විලාප ගී 5:1-22

5  අනේ යෙහෝවා දෙවියනි, අපව අමතක කරන්න එපා.+ අප විඳින නින්දාව දෙස බලන්න.+   අපේ උරුමය වෙනත් ජාතීන්ටත් අපේ නිවෙස් විදේශිකයන්ටත් අයිති වී ඇත.+   අප පියා නැති දරුවන් මෙනි.+ අපේ මව්වරු වැන්දඹුවන් මෙනි.+   අප අපේම වතුර ටික ලබාගන්නේ මුදලටය.+ අපේ දර අපිටම විකුණනු ලැබේ.   අපිට මහත් වෙහෙසක් දැනෙයි. විඩාව නිවාගන්නවත් අපිට නොහැකිය.+ මන්ද අපේ සතුරෝ අප පසුපස ලුහුබැඳ එති. ඔවුහු අප අසලටම පැමිණ සිටිති.+   අපි කෑම ඉල්ලා ඊජිප්තුව දෙසටත්+ ඇසිරියාව දෙසටත්+ දෑත් දිගු කළෙමු.+   පව් කළේ අපේ මුතුන්මිත්තන්ය.+ නමුත් ඔවුහු දැන් නැත. ඔවුන්ගේ පව්වලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අපටය.+   කලින් දාසයන්ව සිටි අය දැන් අපව පාලනය කරති.+ ඔවුන්ගෙන් අපව ගලවාගැනීමට කිසිවෙක් නැත.+   කඩුගත් සතුරෝ පාළුකරයේ සිටින නිසා අපට කෑම සොයා යෑමට සිදු වී ඇත්තේ අපේ ජීවිත පරදුවට තබමිනි.+ 10  දරාගත නොහැකි කුසගින්න නිසා අපේ මුළු ගතම උදුනක් මෙන් රත් වී ඇත.+ 11  සියොන්හි ස්ත්‍රීහුද යූදාහි නගරවල සිටි කන්‍යාවෝද ලැජ්ජාවට පත් වූහ.+ 12  සතුරෝ අපේ අධිපතීන්ව අත්වලින් එල්ලා තැබුවෝය.+ වැඩිහිටි අයටවත් ඔවුහු කිසි ගෞරවයක් නොපෙන්වූවෝය.+ 13  අපේ තරුණයන්ට පවා ඇඹරුම් ගලේ වැඩ කිරීමට සිදු වී ඇත.+ පිරිමි දරුවෝ දර මිටි උසුලාගෙන වැටි වැටී යති.+ 14  නගරයේ දොරටු අසල දැන් වැඩිමහල්ලෝ පෙනෙන්නට නැත.+ සංගීත භාණ්ඩ අතැති තරුණයෝද එහි නැත.+ 15  කලින් තිබූ සිතේ සතුට දැන් පහ වී ගොසින්ය. නැටුම් ගැයුම් දැන් වැලපීමකට පෙරළී ඇත.+ 16  අප අද්දකින වේදනාව මොන තරම්ද! හිස පැළඳි කිරුළ දැන් අපෙන් පහව ගොසිනි.+ මන්ද අපි බොහෝ සෙයින් පව් කළෙමු.+ 17  සිදු වූ දේවල් නිසා අපේ හදවත් සෝදුකින් පිරී ඇත.+ දෙනෙත් මලානික වී ඇත.+ 18  සියොන් කන්ද දැන් පාළුවට ගොස් ඇත.+ එය හිවලුන්ට තෝතැන්නක් වී ඇත.+ 19  යෙහෝවා දෙවියනි, ඔබ සදාකාලයෙන් සදාකාලයටම රජුය.+ ඔබේ රජකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+ 20  ඔබ සදහටම අපව අමතක කළෙහිද?+ මෙතරම් දිගු කාලයකට ඔබ අපෙන් ඈත්ව සිටින්නේ මන්ද?+ 21  අනේ යෙහෝවා දෙවියනි, නැවත ඔබ වෙතට ළං වීමට අපට ඉඩ දෙන්න.+ අතීතයේදී මෙන් නැවතත් අපට හොඳ කාලයක් උදා කර දෙන්න.+ 22  ඔබ අපව අත්හැරියෙහිය.+ ඔබ අපත් සමඟ බොහෝ සෙයින් උදහස් වී සිටින්නෙහිය.+

පාදසටහන්