හෙබ්‍රෙව් 4:1-16

4  තමා මෙන් විවේක ගැනීමේ අවස්ථාවක් ගැන දෙවි තම සෙනඟට පොරොන්දු වී ඇති නිසා+ එය ලැබීමට නුසුදුසු අය නොවීමට අපි වගබලා ගනිමු.+  මන්ද අපගේ මුතුන්මිත්තන්ට මෙන්+ අපටද ශුභාරංචිය ප්‍රකාශ කර තිබේ.+ නමුත් පවසනු ලැබූ එම දේවලට ඔවුන් සවන් දුන්නත් ඔවුන් එයින් කිසි ප්‍රයෝජනයක් ලැබුවේ නැත.+ එසේ වූයේ එයට සවන් දී කීකරු වූ අයට+ සමාන විශ්වාසයක් ඔවුන්ට නොතිබූ නිසාය.+  පොළොවේ දරුවන් බිහි වීමට කලින්*+ ඔහු තම වැඩකටයුතු නිම කර තිබුණත්,+ “‘මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක්+ ඔවුන්ට නොලැබෙන්නේය’+ කියා මම ඔවුන් ගැන උදහසින් දිවුරා කීවෙමි”+ කියා ඔහු පැවසුවේය. එසේවුවත් විශ්වාසයක් ඇතුව සිටින අපට දෙවි මෙන් විවේක ගැනීමට අවස්ථාව උදා වේ.  මන්ද ඔහු එක් පදයක හත්වෙනි දවස ගැන පවසා තිබෙන්නේ මෙයයි. “දෙවි හත්වෙනි දවසේ සිට තමන් කළ සියලු වැඩවලින් විවේක ගත්තේය.”+  එමෙන්ම, “මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබෙන්නේය”+ කියාද ඔහු නැවතත් පවසා ඇත.  ශුභාරංචිය මුලින්ම ඇසූ අය+ ඊට අකීකරු වූ නිසා ඔවුන්ට විවේක ගැනීමේ අවස්ථාව අහිමි විය.+ නමුත් විවේක ගැනීමේ අවස්ථාව සමහරුන් ඉදිරියේ තවමත් විවෘතව ඇත. ඇත්තෙන්ම,  ඊට දිගු කාලයකට පසු දාවිත් ලියූ ගීතිකාවක ඔහු, “අද” කියා පවසමින් නැවතත් එක්තරා දවසක් වෙන් කර දක්වයි. කලින් පැවසූ ලෙසම එහිදීත්, “අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුයි.+ එහෙයින් ඔබේ සිත් දැඩි කර නොගන්න”+ කියා සඳහන් වෙයි.  ඔවුන්ට විවේක ගැනීම සඳහා යොෂුවා+ යම් ස්ථානයක් වෙතට ඔවුන්ව ගෙන ගියා නම්+ දෙවි එහිදී වෙන දවසක් ගැන කතා කරන්නේ නැත.+  ඒ අනුව සබත් දවස මෙන් දෙවිගේ සෙනඟට විවේක ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඇත.+ 10  මන්ද යමෙක් දෙවි මෙන් විවේක ගන්නවා නම්+ දෙවි තම වැඩකටයුතුවලින් විවේක ගත් ලෙසම ඔහුද තම වැඩකටයුතුවලින් විවේක ගෙන සිටියි.+ 11  එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+ 12  දෙවිගේ වදන්+ ජීවමානය,+ බලවත්ය.+ ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය.+ එය කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය+ ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට*+ වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දැක්වීමටත් එයට පුළුවන. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.+ 13  දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+ 14  ස්වර්ගයට ගොස් ඇති දෙවිගේ පුත්‍රයා වන යේසුස්+ අපගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා ලෙස සිටින නිසා+ අපි දිගටම ඔහු කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු.+ 15  මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+ 16  එමනිසා මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා වී+ කිසි බියක් සැකක් නොමැතිව නිදහසේ ඔහුට යාච්ඤා කිරීමට+ අපට පුළුවන. එහෙයින් අපට උපකාර අවශ්‍ය වේලාවේදීම ඔහුගේ දයාව හා මහත් කරුණාව අපි ලබාගනිමු.+

පාදසටහන්

මතෙ 25:34හි පාදසටහන බලන්න.
ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.