2 පේතෘස් 3:1-18

3  ප්‍රේමණීය සහෝදරයෙනි, මා දැන් ඔබට ලියන්නේ මගේ දෙවෙනි ලිපියයි. පළමු ලිපියෙන් මෙන්+ මෙම ලිපියෙන්ද මා උත්සාහ කරන්නේ ඔබට යම් දේවල් සිහිගන්වා+ පැහැදිලිව සිතා බැලීමට ඔබ සතු හැකියාව පුබුදුවාලීමටය.  එමගින් අතීතයේ ශුද්ධ අනාගතවක්තෘවරුන් පැවසූ දේවල්ද+ අපගේ ස්වාමීන් මෙන්ම ගැලවුම්කරු තම නියෝජිතයන්* මාර්ගයෙන් අණ කළ දේවල්ද මතක් කරගැනීමට ඔබට හැකි වේ.+  ඔබ දැනටමත් දන්නා මේ දේ මුලින්ම සඳහන් කරමි. අවසාන කාලයේදී+ සමච්චල් කරන්නෝ+ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තම ආශාවන් අනුව හැසිරෙමින්,+  “ඔහු පැමිණ සිටිනවා* කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද?+ අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත”+ කියා පවසන්නෝය.+  නමුත් ඔවුහු හිතාමතාම යම් කාරණයක් අමතක කර දමති. එනම් පුරාණයේ සිට පැවතුණු අහසක්+ තිබුණු බවත් දෙවිගේ අණ පරිදි ජලයෙන් ඉහළට මතු වී+ ජලය මධ්‍යයෙහි ගොඩබිම සහිත පොළොවක්+ තිබූ බවත්,  ඇද හැළුණු ජල කන්දරාවක් මාර්ගයෙන් ඒ කාලයේ පැවති ලෝකය ජලගැල්මකට හසු වී විනාශ වී ගිය බවත්+ ඔවුහු අමතක කර දමති.  නමුත් එම අණ පරිදිම දැන් පවතින අහසත්+ පොළොවත්+ වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය.+ එනම් විනිශ්චය සිදු වන දවස+ හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.+  නමුත් ප්‍රේමණීය සහෝදරයෙනි, මේ කාරණය අමතක නොකරන්න. එනම් යෙහෝවා දෙවිට එක දවසක් අවුරුදු දහසක් හා සමානය. එමෙන්ම අවුරුදු දහසක් එක දවසක් හා සමානය.+  සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+ 10  නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+ 11  ඒ සියල්ල එසේ නැති වී යෑමට තිබෙන නිසා ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි. 12  එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය*+ බලා සිටිමින්+ එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න. ඒ දවසේදී අහස ගින්නෙන් දැවී නැති වී යන්නේය.+ අහසෙහි සහ පොළොවෙහි ඇති දේවල්ද අධික උෂ්ණත්වය නිසා උණු වී යන්නේය. 13  නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු. 14  එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න. 15  ඊට අමතරව අපගේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ඔබේ ගැලවීමට දායක වන බව සැලකිල්ලට ගන්න. අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල්ද ඔහුට ලබා දුන් ප්‍රඥාව යොදාගනිමින්+ ඔබට ඒ දේවල් ගැන ලියා ඇත.+ 16  ඇත්තෙන්ම ඔහුගේ සෑම ලිපියකම ඔහු ඒ දේවල් ගැන සඳහන් කරයි. ඒ ලිපිවල තේරුම්ගැනීමට අමාරු ඇතැම් දේවල් තිබේ. ඒ දේවල් ගැන ඉගෙනගෙන නැති, තමන් විශ්වාස කරන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැති අය ඒවා තම වාසියට හරවාගනිමින් සිටිති. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වෙනත් තොරතුරුවලටත් ඔවුන් එසේ කරන අතර+ එමගින් ඔවුහු තමන්ගේම විනාශයට මඟ සලසාගන්නෝය. 17  ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබට ඒ දේවල් ගැන කල්තියාම අවබෝධයක් ලැබී ඇති නිසා+ සෝදිසියෙන් සිටින්න. කිසි ප්‍රතිපත්තියකට ගරු නොකරන එවැනි අය කරන වැරදිවලට හසු නොවන්න. ඔබේ ස්ථිර අධිෂ්ඨානය නැති කර නොගැනීමට වගබලා ගන්න.+ 18  අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ලැබෙන මහත් කරුණාව සහ දැනුම දිගටම ලබාගන්න.+ දැනුත් සදහටමත් සියලු තේජසත් ගෞරවයත් ඔහුට හිමි වේවා!+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්.”
පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.
පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.