1 ලේකම් 26:1-32

26  දොරටු පාලකයන්ගේ+ කණ්ඩායම් බෙදනු ලැබුවේ මෙලෙසය. කෝරාගේ පෙළපතට+ අයත් ආසාෆ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන කෝරෙගේ පුත්‍රයෙකු වූ මෙෂෙලෙමියාය.+  මෙෂෙලෙමියාට පුත්‍රයෝ සිටියෝය. ඔහුගේ කුලුඳුලා සෙකරියාය. යෙදීයයෙල් දෙවෙනියාය. තුන්වෙනියා සෙබදියාය. හතරවෙනියා යත්නියෙල්ය.  පස්වෙනියා ඒලාම්ය. හයවෙනියා යෙහෝහානන්ය. හත්වෙනියා එලිහෝ-ඒනයිය.  මීට අමතරව ඕබෙද්-ඒදොම්ය.+ ඔහුටද පුත්‍රයෝ සිටියෝය. ෂෙමායා ඔහුගේ කුලුඳුලාය. දෙවෙනියා යෙහොෂාබාද්ය. තුන්වෙනියා යෝවාය. සාකාර් හතරවෙනියාය. පස්වෙනියා නෙතනෙල්ය.  අමියෙල් හයවෙනියාය. ඉසකාර් හත්වෙනියාය. අටවෙනියා පෙයුල්ලෙතයිය. මේ පුත්‍රයන් සියලුදෙනා ලැබීමට දෙවි ඔහුට ආශීර්වාද කළේය.+  ඔහුගේ කුලුඳුල් පුත් ෂෙමායාට පුත්‍රයෝ සිටියෝය. ඔවුන් දක්ෂ, බලසම්පන්න පුරුෂයන් වූ නිසා ඔවුන්ගේ පෙළපතේ ප්‍රධානීන් ලෙස ඔවුහු කටයුතු කළෝය.  ෂෙමායාගේ පුත්‍රයන් නම් ඔත්නී, රෙෆායෙල්, ඕබෙද් සහ එල්සාබාද්ය. එල්සාබාද්ට එලිහු සහ සෙමකීයා යන නම්වලින් සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර ඔවුහු දක්ෂ පුරුෂයෝ වූහ.  ඒ සියලුදෙනාම ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝය. ඔවුහුද ඔවුන්ගේ පුත්‍රයෝ හා සහෝදරයෝද ඕනෑම සේවයක් කිරීමට සූදානම්, දක්ෂ හා බලසම්පන්න පුරුෂයෝ වූහ. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ කණ්ඩායමට හැටදෙදෙනෙක් අයත්ව සිටියෝය.  මෙෂෙලෙමියාටද+ දක්ෂ පුත්‍රයෝ හා සහෝදරයෝ සිටියෝය. ඔවුන්ගේ ගණන දහඅටකි. 10  මෙරාරීගේ පුත්‍රයන්ගෙන් පැවතෙන්නෙක් වූ හෝසාටද පුත්‍රයෝ සිටියෝය. ඔවුන්ගේ ප්‍රධානියා ෂිම්රිය. ඔහු කුලුඳුලා+ නොවුණත් ඔහුගේ පියා ඔහුව ප්‍රධානියා ලෙස පත් කළේය.+ 11  දෙවෙනි පුත්‍රයා හිල්කියාය. තුන්වෙනියා ටෙබලියාය. හතරවෙනියා සෙකරියාය. හෝසාගේ පුත්‍රයන්ගේ හා සහෝදරයන්ගේ ගණන දහතුනකි. 12  දොරටු පාලකයන්ගේ මෙම කණ්ඩායම්වල සිටි ප්‍රධානීන්ට ඔවුන් යටතේ සිටි ඔවුන්ගේ සහෝදරයන්ට මෙන් වගකීම් තිබිණ.+ ඔවුන් සියලුදෙනාම සේවය කළේ යෙහෝවා දෙවිගේ ගෘහයේය. 13  එක් එක් දොරටුවේ සේවය කරන්නේ කවුද කියා තීරණය කිරීමට දාදු දමන ලදි.