හිතෝපදේශ 16:1-33

16  මිනිසෙකුගේ සිතුම් පැතුම් පාලනය කරන්නේ ඔහුමය.+ එහෙත් මුවින් ලැබෙන පිළිතුර යෙහෝවා දෙවිගෙන්ය.+  මිනිසෙකුට තමාගේ සියලුම ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි ඔහුගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+  ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න.+ එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.+  යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කරගැනීම සඳහා සියල්ල සාදා ඇත.+ ඔහු දුෂ්ටයාව පවා විපත්ති දවසට නියම කර ඇත.+  උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලකි.+ ඔවුහු අතට අත දී එකිනෙකාට උදව් කළත් දඬුවමෙන් නම් නිදහස් නොවන්නෝය.+  ප්‍රේමය* සහ විශ්වාසවන්තකම හේතුවෙන් වරදට සමාව ලැබෙයි.+ එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති තැනැත්තා වැරදි දෙයින් වැළකී සිටියි.+  මිනිසෙකුගේ හැසිරීම ගැන යෙහෝවා දෙවි සතුටු වූ විට+ ඒ තැනැත්තාගේ සතුරෝ පවා ඔහු සමඟ සමාදානයෙන් සිටින්නෝය.+  අසාධාරණයෙන් බොහෝ දේ රැස් කරගන්නවාට වඩා+ ධර්මිෂ්ඨකමෙන් ස්වල්පයක් උපයාගැනීම යහපත්ය.+  මිනිසෙකු තමන් යන මඟ තීරණය කළත්+ ඔහුගේ පියවර හසුරුවන්නේ යෙහෝවා දෙවිය.+ 10  රජෙකු ප්‍රකාශ කළ යුත්තේ දෙවිගෙන් ලැබෙන තීන්දුවයි.+ ඔහුගේ මුවින් අසාධාරණ තීන්දුවක් පිට නොවිය යුතුයි.+ 11  නිවැරදි මිනුම හා තරාදිය අයිති යෙහෝවා දෙවිටය.+ මල්ලේ රැගෙන යන මිනුම් පඩි* ලබා දෙන්නේද ඔහුය.+ 12  රජවරු සියලුම දුෂ්ටකම් හෙළාදකිති.+ ධර්මිෂ්ඨකම නිසා සිංහාසනයක් ස්ථිර වන්නේය.+ 13  ධර්මිෂ්ඨ ලෙස කතා කරන කෙනෙකු රජුගේ හද සතුටු කරයි.+ යහපත් දේ කතා කරන අයට ඔහු ප්‍රේම කරයි.+ 14  රජෙකුගේ කෝපය මරණ පණිවිඩ ගෙනෙන දූතයෙකු මෙනි.+ එහෙත් ප්‍රඥාවන්තයා රජෙකුගේ උදහස නිවා දමන්නේය.+ 15  රජෙකුගේ සිත දිනාගැනීමෙන් ජීවිතය රැකෙයි.+ ඔහුගේ අනුමැතිය ලබාගැනීම වසන්ත කාලයේ දක්නට ලැබෙන වැහි වලාකුළු මෙනි.+ 16  ප්‍රඥාව රනටත් වඩා වටින්නේය.+ රිදී සොයාගැනීමටත් වඩා වටින්නේ හොඳ අවබෝධයක් ලබාගැනීමය.+ 17  ප්‍රතිපත්තිගරුක අය වැරදි මාර්ගවලින් ඈත් වෙයි.+ තමන්ගේ ගමන් මඟ ගැන සෝදිසියෙන් සිටින තැනැත්තා තම ජීවිතය රැකගනී.+ 18  විනාශයට මුල උඩඟුකමය.+ වැටීමට හේතුව අහංකාර සිතකි.+ 19  තමන්වම උසස් කරගන්න අය සමඟ ලාභ බෙදාගන්නවාට වඩා+ නිහතමානී අය සමඟ යටහත්පහත් මනසක් ඇතුව සිටීම යහපත්ය.+ 20  යම් කාරණයකදී තම වටහාගැනීමේ හැකියාව යොදාගන්න තැනැත්තා තම ජීවිතය සාර්ථක කරගනියි.+ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන මිනිසා සන්තෝෂවත්ය.+ 21  ප්‍රඥාවන්තව සිතන අයට හොඳ අවබෝධයක් ඇතැයි පිළිගැනේ.+ ප්‍රසන්න අයුරින් වචන හසුරුවන්නා අන් අයගේ සිත් දිනාගනී.+ 22  වටහාගැනීමේ ශක්තිය ජීවිතය රැක දෙයි.*+ අඥානයා තම මෝඩකම් නිසා විහින් දඬුවම් විඳින්නේය.*+ 23  ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි.+ අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි.+ 24  ප්‍රිය වදන් මීවදයක් මෙන් මිහිරිය.+ එය ගතටත් සිතටත්* සුවයක් ගෙන දෙයි.+ 25  මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+ 26  වෙහෙස මහන්සි වී වැඩ කරන්නා තමාගේ කුසගින්න නිවාගැනීමට වැඩ කරයි.+ ඔහුව පොලඹවන්නේ ඔහුගේම කුසගින්නයි.+ 27  කිසි වැදගැම්මකට නැති මිනිසා නපුරු දේ හාරා අවුස්සයි.+ ඔහුගේ තොල් දැවෙන ගින්නක් හා සමානය.+ 28  කූට උපක්‍රම යොදන තැනැත්තා භේද පතුරවයි.+ කේලම් කියන්නා මිත්‍රයන්ව වෙන් කරයි.+ 29  දරුණු මිනිසෙක් තම අසල්වැසියාව රවටා+ ඔහුව වැරදි මඟක ගෙන යයි.+ 30  ඔහු ඇස්වලින් ඉඟි කර කූට උපක්‍රම යොදයි.+ ඔහු කපටි සිනාවක් පාමින් තම උගුල අටවයි. 31  ධර්මිෂ්ඨ+ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි.+ 32  ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය.+ තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය.+ 33  දාදු දමන්නේ* තීරණයක් ගැනීමටය.+ එහෙත් ගත යුතු තීරණය පෙන්වා දෙන්නේ යෙහෝවා දෙවිය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හිතෝ 11:1හි පාදසටහන බලන්න.
මූ.අ., “ජීවන උල්පතකි.”
මූ.අ., “හික්මවීම් ලබන්නේය.”
මූ.අ., “ඇටකටුවලටත්.”
මූ.අ., “ඔඩොක්කුවට දාදු දමන්නේ.”