2 කොරින්ති 5:1-21

5  මිහිපිට වාසය කිරීමට අපට ලැබී තිබෙන ශරීරය+ කූඩාරමක් හා සමානය.+ ඒ කූඩාරම කඩා වැටෙන විට+ අපට දෙවිගෙන් ගොඩනැඟිල්ලක් ලැබෙන බව දනිමු. ඒ අලුත් ගොඩනැඟිල්ල මිනිසුන්ගේ අත්වලින් නොසෑදූ+ ස්වර්ගයේ පිහිටි සදාකාලික+ නිවසකි.  නමුත් දැන් අපට හිමි වී තිබෙන වාසස්ථානයේ අප සිටින්නේ කෙඳිරිගාමින්ය.+ එලෙසම අප මහත් ආශාවකින් සිටින්නේ ස්වර්ගයෙන් අපට ලැබෙන දේ පැළඳගැනීමටය.+  අප එය පැළඳගන්නා විට අපි තවදුරටත් නිර්වස්ත්‍රව නොසිටිනු ඇත.+  ඇත්තෙන්ම මේ කූඩාරමෙහි සිටින අප කනස්සල්ලට පත් වී කෙඳිරිගාමින් සිටින්නේ මේ කූඩාරම ඇඳුමක් ඉවත දමන්නා සේ අහක දැමීමට අපට අවශ්‍ය නිසා නොවේ. ඒ වෙනුවට අපගේ මහත් ආශාව නම් ස්වර්ගික දේ ලබාගැනීමය.+ එසේ මිය යනසුලු දේ වෙනුවට අපට ජීවනය හිමි වනු ඇත.+  ඒ සඳහා අපව සූදානම් කළේ දෙවිය.+ එමෙන්ම අපට උරුමයක් වශයෙන් ලැබෙන දේට සාක්ෂියක් ලෙස+ ඔහු තම බලය අපට දුන්නේය.+  එහෙයින් අපි නිතරම ධෛර්යයෙන් සිටිමු. මන්ද අප ස්වාමීන්ගෙන් වෙන් වී සිටින්නේ අපගේ ශරීරය නමැති වාසස්ථානයේ සිටින තුරු පමණි.+  අප ඒ දේ ගැන දන්නේ අප දකින දෙයින් නොව විශ්වාසයක් ඇතුව ගමන් කරන නිසාය.+  එසේ මහත් ධෛර්යයක් ඇතුව සිටින අපි, මෙම ශරීරය නමැති වාසස්ථානයේ සිටිනවාට වඩා ස්වාමීන් සමඟ වාසය කිරීමට කැමැත්තෙන් සිටිමු.+  ඒ අනුව අප කොතැනක සිටියත් එනම්, ඔහු අප සමඟ සිටියත් නැතත්+ අපගේ අධිෂ්ඨානය වන්නේ නිතරම ඔහුට පිළිගත හැකි අය ලෙස සිටීමටය.+ 10  මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+ 11  ස්වාමීන් සඳහා ගරුබියක්+ තිබිය යුතු බව අප තේරුම්ගෙන සිටින නිසා අපට සවන් දෙන්න කියා අපි මිනිසුන්ට උනන්දු කරන්නෙමු.+ අප කවර අන්දමේ අයද කියා දෙවි හොඳින් දැන සිටියි. එලෙසම අප කවර අන්දමේ අයද කියා ඔබත් අවබෝධ කරගෙන ඇති බව මට විශ්වාසයි.+ 12  අප කවුරුන්ද කියාත් අපගේ සුදුසුකම් මොනවාද කියාත් නැවත ඔබට පැහැදිලි කර දෙනවා නොවේ.+ ඒ වෙනුවට අප ඔබට මේ ලබා දෙන්නේ අප ගැන ආඩම්බරයෙන් කතා කිරීමට පදනමක්ය.+ එමගින් අවංක හදවතක් ගැන කතා කරනවාට වඩා+ බාහිර දේවල් ගැන පුරසාරම් දොඩන අයට+ පිළිතුරක් දීමට ඔබට හැකි වේ. 13  සමහරවිට අප සිහිවිකල්ව කටයුතු කරනවා වගේ+ ඔබට පෙනුණත් අප එසේ කරන්නේ දෙවි වෙනුවෙන්ය. අප සිහිකල්පනාවෙන් කටයුතු කරනවා නම්+ එසේ කරන්නේ ඔබ වෙනුවෙන්ය. 14  මන්ද ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි. සියලුදෙනා උදෙසා එක් මිනිසෙකු මිය ගිය බව+ අපි පිළිගනිමු. එසේ වූයේ සියලුදෙනා ඒ වන විටත් මිය ගොස් සිටි නිසාය. 15  ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී+ තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා+ වන ඔහු උදෙසා+ ජීවත් වීම සඳහාය. 16  එහෙයින් මෙතැන් පටන් මිනිසුන් බලන ආකාරයකින් අපි කිසි මිනිසෙකු දෙස බලන්නේ නැත.+ අප කලින් ක්‍රිස්තුස් දෙස බැලුවෙත් මිනිසුන් බලන ආකාරයකින් වුවත්+ අපි තවදුරටත් එසේ නොකර සිටිමු.+ 17  ඇත්තෙන්ම කෙනෙක් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිනවා නම් ඔහු අලුතින්ම බිහි වූ පුද්ගලයෙකු බව+ පැවසිය හැක. එහෙයින් පරණ දෙය පහ වී ගොස් ඇති අතර+ අලුත් දෙයක් බිහි වී ඇත.+ 18  මේ සෑම දෙයක්ම සිදු වන්නේ දෙවි නිසාය. මන්ද ක්‍රිස්තුස් මාර්ගයෙන් තමන් සමඟ සමාදාන වීමට+ මිනිසුන්ට මඟ සැලසුවේ ඔහුය. එමෙන්ම දෙවි මිනිසුන්ට තමන් සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයක්ද අපට භාර දුන්නේය.+ 19  ඒ සේවය මගින් ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයා+ කළ වැරදිවලට දඬුවම් නොදී+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන්+ මඟ උදා කර දී ඇති බවය. එම සමාදාන වීමේ පණිවිඩය+ දෙවි භාර දුන්නේ අපටය.+ 20  එහෙයින් අපි+ ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න. 21  කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය.

පාදසටහන්