1 රාජාවලිය 17:1-24

17  ගිලියද් දේශයේ+ තිෂ්බේ නම් ගමෙහි වැසියෙකු වූ එලියා,+ ආහබ් රජුට මෙම අනාවැකිය කීවේය. “මා සේවය කරන ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි+ වන යෙහෝවාගේ නාමයෙන් මම කියන මේ දේ සත්‍යයක්.+ මා අණ දුන්නොත් මිස+ ඊළඟ අවුරුදු කිහිපය තුළ වැසිවත් පිනිවත් ඇති වෙන්නේ නැහැ.”+  පසුව යෙහෝවා දෙවි එලියාට මෙසේ කීවේය.+  “මෙතැනින් පිට වී නැඟෙනහිර දිශාවට ගොස් යොර්දාන් ගඟෙන් නැඟෙනහිර දිසාවේ තිබෙන කේරිත් නම් ඔය ළඟ සැඟවෙන්න.+  ඔබට ඔයෙන් වතුර බීමට හැකියි.+ ඔබට අවශ්‍ය කෑම ගෙනැවිත් දෙන්න+ මම කපුටන්ට+ අණ කරන්නෙමි.”  ඔහු ඒ මොහොතේම යෙහෝවා දෙවිගේ අණට කීකරු වී+ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි කේරිත් ඔය ළඟට ගොස් එහි ජීවත් වූයේය.  එතැනදී කපුටෝ ඔහුට උදේ හවස රොටි සහ මස් ගෙනාවෝය. ඔහු ඔයෙන් වතුර බීවේය.+  නමුත් ටික කලකට පසු නියඟය නිසා ඔය සිඳී ගියේය.+  එවිට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය.+  “දැන් මෙතැනින් පිටත් වී සීදොන්වරුන්ට අයිති සාරෆෙත් නගරයට+ ගොස් එහි ජීවත් වෙන්න. එහි ජීවත් වන වැන්දඹුවක මාර්ගයෙන් මම ඔබට කෑම ලැබෙන්න සලස්වන්නෙමි.” 10  එවිට ඔහු සාරෆෙත් බලා පිටත් විය. ඔහු ඒ නගරයේ දොරටුව අසලට පැමිණි විට දර අහුලමින් සිටි ස්ත්‍රියක ඔහු දුටුවේය. වැන්දඹුවක වූ ඇගෙන්, “මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද”+ කියා ඔහු ඇසුවේය. 11  ඇය වතුර ගෙනෙන්න යන අතරේදී ඔහු ඇයට නැවතත් කතා කර, “මට කන්න රොටි කෑල්ලකුත් දෙන්න පුළුවන්ද”+ කියා ඇසුවේය. 12  එවිට ඇය මෙසේ කීවාය. “මා ඔබේ ජීවමාන දෙවි වන යෙහෝවාගේ+ නමින් දිවුරා කියන මේ දේ ඇත්තක්. ඔබට දෙන්න මා ළඟ රොටි+ නැහැ. පිටි ටිකකුත්,*+ තෙල් ටිකකුත්+ විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. මම මේ දර අහුලන්නේ පුතාටයි මටයි කෑම ටිකක් හදාගන්නයි. අපිට තියෙන්නෙත් එච්චරයි. ඒක ඉවර වුණාට පස්සේ අපි දෙන්නටත් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ.”+ 13  නමුත් එලියා ඇයට මෙසේ කීවේය. “කිසි දෙයකට භය වෙන්න එපා.+ ඔබ දැන් කරන්න ගිය දේ කරන්න. නමුත් මුලින්ම මට කන්න පොඩි රොටියක් හදාගෙන එන්න.+ ඊටපස්සේ ඔබටත් ඔබේ පුතාටත් මොනවා හරි හදාගන්න පුළුවන් වෙයි. 14  ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි නැවත වැසි වස්සවන තෙක් ඔබ ළඟ තිබෙන පිටිවත් තෙල්වත් ඉවර වෙන්නේ නැහැ.’”+ 15  එබැවින් ඇය ගොස් එලියා කී ලෙස කළාය. ඇයටත් ඇගේ පවුලේ අයටත් එලියාටත් සෑහෙන කාලයකට ප්‍රමාණවත් ආහාර තිබිණ.+ 16  එලියා මාර්ගයෙන් යෙහෝවා දෙවි කී ලෙස ඇය ළඟ තිබූ පිටිවත් තෙල්වත් ඉවර වුණේ නැත.+ 17  කලක් ගත වූ පසු එම ස්ත්‍රියගේ පුත්‍රයාට බරපතළ රෝගයක් වැලඳී ඔහු මිය ගියේය.+ 18  එවිට ඇය එලියාට මෙසේ කීවාය. “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබ, ඇයි මට මේ වගේ දෙයක් කළේ?+ ඔබ මා ළඟට ආවේ මගේ පුතාව මරලා, මගේ පව්වලට මට දඬුවම් කරන්නද?”+ 19  ඔහුද, “ඔබේ පුතාව මට දෙන්න” යයි ඇයට කීවේය. ඉන්පසු ඇගේ තුරුලේ සිටි දරුවාව ඔහු රැගෙන තමා නැවතී සිටි උඩුමහල් කාමරයට+ ගෙන ගොස් එහි ඇඳ මත තැබුවේය.+ 20  ඉන්පසු ඔහු හඬ නඟා යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “අනේ මගේ දෙවි යෙහෝවා,+ මට නවාතැන් දුන් මේ ස්ත්‍රියගේ පුතාට මැරෙන්න ඉඩහැරියේ ඇයි? පුතා නැති වුණ නිසා දැන් ඇයටත් දුක් විඳින්න සිදු වෙනවා.” 21  එසේ කියා ඔහු දරුවාව තුන් වතාවක් වැලඳගෙන,+ හඬ නඟා යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළේය. “අනේ මගේ දෙවි යෙහෝවා, මේ දරුවාට නැවත පණ+ දෙන්න.” 22  ටික වේලාවකින් පසුව යෙහෝවා දෙවි එලියාගේ ඉල්ලීමට එකඟව+ දරුවාව නැවත ජීවත් කෙරෙව්වේය.+ 23  එලියා දරුවාව වඩාගෙන උඩුමහල් කාමරයේ සිට පහළට ගෙනැවිත්, “මේ බලන්න, මිය ගිය ඔබේ දරුවා දැන් ජීවත් වෙනවා”+ යයි පවසමින් මවට දරුවාව භාර දුන්නේය. 24  දරුවාව දුටු ස්ත්‍රිය, “ඔබ ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක්!+ යෙහෝවා දෙවි ඔබ මාර්ගයෙන් කතා කරන දේ සත්‍යයක් කියා දැන් මට හොඳටම විශ්වාසයි”+ කියා එලියාට කීවාය.

පාදසටහන්

මූ.අ., “අහුරක්.”