සලමොන්ගේ ගීතිකාව 8:1-14

8  “අනේ, මගේම මව්ගෙන් කිරි බී වැඩුණු+ මගේම සහෝදරයෙකුගේ හැඩරුව ඔබට තිබුණා නම්!+ එවිට මා ඔබව සිපගත්තත්+ කිසිවෙක් මට අවමන් නොකරනු ඇත.  මට හොඳ නරක කියා දුන් මගේම මව්ගේ නිවසටද බියක් සැකක් නැතුව මට ඔබව රැගෙන යා හැක.+ එහිදී නැවුම් දෙළුම් පානයක්ද අනර්ඝ වයින්ද+ මම ඔබට පිළිගන්වන්නෙමි.  ඔබේ වමතෙහි මගේ හිස හොවාගන්නෙමි. ඔබේ දකුණතින් ඔබ මාව වැලඳගනු ඇත.+  “යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න.+ ඔබ එසේ නොකරන බවට මට දිවුරා පොරොන්දු වන්න.”  “තම පෙම්වතාට තුරුලු වී+ පාළුකරයේ සිට පැමිණෙන+ මේ යුවතිය කවුද?”+ “ඇපල් ගස් සෙවණේ සැතපී සිටි ඔබව මම අවදි කළෙමි. ඔබේ මව මහත් වේදනාවකින් ඔබව බිහි කළේ එහිදීය.+  “මා හැර වෙන කිසිවෙකුට ඔබේ හදවත විවර නොකරන්න.+ මා හැර වෙන කිසිවෙකුව ඔබේ දෑතින් වැලඳ නොගන්න. ප්‍රේමය මරණය තරම්ම ප්‍රබලය.+ පෙම්වතුන් එකිනෙකාගෙන් අයැද සිටින විශ්වාසන්තකම,+ මිය ගිය අයව ඉල්ලා සිටින මිනී වළ තරම්ම බලවත්ය. ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය.+  මහා ජල කඳකින්වත් ප්‍රේමය නමැති ඒ ගින්න නිවාලිය නොහැක.+ මහා ගංවතුරකින්වත් එය නිවාලිය නොහැක.+ මිනිසෙකු තමා සතු වස්තු සම්භාරයම දුන්නත් ඔහුට ප්‍රේමය මිල දී ගත නොහැක.”  “අපේ පුංචි නැඟණියගේ+ පියයුරු තවමත් වැඩි නැත. අනාගතයේදී ඇයට විවාහ යෝජනාවක් ලැබුණොත් අපි ඇය වෙනුවෙන් කුමක් කරමුද?”  “ඇය පවුරක් මෙන් ස්ථිරව සිටියොත්+ අපි ඇයව රිදීවලින් සරසා තවත් අලංකාර කරන්නෙමු. නමුත් ඇය නිතර ඇරෙන වැහෙන දොරක් මෙන් අස්ථිරව සිටියොත්+ අපි දේවදාර ලී ගසා ඒ දොර වසා දමමු.” 10  “මම පවුරක් බව ඔප්පු කළෙමි. මගේ පියයුරු බලකොටු මෙනි.+ එහෙයින් මගේ සිත නිශ්චල බව මගේ පෙම්වතා වටහාගනු ඇත. 11  “බාල්-හාමොන්හි සලමොන් රජුට අයිති මිදිවත්තක් තිබුණේය.+ ඔහු ඒ මිදිවත්ත රැකවලුන්ට භාර දුන්නේය.+ එයින් ලැබෙන පලදාව වෙනුවෙන් ඔවුන් එක් එක් කෙනා රජුට රිදී ෂෙකෙල් දහසක් ගෙව්වෝය. 12  “සලමොන් රජුනි, මගේ මිදිවත්ත සැමදා මා සතුවම තිබෙනු ඇත. නමුත් ඔබට අයිති දහස ඔබටම ලැබේවා! මිදිවත්තෙහි රැකවලුන්ට අයිති දෙසීය ඔවුන්ට ලැබේවා!” 13  “උයනේ සක්මන් කරමින් සිටින තැනැත්තිය,+ මිතුරෝ ඔබේ හඬ ඇසෙන තුරු බලා සිටිති. ඔබේ සුමිහිරි කටහඬ මට අසන්න ලැබේවා!”+ 14  “මාගේ පෙම්වත, සුවඳ පැළෑටිවලින් පිරුණු කඳුවල වෙසෙන තරුණ මුවෙකු මෙන්ද මුව පැටවෙකු මෙන්ද මා වෙතට දිව එන්න.”+

පාදසටහන්