1 තිමෝති 1:1-20

1  මෙම ලිපිය ලියන්නේ අපට ගැලවීම සලසා දෙන+ දෙවිගේද+ අපට බලාපොරොත්තුවක් ලබා දෙන+ ක්‍රිස්තුස් යේසුස්ගේද අණ යටතේ ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙකු*+ ලෙස සේවය කරන පාවුල්ය.  මෙය ලියන්නේ සත්‍ය ඉගැන්වීම්වලට අවංක ළැදියාවක් ඇති දරුවෙකු+ වන ආදරණීය තිමෝතිටය.+ ඔබට පියාණන් වන දෙවිගෙන්ද අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ගෙන්ද මහත් කරුණාවත් දයාවත් සමාදානයත් ලැබේවා!+  මා මැසිඩෝනියාව බලා යෑමට+ සූදානම්ව සිටියදී ඔබට එෆීසයෙහි නැවතී සිටීමට උනන්දු කළ බව ඔබට මතක ඇති. මා දැනුත් ඔබට උනන්දු කරන්නේ එහි නැවතී සත්‍ය ඉගැන්වීම්වලට වඩා වෙනස් ඉගැන්වීම්+ පතුරුවන සමහරුන්ට එසේ නොකරන ලෙසට අවවාද කරන්න+ කියාය.  එලෙසම නිෂ්ඵල වූ+ අසත්‍ය කථාවලටත්+ පෙළපත් ගැන සොයා බැලීමටත් තම කාලය යොමු නොකරන්න කියාත් ඔවුන්ට අවවාද කරන්න. එවැනි දේවලින් කාලය කා දමන ප්‍රශ්න ඉස්මතු වේ. එලෙසම කෙනෙකුගේ විශ්වාසය ශක්තිමත් කිරීමට අවශ්‍ය දෙවිගෙන් වූ කිසිවක් එමගින් ලැබෙන්නේ නැත.  මා එවැනි නියෝගයක් පනවන්නේ අප පෙන්වන ප්‍රේමය+ පවිත්‍ර හදවතකින්ද+ දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද+ කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද+ පෙන්විය යුතු නිසාය.  සමහරු ඒ දේවල් අත්හැර ගොස් කිසි තේරුමක් නැති දේවල්+ ගැන සාකච්ඡා කිරීමට යොමු වී සිටිති.+  ඔවුන් නීතිය+ උගන්වන්නන්+ වීමට කැමති වුවත් තමන් පවසන දේවල් ගැන හෝ තමන් තරයේ ඉදිරිපත් කරන මතයන් ගැන හෝ ඔවුන්ට කිසි වැටහීමක් නැත.  යමෙකු නීතිය නිසි ලෙස යොදාගන්නවා නම්+ ඉන් යහපතක් සිදු වන බව අපි දනිමු.+  නමුත් මේ දේ මතක තබාගත යුතුයි. එනම් නීතිය දෙනු ලැබුවේ ධර්මිෂ්ඨ මිනිසුන් උදෙසා නොවේ. එය තිබෙන්නේ නීතිය නොතකන,+ නොහික්මුණු+ තැනැත්තන්ටය. දෙවිට කිසි ගෞරවයක් නොදක්වන, පව්කාර, ද්‍රෝහීන්ටය.*+ ශුද්ධ දේ සුළු කර සලකන අයටය. තම පියා හෝ මව හෝ වෙනත් අයව හෝ මරා දමන මිනී මරුවන්ටය. 10  වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+ 11  නමුත් ඔවුන් විරුද්ධ වී සිටින එම ඉගැන්වීම් ප්‍රීතිමත්+ දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචියට එකඟය. ඒ ශුභාරංචිය මටද භාර දී ඇත.+ 12  මට බලය දුන් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ට මම ස්තුතිවන්ත වෙමි. මා එසේ කරන්නේ මට මෙම දේවසේවය පැවරීමෙන්+ ඔහු මා විශ්වාසවන්ත කෙනෙකු ලෙස සැලකූ+ නිසාය. 13  කලින් මා දෙවිට අපහාස කළ කෙනෙකි. මා මිනිසුන්ට පීඩා කළ,+ කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙකි.+ මා ඒ සියල්ල කළේ නොදැනුවත්කමින්ය.+ මට කිසි විශ්වාසයක් තිබුණේ නැත. ඒ නිසා මට දයාව පෙන්වන ලදි.+ 14  මට ස්වාමීන්ගේ මහත් කරුණාව නොඅඩුව ලැබුණු අතර+ එමගින් මට ක්‍රිස්තුස් යේසුස්ට බැඳී පවතින විශ්වාසයක්ද ප්‍රේමයක්ද ලැබිණ.+ 15  ක්‍රිස්තුස් යේසුස් මෙලොවට පැමිණියේ පව්කාරයන්ව ගලවාගැනීමටය.+ එය විශ්වාස කළ යුතු සම්පූර්ණයෙන්ම පිළිගත හැකි සත්‍යයකි.+ ඒ පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා මමය.+ 16  නමුත් මට දයාව පෙන්වනු ලැබුවේ+ සදාකාල ජීවනය සඳහා+ ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබන අය වෙනුවෙන් ආදර්ශයක් වීමටය.+ එමගින් ඔහු ප්‍රධානතම පව්කාරයා වූ මා මාර්ගයෙන් තමන් කොතරම් ඉවසිලිවන්තව කටයුතු කරනවාද යන්න පෙන්නුම් කළේය. 17  සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.* 18  මගේ පුත් තිමෝති, මේ උපදෙස් සහ මඟ පෙන්වීම්+ මා භාර දෙන්නේ ඔබටය. එසේ කරන්නේ මීට පෙර දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කෙළින්ම ඔබ ගැන පැවසූ අනාවැකිවලට එකඟවය.+ එලෙස පැවසූ දේවල් යහපත උදෙසා ඔබ කරන යුද්ධයේදී ඔබට සාර්ථකව සටන් කිරීමට උපකාරයක් වනු ඇත.+ 19  එමෙන්ම ඔබ ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයද දෙවි ඉදිරියේ ඔබට තිබෙන නිදොස් හෘදය සාක්ෂියද රැකගන්න.+ සමහරුන් එය රැකගැනීමට කිසි උත්සාහයක් ගන්නේ නැත.+ ඒ නිසා නැවක් මුහුදුබත් වන්නා සේම ඔවුන් තුළ තිබෙන විශ්වාසයද විනාශ වී ගොස් ඇත.+ 20  එවැනි අය අතර හිමනේයස්+ සහ ඇලෙක්සැන්ඩර්+ සිටිති. මා ඔවුන්ව සාතන්ට භාර දී ඇත.+ එසේ කළේ ඔවුන්ට හික්මවීමක් ලබා දීමටය. සමහරවිට මින්පසු දෙවිට අපහාස නොකිරීමටත් ඔවුන් ඉගෙනගනු ඇත.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවෙකු.”
මූ.අ., “කෙනෙකුට කිසි අව්‍යාජ ප්‍රේමයක් නොදක්වන.”
එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.
එනම්, එසේම වේවා!