හිතෝපදේශ 18:1-24

18  නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි.+ ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.+  අඥානයා තම සිතේ අදහස් හෙළි කිරීමට කැමැත්තක් දක්වනවා+ මිසක වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට කිසි උනන්දුවක් නොදක්වයි.+  දුෂ්ටයෙකු පැමිණෙන විට ඔහු අන්‍යයන්ගේ අවමානයට ලක් වේ.+ අගෞරවය+ සමඟ නින්දාවද පැමිණේ.  මිනිසෙකු පවසන වචන ගැඹුරු උල්පතකින් නික්මෙන ජලය මෙනි.+ ප්‍රඥාව දිය උනන උල්පතකි.+  දුෂ්ටයාගේ පැත්ත ගැනීමත්+ ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොකිරීමත් නුසුදුසුය.+  මෝඩයා නිතරම රණ්ඩු දබරවලට පැටලෙයි.+ ඔහු පහර ලබන්නේ ඔහුගේම මෝඩ කතා නිසාය.+  මෝඩයාගේ මුඛය ඔහුගේම විනාශයට පාර කපයි.+ ඔහුගේ දිව ඔහුටම උගුලක් වේ.+  කේලාම් කියන්නාගේ වචන කෑදරකමින් ගිල දමන රසවත් කෑමක් මෙනි.+ එය ගිලගත් පසු ඇඟට හොඳින් උරාගනී.+  වැඩ කිරීමට කම්මැළි තැනැත්තා+ සොරකම් කරන්නෙකුගේ සහෝදරයාය.+ 10  යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+ 11  ධනවතාගේ වස්තුව ඔහුට බලවත් නුවරක් මෙනි.+ ඔහු එය ආරක්ෂක පවුරක් සේ සලකයි.+ 12  මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+ 13  කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි.+ එයින් අත් වන්නේ ලැජ්ජාවකි.+ 14  දරුණු රෝගයක් පවා දරාගැනීමට මිනිසෙකුට සිතේ සවිය තිබුණත්+ බිඳුණු සිතක් දරාගත හැක්කේ කාටද?+ 15  කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තා දැනුමට ප්‍රිය කරයි.+ ප්‍රඥාවන්තයාගේ කන දැනුමට යොමු කර තිබේ.+ 16  මිනිසෙකු තෑග්ගක් දෙන විට ඔහුට මහඟු ප්‍රස්තාවන් විවෘත වෙයි.+ උත්තමයන් ඉදිරියේ පෙනී සිටීමටද එය ඉඩ සලසා දෙයි.+ 17  නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ.+ එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.+ 18  දාදු දැමීමෙන් වාද සමතයකට පත් වෙයි.+ ඉන් බලවතුන් අතර පවා සමාදානයක් ඇති වෙයි.+ 19  සහෝදරයෙකුට විරුද්ධව වරදක් කළ පසු ඔහුව දිනාගැනීම ශක්තිමත් නුවරක් අල්ලාගැනීමට වඩා අසීරුය.+ එකිනෙකා අතරේ ඇති වන වාදවිවාද බලකොටුවක සවිමත් දොරගුලු මෙනි.+ 20  මිනිසෙක් තම මුවින් පිට කරන වචනවලට අනුව නිසි ප්‍රතිඵල අද්දකියි.+ ඔහු පවසන දෙයින් තෘප්තියට පත් වෙයි.+ 21  ඔබේ දිව කොතරම් බලවත්ද කිවහොත් ඔබ පවසන දෙයින් යමෙකුව මරා දමන්න හෝ ජීවත් කරවන්න හෝ එයට බලය තිබේ.+ එක් එක් කෙනා තමා ප්‍රිය කරන වචනවලට අනුව ප්‍රතිඵල විඳින්නෝය.+ 22  යමෙකුට හොඳ බිරිඳක් සොයාගත හැකි නම්+ ඇය ඔහුට වටිනා සම්පතකි.+ එය ඔහුට යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයකි.+ 23  අගහිඟකම් ඇති තැනැත්තා බැගෑපත් ලෙස කතා කරයි.+ එහෙත් පොහොසතා සැරෙන් පිළිතුරු දෙයි.+ 24  ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති.+ නමුත් සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.+

පාදසටහන්