හොෂෙයා 10:1-15

10  “ඊශ්‍රායෙල් ක්‍රමක්‍රමයෙන් නිසරුභාවයට පත් වන මිදිවැලක් හා සමානය.+ ඔහු පල දරන්නේ තමා වෙනුවෙන් පමණි.+ ඔහුගේ පලදාව වැඩි වන තරමටම ඔහු පූජාසනද වැඩි කරගනියි.+ දේශයේ සශ්‍රිකත්වය වැඩි වන තරමටම ඔහු බොරු නමස්කාරය සඳහා අලංකාර කණුද ඉදි කරගනියි.+  ඔවුන්ගේ සිත් කුහකකමින් පිරී තිබේ.+ ඔවුන්ගේ වැරදි හෙළි කරනු ඇත. “දෙවි ඔවුන්ගේ පූජාසන කඩා දමා, බොරු නමස්කාරය සඳහා ඔවුන් ඉදි කළ කණු විනාශ කරන්නේය.+  එවිට ඔවුහු මෙසේ කියති. ‘අප යෙහෝවා දෙවිට ගරුබිය නොපෙන්වූ නිසා දැන් අපට රජෙක් නැත.+ අපට රජෙකු සිටියත් අප වෙනුවෙන් කිසිවක් කරන්න ඔහුට පුළුවන්ද?’  “ඔවුහු නිෂ්ඵල වචන පවසන්නෝය. බොරු පොරොන්දු දෙමින්+ ගිවිසුම් ඇති කරගන්නෝය.+ කුඹුරේ ලියැදිවල විෂ පැළෑටි වැඩෙන්නාක් මෙන් අයුක්තිය දසත පැතිර තිබේ.+  බෙත්-ආවෙන්හි වසු රූපය+ සතුරෝ පැහැරගන්නෝය.+ එයට කුමක් සිදු වේවිදැයි සිතමින් සමාරියේ වැසියෝ භය වන්නෝය. ඊට නමස්කාර කරමින් එහි තේජස ගැන මහත් ආඩම්බරයෙන් සිටි පූජකයන්ටත් ජනයාටත් ඒ ගැන හඬා වැලපෙන්න සිදු වනු ඇත.  ඒ රූපය ඇසිරියාවේ මහ රජුට+ තෑගි කරනු ලැබේ. එවිට එෆ්‍රායිම් ලැජ්ජාවට පත් වෙයි.+ ඊශ්‍රායෙල් තමන් යෙදූ උපායන් ගැන ලැජ්ජාවට පත් වෙයි.+  සමාරිය සහ එහි රජ, වතුරට ගසාගෙන යන කෝටු කෑල්ලක් මෙන් පහ වී යන්නෝය.+  ඊශ්‍රායෙල්වරුන්ගේ පාපයට හේතු වූ+ බෙත්-ආවෙන්හි පූජනීය ස්ථාන+ සියල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. ඔවුන්ගේ පූජාසන+ කටු පඳුරුවලින් හා වල් පැළෑටිවලින් වැසී යනු ඇත.+ ඒ කාලයේදී සෙනඟ කඳුවලට කතා කර ‘අපව වසාගන්න’ කියාද හෙල්වලට කතා කර ‘ඇවිත් අපව සඟවාගන්න’ කියාද පවසනු ඇත.+  “‘ඊශ්‍රායෙල්වරුනි, ඔබ ගිබෙයා නගරයේදී+ පව් කළ දවසේ සිට+ මේ දක්වාම පාපයේ නියැලී ඇත. ඔබේ හැසිරීමේ කිසි වෙනසක් සිදු වී නැත. ගිබෙයාහි දුෂ්ට මනුෂ්‍යයන්ට විරුද්ධව යුද්ධ කළද ඔවුහු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ නැත.+ 10  නමුත් මම කැමති වේලාවට ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ ජාතීහු ඔවුන්ට විරුද්ධව නැඟී එති. එවිට ඔවුන් කළ අපරාධ දෙකේම බර ඔවුන්ට උසුලාගෙන යන්න සිදු වෙයි.+ 11  “‘එෆ්‍රායිම් කරල් පාගන්න පුරුදු කළ වැස්සියක මෙන් සිටියාය. ඇයද ඉතා ආශාවෙන් කරල් පෑගුවාය.+ මම ඇගේ ශෝභමාන ගෙලට මගේ අත තැබුවෙමි. නමුත් සීසාන පිණිස ඇයව දක්කාගෙන යන්න මම සතුරෙකුට ඉඩහරින්නෙමි.+ යූදාට සතුරා වෙනුවෙන් සීසාන්න සිදු වෙයි.+ යාකොබ්ටද පස සැකසීමට සිදු වෙයි.’+ 12  යෙහෝවා දෙවිව සෙවීමට තවමත් කාලය තිබේ.+ එබැවින් ඔබ ගොවිතැන් කිරීම සඳහා සරු පසක් තෝරාගෙන එය හොඳින් සකසන්න.+ එහි ධර්මිෂ්ඨකම නමැති බීජ වපුරා+ දෙවිගේ කරුණාව* නෙළාගන්න.+ එවිට දෙවි පැමිණ ධර්මිෂ්ඨකම ගැන තවදුරටත් ඔබට උපදෙස් දෙනු ඇත.+ 13  “ජනයෙනි, ඔබ වගා කළේ දුෂ්ටකමය.+ එහෙයින් ඔබ නෙළාගත්තේ අධර්මිෂ්ඨකමය.+ ඔබ රවටාගත්තේ ඔබවමය.+ මන්ද ඔබේ ක්‍රියා නිවැරදියයි ඔබ සිතුවහුය.+ ඔබේ බලවන්තයන් සියලුදෙනා මත ඔබ විශ්වාසය තැබුවහුය.+ 14  එහෙයින් ඔබේ සෙනඟ අතරේ කෝලහල හටගනු ඇත.+ ෂල්මන් අතින් බෙත්-අර්බේල් විනාශ වුණාක් මෙන් ඔබේ බලකොටු සහිත සුරක්ෂිත නුවරවල් සියල්ලම විනාශ වී යනු ඇත.+ ඒ යුද්ධයේදී මව්වරුද දරුවෝද එකට පොළොවේ ගසා මරනු ලැබුවෝය.+ 15  බෙතෙල් වැසියෙනි, ඔබේ දුෂ්ටකම් ඉතා බරපතළ නිසා ඔබට සිදු වන්නෙත් ඒ දේමය.+ අලුයම වන විට ඊශ්‍රායෙල්හි රජ විනාශ වී යනු ඇත.”+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”