1 ලේකම් 12:1-40

12  කිෂ්ගේ පුත්‍රයා වූ සාවුල්ගෙන් එල්ල වූ තර්ජන නිසා+ දාවිත් කලක් ෂික්ලග් නම් නුවරෙහි+ ජීවත් වුණේය. එහිදී ඔහුගේ නිදහස සීමා විය. ඒ කාලයේදී දාවිත්ට යම් පිරිසක් එකතු වූහ. පසු කාලයකදී ඔවුහු එඩිතර මිනිසුන්+ සමඟ එක්ව යුද්ධවලදී දාවිත්ට උපකාර කළෝය.  ඔවුහු දුනු ශිල්පයට+ හා ගල්පටිවලින් විදීමට+ දක්ෂයෝය. ඒ දේවල් කිරීමට ඔවුන්ගේ අත් දෙකම හුරු වී තිබිණ.+ ඔවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයත් සාවුල්ගේ සහෝදරයෝය.  ඔවුන්ගේ ප්‍රධානියා අහියේසෙර්ය. ඔහුගේ සහෝදරයා යෝවාෂ්ය. ඔවුන් දෙදෙනාගේම පියා ගිබෙයාහි+ වැසියෙකු වූ ෂෙමෙයාය. ඔවුන් සමඟ අෂ්මාවෙත්ගේ+ පුත්‍රයන් වූ යෙෂීයෙල් සහ පෙලෙට්ද බෙරාකාද අනාතොත්හි+ වැසියෙකු වූ යේහුද  ගිබියොන්හි+ වැසියෙකු වූ ඉෂ්මයියාද සිටියෝය. ඉෂ්මයියා එඩිතර මිනිසුන් තිස්දෙනා අතරින් කෙනෙකි.+ මීට අමතරව යෙරෙමියා, යහෂියෙල්, යෝහානාන්, ගෙදේරාහි+ වැසියෙකු වූ යෝෂාබාද්ද  එලූසායි, යෙරිමොත්, බෙයලියා, ෂෙමරියා, හාරිෆ්ගෙන් පැවතෙන්නෙකු වූ ෂෙපටියාද  කෝරාගේ පෙළපතින්+ පැමිණි එල්කානා, ඉෂ්ෂියා, අෂරෙල්, යොවේෂෙර් සහ යෂොබෙයාම්ද  ගෙදොර්හි වැසියෙකු වූ යෙරොහාම්ගේ පුත්‍රයන් වූ යොවේලා සහ සෙබදියාද ඔවුන් අතර සිටියෝය.  පාළුකරයේ ඉතා දුෂ්කර ස්ථානයක+ විසූ දාවිත්ට ගාද් ගෝත්‍රයෙන් පිරිසක්ද එකතු වූහ. විශාල පලිස් හා හෙල්ල අතැතිව සිටි+ ඔවුහු එඩිතර, බලවත්, යුද්ධයට දක්ෂ සෙබළු වූහ. ඔවුහු සිංහයන් මෙන් නිර්භීතය.+ ඔවුන්ගේ ගමන කඳුකරයේ වේගයෙන් දිව යන මුවන් මෙනි.+  ඔවුන්ගේ ප්‍රධානියා එෂෙර්ය. දෙවෙනියා ඔබදියාය. තුන්වෙනියා එලියාබ්ය. 10  හතරවෙනියා මිෂ්මන්නාය. පස්වෙනියා යෙරෙමියාය. 11  අත්තයි හයවෙනියාය. එලියෙල් හත්වෙනියාය. 12  අටවෙනියා යෝහානාන්ය. නවවෙනියා එල්සාබාද්ය. 13  දහවෙනියා යෙරෙමියාය. මක්බන්නයි එකොළොස්වෙනියාය. 14  ගාද්ගෙන්+ පැවතෙන්නන් වූ ඔවුහු හමුදාවේ ප්‍රධානීන් ලෙස කටයුතු කළෝය. ඔවුන් අතර සිටි කුඩාම තැනැත්තාට මිනිසුන් සියදෙනෙකුට වුවත් පහර දී පරාජය කිරීමට හැකියාව තිබූ අතර, බලවත්ම තැනැත්තාට මිනිසුන් දහසක් වුවත් පරාජය කිරීමට හැකියාව තිබිණ.+ 15  අවුරුද්දේ පළමුවෙනි මාසයේ යොර්දාන් ගඟ පිටාර ගලන කාලයේදී+ එයින් එගොඩ වී+ තැනිතලාවල වාසය කළ අයව නැඟෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් පලවාහැරියේ ඔවුහුය. 16  බෙන්ජමින් හා යූදා ගෝත්‍රවලට අයත් ඇතැම් අයද දාවිත් විසූ ස්ථානයට පැමිණියෝය.+ 17  එවිට දාවිත් ඔවුන්ව හමු වී මෙසේ පැවසීය. “ඔබ සියලුදෙනා මා ළඟට ආවේ මට උපකාර කරන්නද?