හොෂෙයා 11:1-12

11  “ඊශ්‍රායෙල් දරුවෙකුව සිටි කාලයේ පටන් මම ඔහුට ප්‍රේම කළෙමි.+ ඊජිප්තුවෙන් මාගේ පුත්‍රයාව මම කැඳවාගතිමි.+  “ඊශ්‍රායෙල් සෙනඟට හඬගසන්න හඬගසන්න+ ඔවුහු තව තවත් ඈත්ව ගියෝය.+ ඔවුහු බාල් රූපවලට පූජා ඔප්පු කරන්නත්+ දේවතා රූපවලට සුවඳ දුම් ඔප්පු කරන්නත් පටන්ගත්තෝය.+  එහෙත් මම එෆ්‍රායිම්ට ඇවිදින්න ඉගැන්වූවෙමි.+ මම ඔවුන්ව දෑතින් අල්ලාගෙන ළයට තුරුල් කරගත්තෙමි.+ නමුත් ඔවුන්ට සුවය දුන්නේ මා බව ඔවුහු පිළිගත්තේ නැත.+  මම ඔවුන්ට කරුණාව හා ප්‍රේමය පෙන්වා* මා වෙතට ඇදගන්න උත්සාහ කළෙමි.+ ඔවුන් පිට තිබූ වියගහ මම ඉවත් කර+ ඉතා ආදරයෙන් ඔවුන්ට ආහාර ගෙනැවිත් දුන්නෙමි.+  ඔවුහු නැවත ඊජිප්තු දේශයට නොයනු ඇත. ඔවුන් නැවත මා වෙතට හැරී එන්න කැමති නොවූ නිසා+ ඇසිරියාවට යටත් වීමට ඔවුන්ට සිදු වනු ඇත.+  ඔවුන් යෙදූ උපායන් නිසා+ සතර දිශාවටම පහර දෙන කඩුවක් පැමිණෙනු ඇත. ඒ කඩුව ඔවුන්ගේ නගර සියල්ල විනාශ කර+ දොරටුවල අගුල් සුනුවිසුනු කර දමනු ඇත. ඔවුහුද ඒ කඩු පහරින් මැරුම් කනු ඇත.+  මගේ සෙනඟ මට ද්‍රෝහිකම් කරන්න පුලපුලා බලා සිටිති.+ නැවත මා වෙතට හැරෙන්න කියා ඔවුන්ට අවවාද කළද ඔවුහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වති.  “එෆ්‍රායිම්, මා ඔබව කෙසේ අත්හරින්නද?+ ඊශ්‍රායෙල්, මා ඔබව සතුරන් අතට කෙසේ භාර දෙන්නද?+ අද්මා නගරයටත්+ ෂෙබොයිම් නගරයටත් සිදු කළ දේ මා ඔබට කරන්නේ කෙසේද?+ මගේ අදහස මම වෙනස් කළෙමි.+ මගේ සිත උණු වූ නිසා මම ඔබට අනුකම්පා කරන්න පටන්ගත්තෙමි.  මා තුළ දැවෙන කෝපය මම පිට නොකරන්නෙමි.+ මම එෆ්‍රායිම්ව විනාශ කර දමන්නේ නැත.+ මහත් කෝපයකින් ඔබට විරුද්ධව පැමිණෙන්නේ නැත. මන්ද ඔබ අතරේ සිටින ශුද්ධ තැනැත්තා+ වන මා මනුෂ්‍යයෙකු නොව මහෝත්තම දෙවිය.+ 10  එවිට ඔවුහු යෙහෝවා දෙවි වන මා පසුපස ගමන් කරන්නෝය.+ මම සිංහයෙකු මෙන් ගර්ජනා කරන්නෙමි.+ එවිට පුත්‍රයෝ වෙවුලමින් බස්නාහිර දෙසින් පැමිණෙන්නෝය.+ 11  භයෙන් වෙවුලන කුරුල්ලෙකු මෙන් ඔවුහු ඊජිප්තුවෙන් පිටතට එන්නෝය.+ පරෙවියෙකු මෙන් ඇසිරියාවෙන් පිටතට එන්නෝය.+ එවිට මම ඔවුන්ට ඔවුන්ගේම නිවෙස්වල වාසය කිරීමට සලස්වන්නෙමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+ 12  “එෆ්‍රායිම් මට පවසන්නේ බොරුමය.+ මා බලන බලන සෑම තැනකම ඊශ්‍රායෙල් සෙනඟ කරන වංචාවන් මට පෙනේ. නමුත් යූදා සෙනඟ තවමත් මා සමඟ ගමන් කරන්නෝය.+ අතිශුද්ධ තැනැත්තා වන මා සමඟ ඔවුහු විශ්වාසවන්තව ක්‍රියා කරන්නෝය.”

පාදසටහන්

මූ.අ., “මනුෂ්‍යයන් භාවිත කරන රැහැන් හා ප්‍රේමයේ රැහැන්වලින්.” සමහරවිට මෙයින් අදහස් කළේ, දෙමාපියන් රැහැන් භාවිත කර තම දරුවාට ඇවිදින්න උදව් කිරීම විය හැකියි.