1 තිමෝති 4:1-16

4  අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය.  එවැනි දෙයක් සිදු වන්නේ කුහක මිනිසුන් පතුරුවන බොරු මාර්ගයෙනි.+ ඒ කුහක මිනිසුන්ගේ හෘදය සාක්ෂිය+ කොතරම් දැඩි වී ඇද්ද කිවහොත් එය යකඩයකින් හංවඩු ගසනු ලැබූ සමක් හා සමානය. ඔවුන්ට කිසි හැඟීමක් දැනීමක් නැත.  ඔවුහු විවාහය තහනම් කරති.+ දෙවි ආහාර ලෙස සැපයූ දේවල්+ ආහාරයට නොගන්න කියාද අණ කරති.+ දෙවි ඒවා ලබා දුන්නේ විශ්වාසයක් ඇති,+ සත්‍ය ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් ඇති අයට ආහාර ලෙසය. ස්තුති යාච්ඤාවක් ඉදිරිපත් කළ පසු ඒවා ආහාරයට ගැනීමට ඔවුන්ට පුළුවන.  මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+  මන්ද දෙවි එය පවිත්‍රයි කියා පවසා ඇති නිසාත් කෑමට පෙර ඒ වෙනුවෙන් යාච්ඤාවක් ඉදිරිපත් කර ඇති නිසාත් ඒ දේ පවිත්‍රය.  ඒ අවවාද සහෝදරයන්ට ලබා දීමෙන් ඔබ ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙකු වනු ඇත. එලෙසම ඔබ සත්‍ය පණිවිඩයෙන්ද ඔබ කිට්ටුවෙන් අනුගමනය කර ඇති+ යහපත් ඉගැන්වීම්වලින්ද+ හොඳින් පෝෂණය වූ කෙනෙකු වනු ඇත.  නමුත් ශුද්ධ දේවලට පටහැනි, මහලු ස්ත්‍රීන් පතුරුවන බොරු කතා+ ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවට දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය වැඩි කරගැනීමේ අරමුණින් පුහුණු වන්න.*+  ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණත් ඔහුට එයින් ලැබෙන ප්‍රයෝජන අල්පය. නමුත් දෙවි සඳහා භක්තිය ඇති කරගන්නා කෙනෙක්+ සෑම අතින්ම ප්‍රයෝජන ලබයි.+ එමගින් ඔහුට දැන් භුක්ති විඳින ජීවිතයේදීත් අනාගත ජීවිතයේදීත් බොහෝ ආශීර්වාද ලබාගැනීමට මඟ විවෘත වෙයි.+  එය විශ්වාසවන්ත මෙන්ම සම්පූර්ණයෙන්ම පිළිගත යුතු වූ කාරණයකි.+ 10  අප බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් වීර්යය කරන්නේ ඒ සඳහාය.+ මන්ද සියලු ආකාරයේ මිනිසුන්ට+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට+ ගැලවීම සලසා දෙන+ ජීවමාන දෙවි කෙනෙකු කෙරෙහි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.+ 11  මේ සියලු ආඥා,+ උපදෙස් සහ මඟ පෙන්වීම් දිගටම ලබා දෙන්න.+ 12  ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න.+ ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද+ දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට+ ආදර්ශයක් වන්න.+ 13  මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ+ කියවීම+ ගැනද උපදෙස් මඟ පෙන්වීම් ලබා දීම ගැනද ඔබ උගන්වන ආකාරය ගැනද නිරතුරුවම සැලකිලිමත් වන්න. 14  ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න. 15  ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න.+ ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම+ සියලුදෙනාටම දැකගත හැකි වෙයි. 16  ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත්+ නිරතුරුවම සැලකිලිමත් වන්න.+ ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.+

පාදසටහන්

මූ.අ., “පුහුණු වීම් කටයුතුවල නියැලෙන්න.”