විනිශ්චයකරුවෝ 5:1-31
5 ඒ දිනයේදී දෙබොරා+ හා අබිනොවම්ගේ පුත්+ බාරාක්+ මෙම ගීය ගැයුවෝය.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ සිය කැමැත්තෙන්ම+ දෙවිට වූ භාරය ඔප්පු කිරීම* සඳහාඑඩිතරව යුද්ධයට ගියෝය.එහෙයින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
3 මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි.+ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවාව පසසන්නෙමි.රජවරුනි! අසන්න.+ අධිපතියෙනි! සවන් දෙන්න.
4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර් සිට පිටත්ව යන විටත්+ඒදොම් සිට නික්මෙන විටත්+පොළොව දෙදරුම් කෑවේය.+ අහසින් වැසි ඇද හැළුණේය.+වලාගැබෙන් දිය වෑස්සුණේය.
5 යෙහෝවා දෙවි ඉදිරියේ කඳු දිය වී යන්නේය.+අර පෙනෙන සීනයි කන්ද+ පවා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ කිසිත් නැති තරම්ය.+
6 අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වලදීද+යායෙල්ගේ දවස්වලදීද+ මංමාවත් පාළුව හිස්ව තිබුණේය.මඟීන් ගමන් කළේ අතුරු මාවත්වලය.+
7 දෙබොරා වන මා+ ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කරන තුරු+එහි ගම්මානවල කිසි වැසියෙක් වාසය නොකළේය.+
8 ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන්ව තෝරාගත්තෝය.+එවිට යුද්ධය දොරටු අබියසටම පැමිණියේය.+හතළිස්දහසක් වූ ඔවුන්ගේ අතෙහිපලිහක්වත් හෙල්ලයක්වත් නොතිබුණේය.+
9 කැමැත්තෙන්ම ඉදිරියට ආ හමුදාපතීන්ට+මාගේ මුළු හදවතින්ම අගය ප්‍රකාශ කරන්නෙමි.+මම යෙහෝවා දෙවිව පසසන්නෙමි.+
10 ගිනි පැහැයෙන් යුත් බූරුදෙනුන් පිට නැඟී යන්නෙනි,+අගනා බුමුතුරුණු මත සැතපී සිටින්නෙනි,මඟ තොටේ ගමන්ගන්නෙනි,මේ ගැන සිතන්න.+
11 දිය පුරවාගැනීමට පැමිණි අය+යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන කතා කරති.+ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැනද ඔවුහු කතා කරති.එවිට යෙහෝවා දෙවිගේ සෙනඟ නුවරේ දොරටු වෙත ගමන් කරති.
12 අවදි වන්න, දෙබොරා අවදි වන්න!+අවදි වී ගීයක් ගයන්න!+නැඟිටින්න, අබිනොවම්ගේ පුත්+ බාරාක්, නැඟිටින්න!+ ඔබ අල්ලාගත් අයව රැගෙන යන්න!
13 ඉතුරු වූ අය බලවතුන් ළඟට ආවෝය.සතුරන්ට විරුද්ධව සටන් කිරීමට යෙහෝවා දෙවිගේ සෙනඟ මා ළඟට ආවෝය.
