1 කොරින්ති 8:1-13

8  මා දැන් දේවතා රූපවලට පුදන ආහාර ගැන+ යමක් පැවසීමට කැමතිය. ඇත්තටම මේ කාරණය සම්බන්ධයෙන් අප සියලුදෙනාටම දැනුම තිබේ.+ නමුත් දැනුම නිසා කෙනෙකු තුළ ඇති වන්නේ අහංකාරය පමණි. ඇත්තෙන්ම අන් අයව ගොඩනංවන්නේ දැනුම නොව කෙනෙකු තුළ තිබෙන ප්‍රේමයයි.+  තමාට යම් දෙයක් ගැන දැනුමක් තිබෙනවා කියා කෙනෙකු සිතූ පමණින්+ ඔහුට ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් තිබෙනවා කියා පැවසිය නොහැක.+  නමුත් යමෙක් දෙවිට ප්‍රේම කරන විට+ දෙවි එවැනි කෙනෙකුව පිළිගනියි.+  එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.  බොහෝ “දෙවිවරු”+ සිටිති. එසේම ස්වර්ගයෙහි+ හෝ පොළොවෙහි+ හෝ සිටින සමහරුන්ව “දෙවිවරුන්” සහ “ස්වාමිවරුන්”+ ලෙස සලකනු ලැබේ.  නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්‍රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය.  නමුත් අප ලබා ඇති ඒ දැනුම සියලුදෙනාටම නැත.+ එහෙයින් ආහාර ගන්නා විට සමහරුන් පුරුදු වී සිටින්නේ එම ආහාර දේවතා රූපවලට පිදූ ආහාරවලට යම් සම්බන්ධයක් ඇති බව සිතීමටය.+ ඒ දේ සිදු වන්නේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය නිසි ලෙස පුහුණු කර නැති නිසාය. ඒ අනුව ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට දොස් නඟන බව කිව හැක.+  අප යම් ආහාරයක් ගත්තත් නැතත් එය දෙවිගේ අනුමැතිය ලබාගැනීමට බලපාන්නේ නැති බව+ මෙහිදී අප මතක තබාගත යුතුයි. අප යම් දෙයක් නොකා සිටියා කියා අපට කිසි පාඩුවක් වන්නේවත් යම් දෙයක් කෑ පමණින් අපට යම් වාසියක් ලැබෙන්නේවත් නැත.+  ඔබට ඒ සම්බන්ධයෙන් නිදහස තිබුණත් එම නිදහස අයුතු ලෙස පාවිච්චි නොකිරීමට වගබලා ගන්න. මන්ද ඔබ කරන දේ නිසා සත්‍ය ඉගැන්වීම් ගැන එතරම් පුළුල් අවබෝධයක් නැති කෙනෙකු ඔහුගේ ස්ථාවරයෙන් වැටී යෑමට පුළුවන.+ 10  එවැනි කෙනෙක් ඔබ දේවාලයක් අසල ඉඳගෙන ආහාර ගන්නා ආකාරය දුටුවායයි සිතමු. එතැන ඉඳගෙන ආහාර ගැනීමේ වරදක් නොමැති බව දන්නා නිසා ඔබ එසේ කරනවා විය හැක. ඔබ එසේ කරන නිසා හෘදය සාක්ෂිය පවසන දේ නොසලකා දේවතා රූපවලට පිදූ ආහාර පවා කෑමට ගන්න ඔහු තුළ පෙලඹීමක් ඇති විය හැක.+ 11  එලෙස ඔබට තිබෙන දැනුම නිසා දුර්වලව සිටින ඔබේ සහෝදරයාගේ විශ්වාසය විනාශ වී යයි. ඔහු වෙනුවෙනුත් ක්‍රිස්තුස් මිය ගිය බව මතක තබාගන්න.+ 12  ඔබ ඔබේ සහෝදරයන්ට විරුද්ධව එලෙස වැරදි කරන විට පුළුල්ව නොසිතන ඔවුන් පෙලඹෙන්නේ ඔවුන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කිරීමටය.+ එවිට ඇත්තටම ඔබ වරදක් කරන්නේ ක්‍රිස්තුස්ට විරුද්ධවය. 13  ඒ අනුව මා ගන්නා යම් ආහාරයක් නිසා මගේ සහෝදරයාට හානියක් සිදු වෙයි නම්+ මම ඒ දේ නොකරන්නෙමි. මගේ සහෝදරයාට හානියක් සිදු වෙනවා දකින්න මා අකමැති නිසා නැවත කිසිදා මම මස් නොකන්නෙමි.+

පාදසටහන්