සලමොන්ගේ ගීතිකාව 2:1-17

2  “මම ෂාරොන්හි*+ වැවෙන මලකි.*+ තැනිතලාවේ වැවෙන ලිලී මලකි.”+  “මගේ පෙම්වතිය යුවතියන් අතරේ සිටින විට ඇය කටු ගස් අතරේ පිපී ලෙළ දෙන ලස්සන ලිලී මලක් වැනිය.”+  “මගේ පෙම්වතා තරුණයන් අතරේ සිටින විට ඔහු වනයේ ගස් අතුරින් කැපීපෙනෙන+ ඇපල් ගසක් වැනිය.+ ඒ තුරු සෙවණේ පහස ලබන්න මම බොහෝ සෙයින් ආශා වෙමි. එහි පල මගේ මුවට මිහිරක් ගෙන දෙයි.  ඔහු මාව භෝජන සංග්‍රහයකට කැඳවාගෙන ගියේය.+ ඔහුට මා කෙරෙහි ඇති ආදරය+ එහිදී සියල්ලන්ට දිස් විය.+  වියළි මිදිවලින් මාව ප්‍රාණවත් කරන්න.+ ඇපල්වලින් මාව ශක්තිමත් කරන්න. මන්ද ආදරය නිසා මගේ සවිය හීන වී ගොස් ඇත.+  ඔහුගේ වමතෙහි මම මගේ හිස හොවාගනිමි. ඔහු තම දකුණතින් මාව වැලඳගනු ඇත.+  යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න.+ ඔබ එසේ නොකරන බවට මුවදෙනුන්ගේ නාමයෙන්+ දිවුරා මට පොරොන්දු වන්න.+  “කඳු හෙල් අතරින් වේගයෙන් පියමනිමින් පැමිණෙන+ මගේ පෙම්වතාගේ කටහඬ මට ඇසෙන්නේය.+  මගේ පෙම්වතා නාඹර මුවෙකු මෙනි.+ ඔහු අපේ නිවසේ බිත්තිය අසලට වී කවුළුවෙන් එබිකම් කරන්නේය. කවුළුවේ පොලු අතරෙන් දෑස් අයා බලා සිටින්නේය.+ 10  මගේ පෙම්වතා මට කතා කර මෙසේ කියන්නේය. ‘මාගේ පෙම්වතිය, මාගේ රුවැත්තිය,+ මා සමඟ එන්න.+ 11  ශීත කාලය අවසන් වී ඇත. වැසි සමය+ දැන් නිමා වී ඇත. 12  දැන් උදා වී ඇත්තේ මල් පීදෙන වසන්තයයි.+ මිදිවැලේ දලු ලියලන කාලයයි.+ කොබෙයියන්ගේ සුමිහිරි නාදය+ දසතින් ඇසෙන්නේය. 13  මුල් වාරයේ හටගන්නා+ පලවලින් බර වී තිබෙන අත්තික්කා ගස්+ මොන තරම් අලංකාරද! ඒවායේ පල දැන් හොඳින් ඉදී ඇත. මිදිවැලේ මල් පිපී සුවඳ දසත විහිදුවන්නේය. මාගේ පෙම්වතිය,+ මාගේ රුවැත්තිය, මා සමඟ එන්න. 14  ගිරි ශිඛරවල, කඳු විවරවල, ලැගුම් ගෙන සිටින මාගේ පරෙවිදෙන,+ පිටතට එන්න. ඔබේ ලස්සන බලන්නත්+ ඔබේ සුමිහිරි හඬ අසන්නත් මට ඉඩ දෙන්න. මන්ද ඔබ ඉතා ශෝභමානය.’”+ 15  “ඉක්මනින් ගොස් අපේ මිදිවත්ත විනාශ කිරීමට පැමිණි හිවලුන්ව+ අල්ලාගන්න. මන්ද අපේ මිදිවැල්වල මල් පීදී ඇත.”+ 16  “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකාරයා ඔහුයි.+ ඔහු ලිලී මල් පිපුණු තණබිමක+ තම බැටළුවන්ට තණ කවන්නේය.+ 17  මාගේ පෙම්වත, මද සුළඟ හමා අවසන් වීමට මත්තෙන්, සෙවණැලි පහව යෑමට මත්තෙන් මා වෙතට හැරී එන්න. අප දෙදෙනා අතරේ පිහිටි කඳුවල වෙසෙන තරුණ මුවෙකු මෙන්ද+ මුව පැටවෙකු මෙන්ද මා වෙතට දිව එන්න.

පාදසටහන්

මූ.අ., “වෙරළාසන්න තැනිතලාවක්.”
මූ.අ., “කුංකුම (සැෆ්රන්) මලකි.”