හිතෝපදේශ 26:1-28

26  මෝඩයෙකුව ගෞරවයට පත් කිරීම කොහෙත්ම නුසුදුසුය.+ එය ගිම්හානයේදී හිම වැටෙන්නාක් මෙන්ද අස්වැන්න නෙළන කාලයේදී වැසි වසින්නාක් මෙන්ද වන්නේය.+  කුරුල්ලෙකු ඉගිලී යන්නෙත් වැහිළිහිණියෙකු පියඹා යන්නෙත් යම් හේතුවක් ඇතුවය. එසේම, හේතුවක් නොමැතිව යමෙකු පිටට ශාපයක් නොපැමිණෙන්නේය.+  අශ්වයන් සඳහා කසයක්ද+ බූරුවන් සඳහා නාස් ලණුවක්ද+ තිබෙන්නා සේම මෝඩයන්ව හික්මවීමට වේවැල තිබේ.+  මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+  මෝඩයෙකු තමා ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන පිණිස ඔහුගේ මෝඩකම ඉස්මතු වන ලෙසින් ඔහුට පිළිතුරු දෙන්න.+  මෝඩයෙකුගේ අතට කාරණා භාර දෙන කෙනා තම දෙපා කපාගන්න කෙනෙකු මෙන්ද තමාටම හානියක් කරගන්න කෙනෙකු මෙන්ද වන්නේය.+  කොරගසන කෙනෙකුට පුළුවන්ද වතුර අදින්න? එසේනම්, මෝඩයෙකුටත් පුළුවන් වෙයි හිතෝපදේශ කියන්න.+  මෝඩයෙකුට ගෞරවය පිරිනැමීම+ ගල් ගොඩක ගලක් වළලා දමන්නාක් මෙනි.  මෝඩයෙකු විසින් පවසන හිතෝපදේශයක් බේබද්දෙකුගේ අතේ තිබෙන කටු අත්තක් මෙනි.+ 10  මඟ යන එන අයව හෝ මෝඩයෙකුව හෝ කුලියට ගන්න කෙනෙකු හැම තැනටම ඊතල විදින දුනුවායෙකු මෙනි.+ 11  මෝඩයෙකු එකම මෝඩකම නැවත නැවත කිරීම බල්ලෙකු උගේ වමනය ලෙව කන්නාක් මෙනි.+ 12  තමා ප්‍රඥාවන්තයෙකුයයි සිතන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+ 13  “පාරේ සිංහ පැටවෙක් සිටියි. මංසන්ධියේ සිංහයෙක් සිටී” යයි අලසයා කියයි.+ 14  දොරක් නිතරම ඇරෙනවා වැහෙනවා හා සමානව අලසයාද තම යහන මත ඒ මේ අත පෙරළෙයි.+ 15  අලසයා කෑම බඳුනට තම අත දැමුවද එය කට ළඟට ගැනීම පවා ඔහුට වෙහෙසකරයි.+ 16  අලසයා සිතන්නේ නැණවත්ව පිළිතුරු දෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවන්තයි කියාය.+ 17  මඟ දිගේ යන විට අනුන්ගේ අඬදබරවලට මැදිහත් වී කෝප වන අයෙකු+ බල්ලෙකුගේ කන් දෙක අල්ලාගන්නෙකු මෙනි. 18  යමෙකු මාරාන්තික ගිනිමය ඊතල+ විදින වියරු වැටුණු කෙනෙකු මෙන් හැසිර 19  තම මිතුරාව රවටන්නේය. ඉන්පසු, “මම එය විහිළුවට කළෙමි”+ යයි ඔහු කියන්නේය. 20  දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි.+ 21  නිතරම රණ්ඩුවට ඇදී යන මිනිසෙක් ගින්නට දමන දර මෙන්ද ලිපට දමන අඟුරු මෙන්ද වන්නේය.+ 22  කේලාම් කියන්නාගේ වචන කෑදරකමින් ගිල දමන රසවත් කෑමක් මෙනි. එය ගිලගත් පසු ඇඟට හොඳින් උරාගනී.+ 23  පණ වුණත් දෙන බවට බොරු මවාපෑමක් කරන කෙනා රිදී ආලේප කළ මැටි භාජනයක් මෙනි.+ 24  යමෙක් තමා කතා කරන ආකාරයෙන් සිතේ ඇති වෛරය සඟවාගනී. ඔහුට සැබවින්ම හැඟෙන විදිහ ඔහු හෙළි නොකරයි.+ 25  ඔහු මිහිරි බස් පැවසුවත්+ ඔහුව විශ්වාස නොකරන්න.+ මන්ද ඔහුගේ සිතේ ද්වේෂසහගත සිතුවිලි සතක් තිබේ.+ 26  යමෙක් කපටිකමින් තම සිතේ වෛරය සඟවාගෙන සිටියත් ඔහුගේ දුෂ්ටකම සියල්ලන් ඉදිරියේ හෙළි වනු ඇත.+ 27  අනුන්ට වළ කපන්නා තමන් කැපූ වළේම වැටෙයි.+ යමෙකු ගලක් පෙරළුවොත් ඒ ගල නැවත ඔහු දෙසටම පෙරළී එයි.+ 28  යමෙකු බොරු කියා අනුන්ව රිදවන්නේ ඔහුගේ සිතෙහි තිබෙන වෛරය නිසාය.+ චාටු බස් දොඩන්නා හානි පමුණුවයි.+

පාදසටහන්