+ ඔවුන් අයත් පවුල් විශාල වුවත් කුඩා වුවත් විශේෂත්වයකින් තොරව එසේ කරන ලදි.+ 14  නැඟෙනහිර දොරටුවේ සේවය කිරීම සඳහා දාදුව වැටුණේ ෂෙලෙමියාටය.+ ඔහුගේ පුත් සෙකරියා+ ඥානවන්ත උපදේශකයෙකු+ ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු වෙනුවෙන්ද දාදු දමන ලදි. එවිට උතුරු දොරටුවේ සේවය කිරීමේ පැවරුම ලැබුණේ ඔහුටය.+ 15  දාදු දැමීමෙන් ඕබෙද්-ඒදොම්ට දකුණු දොරටුවේ සේවය කිරීමේ පැවරුම ලැබිණ. ඔහුගේ පුත්‍රයෝ+ ගබඩා භාරව සිටියෝය.+ 16  ෂප්පිම් සහ හෝසාට+ බස්නාහිර දොරටුවේ සේවය කිරීමේ වගකීම ලැබිණ. මෙම දොරටුව උතුරු දෙසට යන මහාමාර්ගය අසල පිහිටි ෂල්ලෙකෙත් නම් දොරටුව අසල පිහිටා තිබිණ. මෙසේ සෑම මුර කණ්ඩායමක්ම+ එකිනෙකාට මුහුණ ලා සිටින සේ පිහිටුවා තිබිණ.+ 17  නැඟෙනහිර පැත්තේ ලෙවීවරුන් හයදෙනෙක්ද උතුරු පැත්තේ දිනකට හතරදෙනෙක්ද දකුණු පැත්තේ දිනකට හතරදෙනෙක්ද සිටියෝය.+ ගබඩාව අසල+ දෙදෙනෙක්ද සිටියෝය. ඔවුන් දෙදෙනා අසල තවත් දෙදෙනෙක් සිටියෝය. 18  බස්නාහිර පැත්තේ පිහිටි ශාලාව අසල දෙදෙනෙක්ද එයට පිවිසෙන මඟ දිගේ සතරදෙනෙක්ද සිටියෝය.+ 19  ඉහත සඳහන් වූයේ කෝරාගේ පුත්‍රයන්ගෙන්+ හා මෙරාරීගේ පුත්‍රයන්ගෙන්+ පැවත ආ දොරටු පාලකයන්ගේ කණ්ඩායම් පිළිබඳ විස්තරය. 20  සැබෑ දෙවිගේ ගෘහයේ තිබූ වස්තු+ හා කැප කර තිබූ වස්තු+ බලාගැනීමට ලෙවීවරුන් අතරින් අහියාව පත් කරන ලදි. 21  ලාදාන්ගේ පුත්‍රයන්ගෙන්+ යෙහියෙලී+ සිටියේය. ඔහු ගේර්ෂොන්ගේ පෙළපතට අයත් ලාදාන්ගෙන් පැවත ආ ප්‍රධානීන්ගේ පුත්‍රයෙකි. 22  යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු භාරව සිටියේ+ යෙහියෙලීගේ පුත්‍රයන් වූ ෂේතාම් සහ යෝවෙල්ය.+ 23  අම්රාම්ගෙන්, ඉෂ්හාර්ගෙන්, හෙබ්‍රොන්ගෙන් හා උස්සියෙල්ගෙන්+ පැවත ආ අය සේවය කළේ 24  ගබඩාව භාරව සිටි මෝසෙස්ගේ පුත්‍රයෙකු වූ ගේර්ෂොම්ගේ පුත් ෂෙබුයෙල්ගේ+ නායකත්වය යටතේය. 25  ඔහුගේ සහෝදරයන් අතරින් එලියේසර්+ සිටියේය. එලියේසර්ගේ පුත්‍රයා රෙහෙබියාය.