හොෂෙයා 8:1-14

8  “‘හොරණෑව පිඹින්න සූදානම් වෙන්න!+ සතුරෝ රාජාලියෙකු මෙන්+ යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට හදිසියෙන් කඩාවදින්නෝය. මන්ද මාගේ සෙනඟ මාගේ ගිවිසුමද+ නීතියද කඩ කර තිබේ.+  නමුත් ඊශ්‍රායෙල් සෙනඟ, “අපේ දෙවියනි, අපි ඔබව හඳුනාගෙන සිටින්නෙමු” කියා මට කියන්නෝය.+  “‘ඊශ්‍රායෙල් සෙනඟ යහපත් දේ ප්‍රතික්ෂේප කර ඇත.+ එබැවින් සතුරෝ ඔවුන්ව ලුහුබැඳ එත්වා!+  ඔවුහු මාගේ සැලැස්ම ප්‍රතික්ෂේප කරමින් හිතුමනාපෙට රජවරුන්ව පත් කරගෙන ඇත.+ තමන්ගේ කැමැත්තට අනුව පාලකයන්ව පත් කරගෙන ඇත. නමුත් ඔවුහු ඒ ගැන මාගෙන් විමසුවේ නැත. ඔවුහු තමන්ගේ රන් රිදීවලින් දේවතා රූප සාදාගත්තෝය.+ එබැවින් ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.+  සමාරියේ ජනයෙනි, ඔබ සාදාගත් වස්සාව මට පිළිකුලකි.+ මාගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොපමණ කලක් ගත වෙයිද?+  සමාරිවරුන්ගේ වස්සා සුනුවිසුනු වී යයි.+ මන්ද එය ඊශ්‍රායෙල් සෙනඟ විසින් නිර්මාණය කරන ලද්දකි.+ එය රන්කරුවෙකු විසින් සාදන ලද රූපයක් පමණි.+ එසේනම්, එයට සැබෑ දෙවි කියා පවසන්නේ කෙසේද?  “‘ඔවුහු සුළඟ වපුරා සුළිසුළඟ කපාගනිති.+ ඔවුන්ගේ කෙත්වල කරල් හටගන්නේ නැත.+ කෙත්වල පැළ හටගත්තත් ඒවායින් පිටි ලබාගත නොහැක.+ පිටි ලැබුණත් විදේශිකයෝ ඇවිත් ඒ සියල්ල කා දමති.+  “‘ඊශ්‍රායෙල් සෙනඟ සතුරාගේ අතට හසු වෙති.+ ඔවුන්ව වෙනත් ජාතිකයන් අතරට යවනු ලබයි.+ අහක දමන භාජනයක් මෙන් ඔවුහු කිසි වැදගැම්මකට නැති සෙනඟක් බවට පත් වන්නෝය.+  නොහික්මුණු සීබ්‍රාවෙකු මෙන් ක්‍රියා කරන ඔවුහු+ ඇසිරියාවට ගොස් ඇත.+ එෆ්‍රායිම්වරු ගණිකාවන්ව කුලියට ගෙන ඇත.+ 10  ඔවුන් එම ගණිකාවන්ව කුලියට ගත්තේ වෙනත් ජාතිකයන් අතරින්ය.+ එහෙත් මම දැන් ඔවුන්ව එක් රැස් කරන්නෙමි. එවිට ඊශ්‍රායෙල් සෙනඟ කෙටි කලකට ඔවුන්ගේ රජු නිසාද පාලකයන් නිසාද පීඩා විඳින්නෝය.+ 11  “‘එෆ්‍රායිම්, බොහෝ පූජාසන සාදාගනිමින් තව තවත් පව් කළේය.+ එම පූජාසන නිසා ඔවුහු තව තවත් පාපයට ඇද වැටුණෝය.+ 12  මගේ නීතියේ සඳහන් බොහෝ දේවල් මා ඔවුන්ට ලියා දුන්නද+ ඔවුහු ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත.+ 13  ඔවුහු තෑගි වශයෙන් මට පූජා ඔප්පු කර+ ඒවායින් කන්නෝය. නමුත් යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ පූජා පිළිකුල් කරන්නෙමි.+ දැන් මම ඔවුන්ගේ පාප සිහි කරමින් ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ ඔවුහු නැවතත් ඊජිප්තුවට ගියෝය.+ 14  ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ සැදුම්කරුව අමතක කර+ දේවස්ථාන සාදාගත්තෝය.+ යූදා බලකොටු සහිත නුවරවල් බොහොමයක් තනාගත්තේය.+ එබැවින් මම ගින්නක් එවා ඒ නුවරවල තිබෙන සියලු මාලිගා විනාශ කර දමන්නෙමි.’”+

පාදසටහන්