1 ලේකම් 14:1-17

14  තීර්හි+ රජු වූ හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්වද දාවිත්ගේ මාලිගාව ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.+  යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස තමාව පත් කර එය ස්ථිර ලෙස පිහිටුවා තිබෙන බව දාවිත්ට තහවුරු විය.+ එමෙන්ම දෙවි ඔහුගේ සෙනඟ වෙනුවෙන් තම රාජ්‍යය ගෞරවයට පත් කළ බවත් දාවිත්ට පැහැදිලි විය.+  දාවිත් යෙරුසලමේදී තවත් භාර්යාවන්+ විවාහ කරගත් අතර ඔහුට දාව තවත් පුත්‍රයෝ සහ දූවරු උපන්නෝය.+  යෙරුසලමේදී ඔහුට දාව උපන් දරුවන් නම් ෂම්මුවා,+ ෂෝබාබ්,+ නාතන්,+ සලමොන්,+  ඉබ්හාර්,+ එලිෂුවා, එල්පෙලෙත්,+  නෝගා, නෙෆෙග්,+ යාෆියා,  එලිෂාමා,+ බෙයෙලියාදා සහ එලිෆෙලෙත්ය.+  දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු ලෙස අභිෂේක කර තිබූ බව පිලිස්තිවරුන්ට ආරංචි වූ විට+ ඔවුහු දාවිත්ව අල්ලාගැනීමට ආවෝය.+ දාවිත් රජු ඒ ගැන දැනගත් විට ඔහු ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට පිටත්ව ගියේය.  පිලිස්තිවරු රෙෆායිම් තැනිතලාවට පැමිණ විටින් විට ප්‍රහාර එල්ල කළෝය.+ 10  එවිට දාවිත් දෙවිගෙන් මෙසේ ඇසීය.+ “මම පිලිස්තිවරුන්ට පහර දෙන්නද? ඔවුන්ව යටත් කරගන්න ඔබ මට උදව් කරනවාද?” එවිට යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසීය. “ගොස් ඔවුන්ට පහර දෙන්න. මම අනිවාර්යයෙන්ම ඔවුන්ව ඔබට යටත් කර දෙන්නෙමි.” 11  එහෙයින් දාවිත් බාල්-පෙරාෂිම්+ වෙතට ගොස් පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ඉන්පසු ඔහු, “සැඩ පහරකින් දේවල් විනාශ වී යන්නාක් මෙන් සැබෑ දෙවි මා ලවා මාගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළා” කියා පැවසීය. එම ස්ථානයට+ බාල්-පෙරාෂිම් යන නම තැබුවේ ඒ නිසාය. 12  පිලිස්තිවරුන් ඔවුන්ගේ දේවතා රූප එහි අත්හැර දමා පලා ගොස් තිබිණ.+ දාවිත් රජුගේ අණ පරිදි ඔහුගේ සෙනඟ එම රූපවලට ගිනි තබා විනාශ කළෝය.+ 13  පිලිස්තිවරු නැවතත් එම තැනිතලාවට පැමිණ ප්‍රහාරයක් එල්ල කළෝය.+ 14  ඔවුන්ට විරුද්ධව සටනට යන්නද කියා දාවිත් රජු නැවතත් දෙවිගෙන් විමසූ විට+ සැබෑ දෙවි ඔහුට මෙසේ කීවේය. “මේ අවස්ථාවේදී ඔවුන්ව ලුහුබැඳ ගොස් පහර නොදෙන්න. වටෙන් ගොස් බේකා පඳුරු ඉදිරියේ සිට ඔවුන්ට පහර දෙන්න.+ 15  නමුත් ඔබ ඔවුන්ට පහර දීමට පටන්ගත යුත්තේ+ බේකා පඳුරු අතරින් අඩි ශබ්දයක් ඇසෙන විටය.+ එම ශබ්දය පිලිස්තිවරුන්ගේ කඳවුරට පහර දීම සඳහා සැබෑ දෙවි වන මා ඔබට ඉදිරියෙන් ගිය බවට ලකුණකි.”+ 16  දාවිත් රජ දෙවි අණ කළ ලෙසම කළේය.+ ඔවුහු ගිබියොන්+ සිට ගෙෂෙර්+ දක්වා ගොස් පිලිස්තිවරුන්ගේ හමුදාවට පහර දුන්නෝය. 17  දාවිත් රජුගේ කීර්තිය+ දසත පැතිර ගියේය. යෙහෝවා දෙවි ඔහු සමඟ සිටි නිසා සියලුම ජාතීහු දාවිත් රජුට බිය වූහ.+

පාදසටහන්