හිතෝපදේශ 4:1-27
4 මාගේ පුත්‍රයෙනි, ඔබේ පියාගෙන් ලැබෙන උපදෙස් සහ හික්මවීම් පිළිගෙන+ ඔබේ තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්න.+
2 මන්ද මා ඔබට දෙන්නේ හොඳ උපදෙස්ය.+ මාගේ නීතිවලට පිටු නොපාන්න.+
3 මම මාගේ මවගෙන් බොහෝ ආදරය ලද* සුරතල් පුතෙක් වුණෙමි.+ මාගේ පියාට කීකරු පුතෙක් වුණෙමි.+
4 ඔහු මට මෙසේ උපදෙස් දුන්නේය.+ “මාගේ වචන ඔබේ සිතේ+ සුරැකිව තබාගන්න.+ මාගේ ආඥා පවත්වා බොහෝ කල් ජීවත් වන්න.+
5 ප්‍රඥාව ලබාගෙන+ තේරුම්ගැනීමේ හැකියාවද+ දියුණු කරගන්න. මාගේ කියමන් අමතක නොකරන්න. මා ඔබට කියා දුන් මාර්ගයෙන් ඉවත්ව නොයන්න.+
6 ප්‍රඥාව අත් නොහරින්න. එවිට එය ඔබව ආරක්ෂා කරනු ඇත. ප්‍රඥාවට ඇලුම් වන්න. එයින් ඔබ රැකෙනු ඇත.
7 වැදගත්ම දේ නම් ප්‍රඥාවය.+ එබැවින් ප්‍රඥාව ලබාගැනීමට උත්සාහ කරන්න. තේරුම්ගැනීමේ හැකියාවද අත් කරගැනීමට අමතක නොකරන්න.+ මන්ද ඔබ අත් කරගන්නා අන් සෑම දෙයකටම වඩා වටින්නේ එයයි.
8 ප්‍රඥාව ඉතා උසස් කොට සලකන්න. එවිට එය ඔබව උසස් කරනු ඇත.+ ඔබ ඉතා ආශාවෙන් එය වැලඳගත්තොත් ඔබ ගෞරවයට පත් වනු ඇත.+
9 එය ඔබේ හිසට මනහර කිරුළක්ද+ අලංකාර ඔටුන්නක්ද වන්නේය.”+
10 මාගේ පුත්‍රය, මාගේ වදන්වලට සවන් දී ඒවා පිළිගන්න.+ එවිට ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේය.+
11 මම ඔබට ප්‍රඥාවේ මාවත්වල ගමන් කිරීමට උගන්වා+ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා උපදෙස් දෙන්නෙමි.+
12 එවිට ඇවිදින කල ඔබේ ගමන අවහිර වන්නේවත්+ දුවන කල ඔබේ පය පැටලෙන්නේවත් නැත.+
13 එබැවින් ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන+ කිසිදා ඒවා අත් නොහරින්න.+ ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.+
14 දුෂ්ටයන්ගේ මාර්ගවලට ඇතුල් නොවන්න.+ දැන දැනම නපුරු අයගේ මාවත් වෙතට පියමං නොකරන්න.+
15 ඒ ළඟින්වත් නොයා+ අහකට හැරී යන්න.+
16 මන්ද නපුරක් නොකළොත් දුෂ්ටයන්ට නින්ද නොයන්නේය.+ යමෙකුට හිරිහැරයක් කරන තුරු ඔවුහු නිදා නොගන්නෝය.+
17 ඔවුන් කෑම කන්නෙත් වයින් බොන්නෙත් දුෂ්ටකම් හා දරුණු අපරාධ සිදු කරමින් උපයාගන්නා මුදල්වලිනි.+
18 නමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි.+
19 දුෂ්ටයන්ගේ මාර්ග ඝනාන්ධකාරයෙන් වැසී තිබෙන්නේය.+ ඔවුහු තම පය පැටලෙන්නේ කුමකද කියාවත් නොදනිති.+
20 මාගේ පුත්‍රය, මාගේ වචන පිළිගන්න.+ මාගේ වදන්වලට සවන් යොමු කරන්න.+
21 ඒවා ඔබේ දෙනෙතින් ඈත් නොවේවා!+ ඒවා ඔබේ සිතෙහි සුරැකිව තබාගන්න.+
22 මන්ද මාගේ වචන පිළිගන්නා අය බොහෝ කල් ජීවත් වන්නෝය.+ ඒවා ඔවුන්ගේ මුළු ශරීරයටම සුවයක් ලබා දෙන්නේය.+
23 සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.+ මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.+
24 රැවටිලිකාර කතාවලින් වළකින්න.+ වංක තොල් ඔබෙන් අහක් කරගන්න.+
25 ඔබේ දෙනෙත් ඔබේ ගමන් මඟ දෙසම යොමු කර තබන්න.+ වටපිට නොබලා ඔබේ දීප්තිමත් දෙනෙත්වලින් ඉදිරියම බලා සිටින්න.+
26 ඔබ යන මාවත සකසාගන්න.+ ඔබේ සියලු මාර්ග ස්ථිරව පිහිටුවාගන්න.+
27 දකුණටවත් වමටවත් නොහැරෙන්න.+ ඔබේ පය නපුරෙන් ඉවත් කරගන්න.+
පාදසටහන්
^ මූ.අ., “මගේ මවගේ එකම පුතා.”