හොෂෙයා 3:1-5

3  යෙහෝවා දෙවි තවදුරටත් මට මෙසේ කීවේය. “ඔබ දැන් නැවත ගොස්, අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකට ආදරය කරන්න.+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින්+ ඒ දෙවිවරුන්ට වියළි මිදි කුට්ටි ඔප්පු කිරීමට ආශා කරන+ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි වන මා ප්‍රේම කරන්නාක් මෙන්+ ඔබත් අන් පුරුෂයෙකුගෙන් ආදරය ලබන ඒ ස්ත්‍රියට ප්‍රේම කරන්න.”  මම රිදී ෂෙකෙල් පහළවක්ද බාර්ලි හෝමර* එකහමාරක්ද දී ඇයව මිල දී ගත්තෙමි.+  ඉන්පසු මම ඇයට මෙසේ කීවෙමි. “ටික කාලයක් මා සමඟ සිටින්න.+ ඔබ වේශ්‍යාකම් නොකළ යුතුයි.+ වෙනත් පුරුෂයෙකු සමඟ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි.+ මමද ඔබ සමඟ සම්බන්ධකම් නොපවත්වන්නෙමි.”  මන්ද ඊශ්‍රායෙල්වරු බොහෝ කාලයක් පුරා රජෙකු හෝ පාලකයෙකු හෝ නොමැතිව සිටිනු ඇත.+ ඒ කාලයේදී කිසිම පූජාවක් ඔප්පු කරන්නේවත්+ නමස්කාරය සඳහා කණු ඉදි කරන්නේවත් නැත. ඒෆොද් හැට්ටයක්+ හෝ ටෙරෆිම් රූපයක්+ හෝ නොතිබෙනු ඇත.  පසුව ඊශ්‍රායෙල්වරු නැවත හැරී ඇවිත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවා+ සහ ඔවුන්ගේ රජු වන දාවිත්ව සොයන්නෝය.+ අවසාන කාලයේදී+ යෙහෝවා දෙවි වෙත වෙවුලමින් පැමිණෙන ඔවුහු දෙවිගේ යහපත්කම අද්දකින්නෝය.+

පාදසටහන්

හෝමරයක් යනු ලීටර් 220කි.