+ රෙහෙබියාගේ පුත්‍රයා යෙෂායාය. යෙෂායාගේ පුත්‍රයා යෝරාම්ය. යෝරාම්ගේ පුත්‍රයා ෂික්රීය. ෂික්රීගේ පුත්‍රයා ෂෙලොමොත්ය. 26  දාවිත් රජුද+ මුතුන්මිත්තන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ද+ දහසකින් යුත් කණ්ඩායම්වල හා සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ද හමුදාවේ ප්‍රධානීන්ද දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් වස්තු වෙන් කරන ලදි.+ ඒ සියලුම වස්තු භාරව සිටියේ ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන්ය. 27  ඔවුන් යුද්ධවලින්+ කොල්ල කා ගත් ඒ වස්තු+ යෙහෝවා දෙවිගේ ගෘහයේ නඩත්තුව සඳහා භාර දෙන ලදි. 28  මීට අමතරව දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් අනාගතවක්තෘවරයෙක්+ වූ සාමුවෙල්ද කිෂ්ගේ පුත් සාවුල්ද නේර්ගේ පුත් අබ්නේර්ද+ ෂෙරුයියාගේ+ පුත් යෝවාබ්ද+ විසින් වස්තු වෙන් කරන ලදි. ඒවා භාරව සිටියේද ෂෙලොමිත් සහ ඔහුගේ සහෝදරයන්ය. 29  දෙවිගේ ගෘහයේ තිබෙන වැඩකටයුතුවලට අමතරව කළ යුතු වෙනත් කාර්යයන් භාරව සිටියේ+ ඉෂ්හාර්ගෙන්+ පැවත ආ කෙනනියා සහ ඔහුගේ පුත්‍රයෝය. ඔවුහු ඊශ්‍රායෙල්හි නිලධාරීන් හා විනිසුරුවන් ලෙස කටයුතු කළෝය.+ 30  හෙබ්‍රොන්ගෙන්+ පැවත ආ අය අතරින් දක්ෂ පුරුෂයන් වූ+ හෂබියා සහ ඔහුගේ සහෝදරයන් එක්දහස් හත්සියදෙනෙක් ඊශ්‍රායෙල් දේශයේ යොර්දාන් ගඟට බස්නාහිරෙන් පිහිටි ප්‍රදේශය අධීක්ෂණය කළෝය. යෙහෝවා දෙවිට කළ යුතු සේවය හා රජු වෙනුවෙන් කළ යුතු සේවාවන් අධීක්ෂණය කිරීම ඔවුන්ගේ කාර්යයට ඇතුළත් විය. 31  හෙබ්‍රොන්ගෙන් පැවත ආ අයගේ පෙළපත් වාර්තාවලට අනුව ඔවුන්ගේ පෙළපතේ ප්‍රධානියාව සිටියේ යෙරීයාය.+ දාවිත් රජකම් කළ හතළිස්වන අවුරුද්දේදී+ හෙබ්‍රොන්ගෙන් පැවත ආ අය අතර එඩිතර, බලසම්පන්න පුරුෂයන් සිටිනවාදැයි සොයා බලන ලදි. එසේ සොයා බැලූ විට ගිලියද් ප්‍රදේශයේ+ යාසෙර් නම් නුවරෙහි+ එවැනි මනුෂ්‍යයන් සිටින බව පැහැදිලි විය. 32  යෙරීයාගේ සහෝදරයන් වූ ඔවුන්ගේ ගණන දෙදහස් හත්සියයකි. ඔවුහු ඔවුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්+ ලෙස කටයුතු කළ දක්ෂ පුරුෂයෝය.+ දාවිත් රජ ඔවුන්ව රූබෙන් ගෝත්‍රයේ, ගාද් ගෝත්‍රයේ හා මනස්සේ ගෝත්‍රයේ කොටසක්+ කෙරෙහි ප්‍රධානීන් ලෙස පත් කළේය. ඔවුන්ව පත් කරනු ලැබුවේ සැබෑ නමස්කාරයට හා රජුට සම්බන්ධ සියලු කාරණා බලාගැනීමටය.+

පාදසටහන්