+ ඇත්තටම ඔබ ආවේ මට උදව් කරන්න නම් ඔබ මා ගැන තැබූ විශ්වාසය මම කඩ කරන්නේ නැහැ.+ නමුත් කිසි වරදක් නොකළ මාව+ මගේ සතුරන් අතට පාවා දෙන්න ඔබ ආවා නම් අපේ මුතුන්මිත්තන්ගේ දෙවි ඊට නිසි පියවර ගනියි.”+ 18  එවිට පැමිණ සිටි ඒ තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසායි තුළ දෙවිගේ බලය+ ක්‍රියාත්මක වී ඔහු මෙසේ කීවේය.“දාවිත්, අපි ඔබ සමඟයි.+ යෙස්සේගේ පුත්‍රය, අපි සහයෝගය දෙන්නේ ඔබටයි.ඔබට සමාදානය ලැබේවා! ඔබට උපකාර කරන අයටත් සමාදානය ලැබේවා!දෙවිගේ උපකාරය ඔබට තිබෙන බව නම් ස්ථිරයි.”+එහෙයින් දාවිත් ඔවුන්ව පිළිගෙන තම හමුදා බළඇණිවල ප්‍රධානීන් ලෙස ඔවුන්ව පත් කළේය.+ 19  මනස්සේ ගෝත්‍රයට අයත් සමහරෙක්ද දාවිත්ගේ පැත්ත ගත්තෝය. ඒ, පිලිස්තිවරුන්+ දාවිත් සමඟ සාවුල් රජුට විරුද්ධව සටන් කිරීමට පැමිණි කාලයේදීය. නමුත් පිලිස්තිවරුන්ගේ අධිපතීන්,+ “දාවිත් තම ස්වාමියා වන සාවුල්ගේ පැත්ත ගෙන අපව පාවා දෙයි”+ කියා පවසමින් දාවිත්ව පිටත් කර යැවූ නිසා දාවිත් එම සටනට සම්බන්ධ වුණේ නැත. 20  එහෙයින් ඔහු ෂික්ලග් නුවරට+ ආවේය. එහිදී ඔහුට එක් වූ මනස්සේ නම් ගෝත්‍රයට අයත් අය වන්නේ අද්නාහ්, යෝෂාබාද්, යෙදීයයෙල්, මිකායෙල්, යෝෂාබාද්, එලිහු සහ ෂිල්ලෙතයිය. ඔවුහු මනස්සේ නම් ගෝත්‍රයේ දහසකින් යුත් කණ්ඩායම්වල අධිපතීන්ය.+ 21  කොල්ලකරුවන්ව මර්දනය කිරීමට ඔවුහු දාවිත්ට උපකාර කළෝය.+ එඩිතර, බලසම්පන්න පුරුෂයන්+ වූ ඔවුන්ව පසුව හමුදාවේ ප්‍රධානීන් ලෙස පත් කරන ලදි. 22  දාවිත්ට සහයෝගය දැක්වීමට දවසින් දවස සෙනඟ එකතු වූ අතර+ ඔහුගේ සේනාව ගණනින් වැඩි විය.+ එය හරියට දෙවිගේ සේනාව මෙනි.+ 23  හෙබ්‍රොන්හි+ සිටි දාවිත්ට එකතු වූ සෙබළුන්ගේ සංඛ්‍යාව මතු දැක්වේ. යෙහෝවා දෙවි තීරණය කර තිබූ ලෙස+ සාවුල්ගේ රජකම+ දාවිත්ට ලබා දීම සඳහා ඔවුහු සියලුදෙනාම දාවිත්ට සහයෝගය දැක්වූහ. 24  හෙල්ල සහ විශාල පලිස් අතැතිව යුද්ධයට සූදානම්ව සිටි යූදා ගෝත්‍රයෙන් පැමිණි අයගේ සංඛ්‍යාව හයදහස් අටසියයකි. 25  සිමියොන් ගෝත්‍රයෙන් පැමිණි එඩිතර, බලසම්පන්න පුරුෂයන්ගේ ගණන හත්දහස් එකසියයකි. 26  ලෙවී ගෝත්‍රයෙන් පැමිණි සංඛ්‍යාව හාරදහස් හයසියයකි. 27  ආරොන්ගෙන් පැවතෙන අයගේ+ ප්‍රධානියා+ ලෙස කටයුතු කළේ යෙහෝයාදාය. ඔහු සමඟ තවත් තුන්දහස් හත්සියයක්ද දාවිත්ට එකතු වූහ. 28  ඔවුන් සමඟ තරුණ, එඩිතර, බලසම්පන්න පුරුෂයෙක් වූ සාදොක්ද+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ පෙළපතින් පැමිණි තවත් ප්‍රධානීහු විසිදෙදෙනෙක්ද සිටියෝය. 29  සාවුල් රජුගේ+ ඥාතීන් වූ බෙන්ජමින් ගෝත්‍රයට+ අයත් අයගෙන් තුන්දහසක් දාවිත්ට එකතු වූහ. කලින් ඔවුන්ගෙන් වැඩි පිරිසක් සාවුල්ට හා ඔහුගේ පවුලේ අයට පක්ෂව සිටියෝය. 30  එෆ්‍රායිම් ගෝත්‍රයෙන් පැමිණි සංඛ්‍යාව විසිදහස් අටසියයකි. ඔවුහු ඔවුන්ගේ පෙළපතින් පැමිණි කීර්තිමත්, එඩිතර, බලසම්පන්න පුරුෂයෝය.