1 ලේකම් 20:1-8

20  ඊළඟ අවුරුද්දේ මුල් කාලයේදී+ එනම්, සාමාන්‍යයෙන් රජවරුන් යුද්ධයට යන කාලයේදී+ යෝවාබ් තම හමුදාව සමඟ අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධයට ගියේය.+ නමුත් දාවිත් රජ එම යුද්ධයට නොගොස් යෙරුසලමෙහි නැවතී සිටියේය. යෝවාබ්, අම්මොන්වරුන්ගේ දේශය නටබුන් ගොඩක් බවට පත් කර රබ්බා නුවරද+ වැටලුවේය. ඔහු එම නුවරටත් පහර දී එය විනාශ කළේය.+  පසුව දාවිත් රජ රබ්බා නුවරින් බොහෝ වස්තු කොල්ල කෑවේය.+ මල්කාම් නම් දෙවියාගේ හිසේ තිබූ ඔටුන්න දාවිත් ගලවාගත්තේය.+ අනර්ඝ මැණික් අල්ලා තිබූ එම ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක් විය. පසුව එය දාවිත්ගේ හිස මත තබන ලදි.  දාවිත් රජ ඒ නුවරේ සිටි වැසියන්ව ගෙනැවිත් ඔවුන්ගෙන් වැඩ ගත්තේය.+ ඔහු ඔවුන්ට යකඩින් සෑදූ තියුණු ආයුධද පොරෝද දී ඔවුන් ලවා විශාල ගල් කප්පවාගත්තේය.+ ඔහු අම්මොන්වරුන්ගේ නුවරවල සිටි සියලු වැසියන්ගෙන් එසේ වැඩ ගත්තේය. පසුව දාවිත් රජ ඔහු සමඟ සිටි සියලුදෙනා සමඟ නැවත යෙරුසලමට ගියේය.  ගෙෂෙර්හිදී පිලිස්තිවරුන්+ සමඟ නැවතත් යුද්ධයක් ඇති විය.+ හූෂා නම් නුවරින් පැමිණි සිබ්බෙකයි,+ රෙෆායි+ ජාතිකයෙකු වූ සිප්පයිව මරා දැමුවේ මේ යුද්ධයේදීය. එවිට පිලිස්තිවරු දාවිත් රජුට යටත් වූහ.  පිලිස්තිවරුන්ට විරුද්ධව තවත් යුද්ධයක් ඇති විය. යායිර්ගේ පුත් එල්හානාන්,+ ගාත්හි වැසියෙකු වූ ගොලියත්ගේ+ සහෝදරයා වන ලාමීව මරා දැම්මේ ඒ යුද්ධයේදීය. ඒ සඳහා ලාමී භාවිත කළ හෙල්ලය රෙදි විවීමේදී භාවිත කරන පොල්ලක් මෙන් විය.+  නැවතත් ගාත්හිදී+ යුද්ධයක් ඇති විය. අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද එනම්, ඇඟිලි විසිහතරක්+ ඇති යෝධයෙක්ද+ එම යුද්ධයට හවුල් විය. ඔහු රෙෆායිවරයෙකි.+  ඔහු එහිදී ඊශ්‍රායෙල්වරුන්ට නින්දා කරමින් සිටියේය.+ අන්තිමේදී දාවිත් රජුගේ සහෝදරයා වූ ෂිමෙයාගේ+ පුත්‍රයෙකු වන යොනාතාන් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.  එසේ දාවිත් රජු සහ ඔහුගේ සේවකයන් අතින් මැරුම් කෑ+ ඔවුහු ගාත්හි+ ජීවත් වූ රෙෆායිවරුන්ගේ+ දරුවෝය.

පාදසටහන්