හොෂෙයා 14:1-9

14  “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න.+ ඔබට මෙවන් විපතක් සිදු වුණේ ඔබේම වැරදි නිසයි.+  යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා නැවත ඔහු වෙතට හැරී එන්න.+ ජනයෙනි, ඔහුගෙන් මෙසේ අයැදින්න. ‘අප කළ වැරදිවලට සමාව දෙන්න.+ අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්‍රශංසාව* පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.+  අපව බේරාගන්න ඇසිරියාවට නොහැකිය.+ අපි අශ්වයන් පිට නැඟ යන්නේ නැත.+ මින් ඉදිරියට අපේ දෑතින් නිම කළ රූපවලට, “මේ අපේ දෙවිය” කියා අපි නොකියන්නෙමු. මන්ද පියා නැති දරුවාට කරුණාව පෙන්වන්නේ ඔබ පමණයි.’+  “‘ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම් කළත් මම ඔවුන්ව සුව කරන්නෙමි.+ ඔවුන්ට විරුද්ධව ඇවිළුණු මගේ උදහස දැන් පහව ගොස් ඇති නිසා+ මම මගේ හදවතින්ම* ඔවුන්ට ප්‍රේම කරමි.+  මම ඊශ්‍රායෙල්වරුන්ට පිනි බිඳු මෙන් වන්නෙමි.+ එවිට ඔවුහු ලිලී මල් මෙන් පිපී, ලෙබනොන්හි ගස් මෙන් හොඳින් මුල් ඇද සරුසාරව වැඩෙන්නෝය.  ඔවුහු අතු ඉති විහිදුවමින් තේජවත් ඔලීව ගසක් මෙන් වැඩෙන්නෝය.+ ලෙබනොන්හි ගස්වලින් නික්මෙන සුවඳ ඔවුන්ගෙන්ද නික්ම එනු ඇත.’  ඔවුහු යළි දෙවිගේ සෙවණෙහි සිසිලස ලබනු ඇත.+ ඔවුහු ධාන්‍ය වගා කරන්නෝය. මිදිවැලක් මෙන් දලු ලා වැඩෙන්නෝය.+ ලෙබනොන්හි වයින් ගැන බොහෝදෙනා ඉමහත් ආශාවෙන් කතා කරන්නාක් මෙන් ඔවුහුද තමන්ගේ දෙවි ගැන මහත් ආශාවෙන් කතා කරන්නෝය.  “එෆ්‍රායිම් මෙසේ කියනු ඇත. ‘මේ බොරු දෙවිවරුන්ගේ රූපවලින් මට දැන් කිසි වැඩක් නැත.’+ “‘මම ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. මම ඔවුන්ට රැකවරණයද දෙන්නෙමි.+ මා සරුසාරව වැඩෙන ජුනිපර් ගසක් මෙනි.+ මා හටගන්වන පලවලින් ඔබ පෝෂණය ලබනු ඇත.’”  මේ දේවල් තේරුම්ගත හැකි ප්‍රඥාවන්තයෙක් සිටීද?+ මේ දේවල් දන්නා නැණවතෙක් සිටීද?+ යෙහෝවා දෙවිගේ සියලු ක්‍රියා යහපත්ය.+ ඒ මඟෙහි ගමන් කරන්නේ ධර්මිෂ්ඨයෝය.+ නමුත් අධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙන් ඉවතට ගොස් විනාශ වී යන්නෝය.+

පාදසටහන්

මූ.අ., “මුවින් වස්සන්.”
හෝ, “කිසිවෙකුගේ බල කිරීමකින් තොරව.”