1 ලේකම් 19:1-19

19  කල් යත්ම අම්මොන්වරුන්ගේ රජු වූ නාහාෂ්+ මිය ගියේය. ඉන්පසු ඔහුගේ පුත්‍රයා රජකම් කිරීමට පටන්ගත්තේය.+  ඒ ගැන ආරංචි වූ දාවිත් රජ මෙසේ පැවසීය. “නාහාෂ් ජීවතුන් අතර සිටිද්දී මට ප්‍රේමණීයව* සැලකුවා.+ ඒ නිසා මමත් ඔහුගේ පුත් හානුන්ට ප්‍රේමය* පෙන්විය යුතුයි.”+ එහෙයින් දාවිත් රජ වියෝදුකින් පෙළුණු හානුන් රජුව සැනසීම සඳහා සේවකයන් කිහිපදෙනෙකුව ඔහු වෙතට යැවීය. දාවිත් රජුගේ එම සේවක පිරිස අම්මොන්වරුන්ගේ+ දේශයට ගියෝය.  මේ ගැන දැනගත් අම්මොන්වරුන්ගේ අධිපතීහු හානුන් රජුට මෙසේ කීවෝය. “දාවිත් ඔබව සනසන්න මිනිසුන්ව එවා තිබෙන්නේ ඔබේ පියාට කරන ගෞරවයක් හැටියට කියාද ඔබ හිතන්නේ? ඔහු ඔවුන්ව එවා තිබෙන්නේ අපේ දේශය ගැන ඔත්තු බලා+ එය අල්ලාගැනීමේ අදහසිනුයි.”+  එය ඇසූ හානුන් රජ, දාවිත් රජුගේ+ සේවකයන්ගේ රැවුල් කපා+ තට්ටම් පෙනෙන තරමටම ඔවුන්ගේ ඇඳුම් කොටට කැපුවේය.+ ඉන්පසු ඔහු ඔවුන්ව පිටත් කර හැරියේය.+  ඔවුන්ට සිදු වූ දේ ගැන පිරිසක් පැමිණ දාවිත් රජුට දැන්වූවෝය. එය ඇසූ දාවිත් රජ, බොහෝ සෙයින් ලැජ්ජාවට පත්ව සිටි ඒ මිනිසුන්ව හමු වීමට තවත් සේවක පිරිසක්ව යවා ඔවුන්ට මෙසේ දැන්වීය. “ඔබේ රැවුල් නැවත වැවෙන තෙක් යෙරිකෝවට+ වෙලා ඉන්න.”  තමන් සමඟ දාවිත් රජු දැඩි වෛරයකින්+ සිටින බව අම්මොන්වරු දැනගත්තෝය. ඒ නිසා හානුන් රජ+ තම සෙනඟ වන අම්මොන්වරුන් සමඟ කතා වී, අශ්ව රථ+ සහ අසරුවන් කුලියට ගැනීමට රිදී තලෙන්ත*+ දහසක් මෙසපොතේමියාව හා ආරම්-මයකා+ යන ප්‍රදේශවලටත් ෂොබා රාජධානියටත්+ යැව්වේය.  මෙසේ ඔවුහු අශ්ව රථ තිස්දෙදහසක්ද+ මයකාහි රජු සහ ඔහුගේ සේනාවද+ කුලියට ගත්තෝය. ඒ සමූහය පැමිණ මේදෙබා නම් නුවර+ අසල කඳවුරු බැඳගත්තෝය. අම්මොන්වරුද තම නුවරවලින් පිටත්ව ඇවිත් යුද්ධයට සූදානම් වූහ.  ඒ ගැන දැනගත් විගස දාවිත් රජ යෝවාබ්වද+ එඩිතර මිනිසුන්ගෙන්+ යුත් තම මුළු යුධ හමුදාවද සටන් කිරීම සඳහා පිටත් කර යැවීය.  එවිට අම්මොන්වරු නුවරට ඇතුල් වන ස්ථානය ඉදිරිපිටටම ගොස් යුද්ධය සඳහා සැරසුණෝය. රජවරුද+ ඔවුන්ගේ හමුදා සමඟ තණබිමේ රැස්ව සිටියෝය. 10  සතුරු හමුදාව දෙපැත්තෙන්ම පහර දීමට සූදානම්ව සිටින බව දුටු යෝවාබ්, ඊශ්‍රායෙල්හි සිටි දක්ෂතම සෙබළුන් කණ්ඩායමක් තෝරාගෙන සිරියන්වරුන්ට පහර දීමට ගියේය.