හිතෝපදේශ 19:1-29
19 වංචනික මුඛයක් ඇති තැනැත්තෙකුටත් මෝඩයෙකුටත් වඩා+ දෙවිට විශ්වාසවන්තව සිටින දුප්පතෙකු හොඳය.+
2 යමෙකු දැනුම ලබා නොගන්නේ නම් එය හොඳ දෙයක් නොවේ.+ හදිස්සියෙන් කටයුතු කරන තැනැත්තා පාපයට වැටෙයි.+
3 මිනිසෙකු තමාගේම මෝඩකම නිසා ජීවිතය අවුල් කරගනී.+ නමුත් ඔහු සිතින් දොස් කියන්නේ යෙහෝවා දෙවිටය.+
4 ධනය නිසා මිතුරන් බොහෝ සෙයින් වැඩි වෙයි.+ එහෙත් දුප්පතාගේ මිතුරෝ පවා ඔහුගෙන් ඈත් වෙති.+
5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් නොවන්නේය.+ බොරුකාරයෙකුට කිසි ගැලවීමක් නැත.+
6 උත්තමයෙකුගේ හොඳ හිත දිනාගැනීමට බොහෝදෙනෙක් උත්සාහ කරති.+ තෑගිබෝග දෙන තැනැත්තා සෑම කෙනෙකුගේම මිතුරෙකි.+
7 දුප්පතාගේ සහෝදරයෝ පවා ඔහුව හෙළාදකිති.+ එසේනම්, ඔහුගේ මිත්‍රයන් ඔහුගෙන් ඈත්ව සිටීම පුදුමයක්ද?+ ඔහු උපකාර පැතුවත් කිසිවෙක් ඔහුට පිහිට වන්නේ නැත.+
8 යමෙකු තම සිත පවිත්‍ර කරගන්නේ නම්+ ඔහු තම ජීවිතයට ඇලුම් කරයි. වටහාගැනීමේ හැකියාව රක්ෂා කරගන්නා යහපත් දේ සොයාගනියි.+
9 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් නොවන්නේය.+ බොරුකාරයෙකුට අත් වන්නේ විනාශයයි.+
10 සැප පහසු ජීවිතයක් ගත කිරීම මෝඩයෙකුට වටින්නේ නැත.+ එසේනම්, අධිපතියෙකුව පාලනය කිරීම දාසයෙකුට කොහෙත්ම වටිනවාද?+
11 වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.+ වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.+
12 රජෙකුගේ කෝපය කේශර සිංහයෙකුගේ ගර්ජනාව මෙනි.+ නමුත් ඔහු දක්වන කරුණාව තණබිම මත වැටෙන පිනි බිඳු මෙනි.+
13 මෝඩ පුතෙක් තම පියාට කරදර ගෙන දෙයි.+ බිරිඳකගේ අඬදබර කැඩුණු වහලකින් නොනැවතී වැටෙන වැහි බිඳු මෙනි.+
14 නිවස හා වස්තුව පියෙකුගෙන් ලැබෙන උරුමයකි.+ එහෙත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+
15 යමෙක් අලසකම නිසා බර නින්දකට වැටෙයි.+ කම්මැළි තැනැත්තා බඩගින්නෙන් පෙළෙන්නේය.+
16 ආඥාව පිළිපදින්නා තම ජීවිතය රැකගනී.+ එහෙත් තම හැසිරීම ගැන නොසැලකිලිමත් වන්නාට මරණය අත් වන්නේය.+
17 දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි.+ ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.+
18 ඔබේ පුත්‍රයාව යහමඟට ගැනීමට හැකියාව තිබෙන තාක් කල් ඔහුව හික්මවන්න.+ ඔහුට මරණ දඬුවම ලැබෙන තුරු බලා නොසිටින්න.+
19 කෝපාවිෂ්ට තැනැත්තාට දඬුවමක් විඳින්න සිදු වෙයි.+ එක් වරක් ඔහුව දඬුවමින් නිදහස් කළොත් ඔබට නැවත නැවත එසේ කිරීමට සිදු වෙයි.+
20 උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න.+ එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය.+
21 මිනිසෙකු බොහෝ දේ සැලසුම් කළත්+ ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තයි.+
22 ප්‍රේමය* මිනිසෙකු තුළ තිබෙන ඉතා වටිනා ගුණාංගයකි.+ බොරුකාරයෙකු වෙනවාට වඩා දුප්පතෙකු වීම හොඳය.+
23 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය යමෙකුව ජීවනයට මඟ පෙන්වයි.+ එවැනි අයෙකු රාත්‍රිය ගෙවන්නේ සතුටිනි.+ ඔහුට කිසි නපුරක් සිදු නොවෙයි.+
24 අලසයා කෑම බඳුනට තම අත දැමුවද+ එය කට ළඟට ගැනීමට ඔහුට කම්මැළිය.+
25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+
26 පියාට කෲර ලෙස සලකන්නාවූ මවව එළවා දමන්නාවූ පුත්‍රයෙකු+ ලැජ්ජාසහගතව හැසිරෙන නින්දිත තැනැත්තෙකි.+
27 මාගේ පුත්‍රය, ඔබ හික්මවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් නැණවත් වදන්වලින් ඔබ ඉවතට හැරෙනු ඇත.+
28 කිසි කමකට නැති සාක්ෂිකරුවෙක් යුක්තිය සුළු කොට තකයි.+ දුෂ්ටයෝ නපුරු දේ කිරීමෙන් ආස්වාදයක් ලබති.+
29 සමච්චල් කරන්නන්ට දඬුවම් කිරීමටද+ මෝඩයන්ට පහර දීමටද නියම කර ඇත.+
පාදසටහන්
^ හෝ, “ළැදි ප්‍රේමය.”