හිතෝපදේශ 10:1-32

10  සලමොන්ගේ හිතෝපදේශයන්ය.+ ප්‍රඥාවන්ත පුතෙක් තම පියාව ප්‍රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+  දුෂ්ටයාගේ වස්තුවෙන් කිසි ප්‍රයෝජනයක් නැත.+ මරණයෙන් ගලවනු ලබන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයාවයි.+  යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ තැනැත්තාව කුසගින්නේ නොතබයි.+ නමුත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉෂ්ට නොකරයි.+  අලසකමින් වැඩ කරන්නා දිලිඳුකමට වැටෙයි.+ නමුත් උත්සාහවන්තයා පොහොසත් වෙයි.+  අස්වැන්න නෙළන කාලයේදී බර නින්දක පසු වන පුත්‍රයා තම දෙමාපියන්ට ලැජ්ජාවකි.+ නමුත් බුද්ධිමත්ව කටයුතු කරන පුත්‍රයා ගිම්හානයේ අස්වැන්න රැස් කරගනියි.  ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයාටය.+ එහෙත් දුෂ්ටයා තම වචනවලින් දරුණු චේතනා සඟවයි.+  ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+  ප්‍රඥාවන්තව සිතන තැනැත්තා අණ පිළිපැදීමට කැමැත්තක් දක්වයි.+ එහෙත් අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+  දෙවිට විශ්වාසවන්තව සිටින තැනැත්තා සුරක්ෂිතව ගමන් කරයි.+ එහෙත් වංකකමින් කටයුතු කරන්නාගේ ක්‍රියා හෙළි වෙයි.+ 10  රැවටිලිකාර ලෙස ඇස්වලින් ඉඟි කරන්නා වේදනාව ඇති කරයි.+ අඥානව කතා කරන තැනැත්තාව පාගා දමනු ලැබේ.+ 11  ධර්මිෂ්ඨයාගේ වචන ජීවනය ගෙන දෙයි.+ එහෙත් දුෂ්ටයා තම වචනවලින් දරුණු චේතනා සඟවයි.+ 12  වෛරයෙන් දබර හටගනියි.+ නමුත් ප්‍රේමය සියලු වැරදි අමතක කර දමයි.+ 13  හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්‍රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+ 14  ප්‍රඥාවන්තයා දැනුම වස්තුවක් සේ රැකගනී.+ එහෙත් අඥානයාගේ මුඛය ඉක්මනින්ම ඔහුව විනාශයට පමුණුවයි.+ 15  ධනවතෙකුගේ වටිනා දේවල් ඔහුට බලකොටුවකි.+ දිලිඳුන්ගේ නාස්තියට හේතු වන්නේ ඔවුන්ගේ දිලිඳුකමයි.+ 16  ධර්මිෂ්ඨයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුට ජීවනය අත් වෙයි.+ එහෙත් දුෂ්ටයා තමා උපයාගත් දේ නිසා පාපයට පෙලඹෙයි.+ 17  හික්මවීමට ප්‍රිය කරන්නා අන් අයව ජීවනයට මඟ පෙන්වයි.+ නමුත් අවවාදයට පිටු පාන්නා අනුන්ව නොමඟ යවයි.+ 18  බොරු වචනවලින් කෙනෙකු තම වෛරය සඟවයි.+ අනුන් ගැන අපහාසාත්මක කතා පතුරුවන්නා අඥානයෙකි.+ 19  කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය.+ එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි.+ 20  ධර්මිෂ්ඨයාගේ වචන පවිත්‍ර රිදී මෙනි.+ එහෙත් දුෂ්ටයාගේ සිත කිසි වටිනාකමක් නැති තරම්ය.+ 21  ධර්මිෂ්ඨයා තම කතාවෙන් බොහෝදෙනෙකුව ආරක්ෂා කරයි.+ එහෙත් මෝඩයෝ තම අඥානකම්* නිසා මිය යති.+ 22  යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+ 23  අඥානයා නින්දිතව හැසිරෙන්නේ විනෝදයටයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා ප්‍රඥාව සොයා යයි.+ 24  දුෂ්ටයා යම් දෙයකට භයින් සිටින්නේද ඔහු පිටට පැමිණෙන්නෙත් ඒ දේමය.+ නමුත් ධර්මිෂ්ඨයන්ගේ ආශා ඉටු කරනු ලැබේ.+ 25  සුළිසුළඟක් හමා අවසන් වන්නාක් මෙන් දුෂ්ටයා පහ වී යයි.+ එහෙත් ධර්මිෂ්ඨයා සදහටම පවතින අත්තිවාරමක් මෙනි.+ 26  විනාකිරිවලට දත් හිරිවැටෙන්නාක් මෙන්ද දුමෙන් ඇස් දැවිල්ල ගන්නාක් මෙන්ද අලසයෙකුව සේවයට බඳවාගන්න තැනැත්තාද වේදනා විඳින්නේය.+ 27  යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි.+ නමුත් දුෂ්ටයන්ගේ ජීවිතය කෙටි කරනු ලැබේ.+ 28  ධර්මිෂ්ඨයන්ට ඇත්තේ ප්‍රීතිමත් අපේක්ෂාවකි.+ නමුත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වෙයි.+ 29  යෙහෝවා දෙවිගේ මාර්ගය නිර්දෝෂ අයට ආරක්ෂාවකි.+ නමුත් නපුරු දේ කරන අයට අත් වන්නේ විනාශයයි.+ 30  ධර්මිෂ්ඨයාව සොලවන්න කිසිවෙකුට නොහැක.+ එහෙත් දුෂ්ටයන්ට සැමදාමත් පොළොවේ ජීවත් වීමට ඉඩ නොලැබේ.+ 31  ධර්මිෂ්ඨයාගේ මුවින් නික්මෙන්නේ ප්‍රඥාවන්ත වචනය.*+ එහෙත් වංක ලෙස කතා කරන අයව සදහටම නිහඬ කරනු ලැබේ.+ 32  ධර්මිෂ්ඨයාගේ මුවින් සිත්ගන්නා වචන පිට වෙයි.+ නමුත් දුෂ්ටයන්ගේ මුඛයෙන් නික්මෙන්නේ දූෂිත අදහස්ය.+

පාදසටහන්

හිතෝ 6:32හි පාදසටහන බලන්න.
මූ.අ., “ප්‍රඥාවේ පල.”