+ 31  මනස්සේ නම් ගෝත්‍රයේ එක් කොටසකින්+ පැමිණි අයගේ සංඛ්‍යාව දහඅටදහසකි. දාවිත්ව රජු ලෙස පත් කිරීම සඳහා විශේෂයෙන්ම ඔවුන්ව තෝරාගන්නා ලදි. 32  ඉසකාර් ගෝත්‍රයෙන්+ ප්‍රධානීන් දෙසියයක්ද දාවිත්ට එකතු වූහ. ඔවුන්ට තැනට සුදුසු ලෙස ක්‍රියා කිරීමේ හැකියාව තිබිණ.+ එහෙයින් කළ යුතු දේ ගැන ඊශ්‍රායෙල්වරුන්ට දැනමුතුකම් දීම+ ඔවුන්ගේ වගකීම විය. එම ගෝත්‍රයට අයත් අන් සියලුදෙනා ඔවුන්ගේ අණ පරිදි ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටියෝය. 33  සෙබ්‍යූලන් ගෝත්‍රයෙන්+ දාවිත්ට එකතු වූ සංඛ්‍යාව පනස්දහසකි. යුධ බළඇණියක් ලෙස පැමිණි ඔවුහු සියලුම යුධ අවිවලින් සන්නද්ධව සිටියෝය. ඔවුන් සියලුදෙනාගේ අධිෂ්ඨානය වූයේ විශ්වාසවන්තව* සිට දාවිත්ට සහයෝගය දැක්වීමයි. 34  නෆ්තලී ගෝත්‍රයෙන්+ ප්‍රධානියෝ දහසක්ද දාවිත්ට එකතු වූහ. ඔවුන් සමඟ හෙල්ල හා විශාල පලිස් අතැති තිස්හත්දහස්දෙනෙක්ද සිටියෝය. 35  දාන් ගෝත්‍රයෙන් සටනට සූදානම්ව පැමිණි සංඛ්‍යාව විසිඅටදහස් හයසියයකි. 36  ආෂෙර් ගෝත්‍රයෙන්ද+ හතළිස්දහසක් සටනට සූදානම්ව පැමිණියෝය. 37  යොර්දාන් ගඟෙන් එගොඩ+ සිටි රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද මනස්සේ නම් ගෝත්‍රයේ අනික් කොටසින්ද පැමිණි අයගේ මුළු සංඛ්‍යාව එක්ලක්ෂ විසිදහසකි. ඔවුහු සියලුම යුධ අවිවලින් සන්නද්ධව සිටියෝය. 38  යුද්ධයට දක්ෂ ඔවුන් සියලුදෙනාගේම එකම අධිෂ්ඨානය වූයේ+ දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු කරවීමයි.+ ඒ සඳහා ඔවුහු සියලුදෙනාම හෙබ්‍රොන් නුවරට පැමිණියෝය. 39  එහි අවට ජීවත් වූ ඔවුන්ගේ සෙසු සහෝදරයන් ඔවුන් සඳහා කෑම බීම+ සූදානම් කර තිබූ නිසා ඔවුහු දාවිත් සමඟ කමින් බොමින් දවස් තුනක් එහි ගත කළෝය. 40  අවට ගෝත්‍රවල අයද ඈත ප්‍රදේශවල ජීවත් වූ ඉසකාර්,+ සෙබ්‍යූලන්+ සහ නෆ්තලී+ යන ගෝත්‍රවල අයද ඔටුවන්, බූරුවන්,+ කොටළුවන් සහ ගවයන් පිට ආහාර පාන තබාගෙන ඔවුන් වෙතට ගෙනාවෝය. එම ආහාර පානවලට පිටිවලින් සෑදූ ආහාර,+ වියළි අත්තික්කා කුට්ටි,*+ වියළි මිදි කුට්ටි,+ වයින්+ සහ තෙල්ද+ ඇතුළත් විය. ඔවුහු ආහාරයට ගැනීම සඳහා හරකුන්+ සහ බැටළුවන්+ විශාල ප්‍රමාණයක්ද ගෙනාවෝය. මන්ද ඒ වන විට ඊශ්‍රායෙල් දේශයේ සියලුදෙනාම මහත් ප්‍රීතියකින් සිටියෝය.+

පාදසටහන්

මූ.අ., “දෙසිතකින් නොසිට.”
පලතුරු වර්ගයක් වේළා, එකට තද කර සාදාගන්නා ලදි.