ කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.+ එමගින් ඔබට මුළුමනින්ම+ ප්‍රීතිය අද්දැකිය හැකි වෙයි.+ 13  තෝරාගත් තැනැත්තිය වන ඔබේ සහෝදරියගේ දරුවෝද ඔබට සුබ පතති.+

පාදසටහන්

මූ.අ., “ඔහුට ආචාර නොකරන්න.”