14 සටන සඳහා එෆ්රායිම්වරුද තැනිතලාවට ආවෝය.+ඔවුහු බෙන්ජමින්වරුන් පසුපස පියමැන්නෝය.මාකීර්ගෙන්+ ආඥාපතීහුදසෙබ්යූලන්ගෙන් ලිපිකරුවෝද ඒ සමඟ ආවෝය.+
15 ඉසකාර්ගෙන් අධිපතීහුද+ දෙබොරා සමඟ ආවෝය.ඉසකාර් ගෝත්‍රයෙන් බාරාක්ද ඔවුන් සමඟ ආවේය.+ඔහුද තැනිතලාවට බැස ගියේය.+නමුත් රූබෙන්වරුන් සිටියේ සිතේ දෙගිඩියාවෙනි.+
16 ඔබ බඩු මලු අතරේ සැඟවී සිටින්නේ මන්ද?එඬේරුන්ගේ නළා හඬ අසන්නද?+රූබෙන්වරුනි, ඔබ සිටියේ සිතේ දෙගිඩියාවෙනි.+
17 ගිලියද්හි වැසියෝ යොර්දාන් ගඟෙන් එතෙරට වී සිටියෝය.+දාන්, ඇයි ඔබ නැව්වල ලැගුම් ගෙන සිටියේ?+ආෂෙර්වරුද මුහුදු වෙරළේ නිකරුණේ කාලය ගත කරමින්,තොටුපොළවල් අතරේ වාසය කළෝය.+
18 නමුත් සෙබ්යූලන්වරු තම දිවි පරදුවට තැබුවෝය.+නෆ්තලීවරු+ රණබිමේ ජය කෙහෙලි නැඟුවෝය.+
19 රජවරු ඇවිත් සටන් කළෝය.මෙගිද්දෝ+ ජල ධාරා ළඟ තයනක්හිදී+කානාන්හි රජවරු සටන් කළෝය.+නමුත් රිදී ඔවුන්ට නොලැබුණේය.+
20 අහස්තලයේ තාරකාවෝ තම වාසස්ථානයේ සිටසිසෙරාට විරුද්ධව සටන් කළෝය.+
21 ඉපැරණි කීෂොන් නදියේ දිය පහරට ඔවුහු ගසාගෙන ගියෝය.+මම බලසම්පන්න සතුරන්ගේ ශක්තිය බෙලහීන කළෙමි.+
22 අශ්වයන්ගේ කුර පොළොවේ ගැටෙන හඬ දසත විහිදී ගියේය.+මන්ද අශ්වයෝ පිම්මේ දිව ගියෝය.
23 ‘මේරොෂ්ට ශාප වේවා!+ එහි වැසියන්ට සදා ශාප වේවා’කියා යෙහෝවා දෙවිගේ දේවදූතයා+ කීවේය.මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ සහයට නොපැමිණියෝය.ඔවුහු යෙහෝවා දෙවිට සහය වූ බලවන්තයන්ට අතහිත නොදුන්නෝය.
24 කේනීය ජාතික හෙබෙර්ගේ බිරිඳ වූ+ යායෙල්+ ස්ත්‍රීන් අතරින් බොහෝ ආශීර්වාද ලත් තැනැත්තියකි.කූඩාරම්වල වෙසෙන තැනැත්තියන් අතර ඇය ආශීර්වාද ලද්දියකි.+
25 ඔහු ඇගෙන් වතුර ඉල්ලුවේය. ඇය ඔහුට බීමට කිරි දුන්නාය.මුදවාපු කිරි ඇය රන් තැටියක ඔහුට පිළිගැන්වූවාය.+
26 ඇය දකුණතට මිටියක්ද අනික් අතට කූඤ්ඤයක්ද ගෙන,+සිසෙරාගේ හිස පසාරු කරගෙන යන ලෙස ගැසුවාය.+ඇය ඔහුගේ නළල දෙපළු කළාය.
27 ඇගේ දෙපාමුල ඔහු වැටී සිටියේය.ඇගේ පාමුල ඔහු වැතිර සිටියේය.ඔහු වැටී සිටි තැනම මිය ගියේය.+
28 සිසෙරාගේ මව, ‘ඔහුගේ රථ පෙළ පමා වන්නේ මන්ද?+ඔහුගේ අශ්වයන්ගේ කුර හඬ තවමත් නෑසෙන්නේ මන්ද’+කියමින් කවුළු අතරින් එබී බැලුවාය.+
29 එවිට ඇයට ගුරුහරුකම් දුන් අය+ පිළිතුරු දුන්නෝය.ඇයද තමාටම මෙසේ කියාගත්තාය.
30 ‘ඔවුන් කොල්ලය එකතු කරගන්නවා ඇති.+තම තමන්ට කාන්තාවන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් සොයනවා ඇති.+සිසෙරා සඳහා වැඩ දැමූ වර්ණවත් වස්ත්රයක්දකොල්ලය ලබාගන්නා අය සඳහා ගෙල පළඳනාද සොයනවා ඇති.’
31 යෙහෝවා දෙවියනි! ඔබේ සියලු සතුරෝ විනාශ වෙත්වා!+දෙවිට ප්‍රේම කරන්නෝ+ දීප්තියෙන් බැබළෙන හිරු මෙන් වෙත්වා!”+එතැන් පටන් වසර හතළිහක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් පැවතිණ.+
පාදසටහන්
^ හෙබ්‍රෙව් බසින්, හිසකෙස් නොබැඳ සිටීම. එසේ කරන්නේ ඔවුන්ගේ භාරයට සංකේතයක් ලෙසය.