+ 11  ඔහු ඉතුරු සෙබළුන්ව තම සහෝදරයා වූ අබිෂයිගේ+ නායකත්වය යටතේ අම්මොන්වරුන්ට+ පහර දීම සඳහා යැව්වේය. 12  එසේ යැවීමට පෙර යෝවාබ්, අබිෂයිට මෙසේ කීවේය. “සිරියන්වරුන්ට+ මුහුණ දෙන්න අපිට බැරි වුණොත් ඔබ ඔබේ පිරිස සමඟ අපේ උදව්වට එන්න.+ ඔබට අම්මොන්වරුන්ට මුහුණ දෙන්න බැරි වුණොත් අපි ඔබේ උදව්වට එන්නම්.+ 13  කිසිම දෙයකට භය වෙන්න එපා.+ අපේ සෙනඟ වෙනුවෙනුත් අපේ දෙවිගේ නුවරවල් වෙනුවෙනුත් අපි එඩිතරව සටන් කරමු.+ හරියි කියා යෙහෝවා දෙවි සිතන දේ අනිවාර්යයෙන්ම සිදු වෙයි.”+ 14  යෝවාබ් සහ ඔහු සමඟ සිටි සෙබළු ඉදිරියට පැමිණ සිරියන්වරුන්ට පහර දුන්නෝය.+ පසුව සිරියන්වරු ඔවුන් වෙතින් පලා ගියෝය.+ 15  සිරියන්වරුන් පලා යන බව දුටු අම්මොන්වරුද යෝවාබ්ගේ සහෝදරයා වූ අබිෂයි වෙතින් පලා ගොස්+ නුවරට ඇතුල් වූහ.+ ඉන්පසු යෝවාබ්ද ආපසු යෙරුසලමට ගියේය. 16  ඊශ්‍රායෙල්වරුන් අතින් පරාජයට පත් වූ නිසා+ සිරියන්වරු පණිවිඩකරුවන් යවා මහ ගඟ*+ අවට ප්‍රදේශවල වාසය කළ සිරියන්වරුන් විශාල පිරිසක්වද ගෙන්වාගත්තෝය. ඔවුන්ගේ නායකයා වූයේ හදද්එෂෙර් රජුගේ හමුදාපති ෂෝපාක්ය. 17  ඒ ගැන දාවිත් රජුට ආරංචි වූ විට ඔහු ඉක්මනින්ම ඊශ්‍රායෙල් හමුදාව රැස් කර යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔවුන්ට විරුද්ධව යුද්ධයට සැරසුණේය.+ සිරියන්වරුද ඔහුට විරුද්ධව සටන් කිරීමට පටන්ගත්තෝය. 18  නමුත් ඊශ්‍රායෙල් හමුදාව අතින් පරාජය වූ සිරියන්වරු පලා ගියෝය.+ දාවිත් රජ සිරියන්වරුන්ගේ අශ්ව රථ පදවන්නන් හත්දහසක්ද පාබළ හමුදාවට අයත් සෙබළුන් හතළිස්දහසක්ද මරා දැමුවේය. ඔහු සිරියන්වරුන්ගේ හමුදාපති වූ ෂෝපාක්වද මරා දැමුවේය.+ 19  තමන් ඊශ්‍රායෙල්වරුන් අතින් පරාජයට පත් වූ නිසා+ හදද්එෂෙර් රජු යටතේ යුද්ධ කළ සියලුදෙනා ඉක්මනින්ම ගොස් දාවිත් රජු සමඟ සමාදාන වී ඔහුට සේවය කිරීමට පටන්ගත්තෝය.+ ඉන්පසු කිසිදාක අම්මොන්වරුන්ගේ උපකාරයට යෑමට සිරියන්වරු කැමති වූයේ නැත.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමයකින්.”
හෝ, “ළැදි ප්‍රේමය.”
තලෙන්තයක් යනු කිලෝග්‍රෑම් 34.2ක් පමණය.
එනම්, යුප්‍රටීස් ගංගාව.