2 තෙසලෝනික 3:1-18

3  සහෝදරයෙනි, අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලන්නේ යෙහෝවා දෙවිගේ පණිවිඩය+ අප මාර්ගයෙන් ශීඝ්‍ර ලෙස පැතිරෙන්න කියා+ අප වෙනුවෙන් නොකඩවා යාච්ඤා කරන්න+ කියායි. එවිට ඔබ එය ඉතා ගෞරවයෙන් පිළිගත්තා හා සමානව සියලුදෙනාටත් එය පිළිගැනීමට මඟ විවෘත වෙයි.  හිංසාකාරී දුෂ්ට මිනිසුන්ගෙන් ගැලවීමට+ අපට උපකාර කරන්න කියාත් ඉල්ලමින් යාච්ඤා කරන්න. මන්ද සියලුදෙනා තුළ විශ්වාසය නැත.+  නමුත් ස්වාමීන් විශ්වාසවන්තය. ඔහු ඔබව ශක්තිමත් කර දුෂ්ටයාගේ හානිකර බලපෑම්වලින් ඔබව ආරක්ෂා කරයි.+  එලෙසම ස්වාමීන්ගේ අනුගාමිකයන් වන අප අණ කරන දේවල් ඔබ කරන බවටත් දිගටම ඒවා කරගෙන යන බවටත්+ අපට ඔබ ගැන විශ්වාසයක් තිබේ.+  ඔබේ හදවත් නිසි මඟට යොමු වීම සඳහා එනම්, දෙවිට ප්‍රේම කරන්නත්+ ක්‍රිස්තුස් වෙනුවෙන් විඳදරාගැනීමෙන් යුතුව කටයුතු කරන්නත්+ නිරතුරුවම ඔබට ස්වාමීන්ගේ උපකාර ලැබේවා!  සහෝදරයෙනි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඔබට යම් දෙයක් ගැන මඟ පෙන්වීමක් දීමට කැමැත්තෙමු.+ එනම් අපගෙන් ඉගෙනගත් දේවලට අනුව කටයුතු නොකරන,+ නොහික්මුණු ආකාරයකින් ක්‍රියා කරන+ සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන් වී සිටිය යුතු බවයි.+  අපව අනුකරණය කළ යුතු ආකාරය ගැන ඔබට හොඳ අවබෝධයක් ඇත.+ මන්ද අපි ඔබ අතරේ නොහික්මුණු ආකාරයකින් ක්‍රියා කළේ නැත.+  කිසිවෙකුගෙන් නොමිලේ කෑම කෑවේවත් නැත.+ ඒ වෙනුවට ඔබෙන් කිසිවෙකුට බරක් වීමට අප අකමැති වූ නිසා+ අපි වෙහෙස මහන්සිය නොබලා+ රෑ දවල් දෙකේම වැඩ කළෙමු.  අප එසේ කළේ ඔබෙන් යමක් බලාපොරොත්තු වීමට අපට අයිතියක් නැති නිසා නොවේ.+ අපට අවශ්‍ය වුණේ ඔබට ආදර්ශයක් වීමටය.+ 10  ඇත්තටම ඔබ සමඟ සිටියදීත් අප ඔබට මඟ පෙන්වූයේ,+ “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතුයි”+ කියාය. 11  ඇත්තෙන්ම ඔබ අතරෙන් සමහරදෙනෙක් කිසි වැඩක් නොකර, අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගසමින්,+ නොහික්මුණු ආකාරයකින් හැසිරෙන බව+ අපට ආරංචි වී ඇත. 12  ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස අප එවැනි අයට පවසන්නෙත් උනන්දු කරන්නෙත් කාටවත් හිරිහැරයක් නොකර යම් වැඩක් පළක් කරමින් තමාගේ වෙහෙස මහන්සියෙන් උපයාගත් දෙයින් තම කුසගින්න නිවාගන්න කියාය.+ 13  සහෝදරයෙනි, පසු නොබැස නිතරම හරි දේ කරන්න.+ 14  මේ ලිපිය මාර්ගයෙන් අප ලබා දෙන මඟ පෙන්වීම්වලට යමෙක් කීකරු වන්නේ නැත්නම්+ ඔහු ගැන විශේෂ සෝදිසියකින් සිටින්න.+ එලෙසම ඔහු සමඟ තවදුරටත් ඇසුරු නොකරන්න.+ එවිට තමා කරන දේ ගැන ලැජ්ජාවක් ඔහුට දැනෙන්න ඉඩ තිබේ.+ 15  නමුත් ඔහුව සතුරෙකු මෙන් නොසලකන්න. දිගටම ඔහුව සහෝදරයෙකු ලෙස සලකා ඔහුට උපදෙස් හා අවවාද ලබා දෙන්න.+ 16  සමාදානය ලබා දෙන ස්වාමීන්ගෙන්ම ඔබට නොකඩවා සෑම ආකාරයකින්ම සමාදානය ලැබේවා!+ ඔබ සියලුදෙනාටම ස්වාමීන්ගේ ආශීර්වාදය ලැබේවා! 17  පාවුල් වන මම සෑම ලිපියකම කරනවා වගේ මගේම අත්අකුරින්+ සුබ පැතුම් ඔබට ලියා එවන්නෙමි. 18  ඔබ සියලුදෙනාටම අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව+ ලැබේවා!

පාදසටහන්