විනිශ්චයකරුවෝ 4:1-24

4  ඒහුද්ගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+  එහෙයින් යෙහෝවා දෙවි, ඔවුන්ව හාෂොර් නුවරේ+ සිට පාලනය කළ කානාන් දේශයේ රජු වූ යාබින්ගේ අතට හසු වීමට ඉඩහැරියේය.+ යාබින්ගේ සේනාවේ අධිපතියා වූයේ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙහි+ විසූ සිසෙරාය.+  යකඩ උල් සවි කර තිබූ රෝද සහිත යුධ රථ+ නවසියයක් යාබින්ගේ හමුදාව සතුව තිබුණේය. ඔහු අවුරුදු විස්සක් පුරා ඊශ්‍රායෙල්වරුන්ට දරුණු ලෙස පීඩා කළේය.+ අසරණව සිටි ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ පිහිට ඉල්ලා කන්නලව් කළෝය.+  ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකාරිය ලෙස සේවය කළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ දෙබොරාය. ඇය අනාගතවක්තෘවරියකි.+  ඇගේ නිවස පිහිටා තිබුණේ එෆ්‍රායිම් කඳුකරයේ රාමා+ සහ බෙතෙල්+ අතර තිබූ දෙබොරාගේ ගස ලෙස ප්‍රසිද්ධ වූ විශාල තාල වර්ගයේ ගසක් අසලය. දෙවිගේ තීන්දු දැනගැනීමට ඊශ්‍රායෙල්වරුන් ගියේ ඇය ළඟටය.  ඇය නෆ්තලී ගෝත්‍රයට අයත් නුවරක් වූ කෙදෙෂ්හි+ වාසය කළ අබිනොවම්ගේ පුත් බාරාක්ව+ කැඳවා ඔහුට මෙසේ පැවසුවාය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ අණ කර තිබෙනවා. ‘නෆ්තලී ගෝත්‍රයෙනුත්+ සෙබ්‍යූලන් ගෝත්‍රයෙනුත්+ පුරුෂයන් දසදහස්දෙනෙකුව එකතු කරගෙන තාබෝර් කන්දට+ නැඟ එහි රැඳී සිටින්න.  එවිට මම යාබින්ගේ+ හමුදාවේ අධිපතියා වන සිසෙරාවද+ ඔහුගේ යුධ රථද ඔහුගේ මුළු සේනාවද කීෂොන් නිම්නය+ වෙත යෑමට සලස්වන්නෙමි.+ එහිදී මම ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි.’”+  එවිට බාරාක් ඇයට මෙසේ පැවසුවේය. “ඔබත් මා සමඟ ආ යුතුයි. ඔබ එන්නේ නැත්නම් මම යන්නෙත් නැහැ.”  එවිට ඇය මෙසේ පැවසුවාය. “මම අනිවාර්යයෙන්ම ඔබ සමඟ එනවා. හැබැයි මේ සටනේ ජයග්‍රහණයේ කීර්තිය ඔබට හිමි වෙන්නේ නැහැ. යෙහෝවා දෙවි සිසෙරාව හසු කර දෙන්නේ ස්ත්‍රියකටයි.”+ ඉන්පසු ඇය බාරාක් සමඟ කෙදෙෂ්+ බලා පිටත්ව ගියාය. 10  කෙදෙෂ්හි රැස් වන්න කියා සෙබ්‍යූලන්+ සහ නෆ්තලී ගෝත්‍රවල පුරුෂයන්ට බාරාක් ආරාධනා කළේය. ඔහුගේ හඬට කීකරුව දසදහස්දෙනෙක් පැමිණියෝය.+ දෙබොරාද ඔහු සමඟ ගියාය. 11  මේ අතර කේනිවරුන්ගෙන් පැවතෙන හෙබෙර් නම් තැනැත්තා,+ කෙදෙෂ් අසල ඇති ෂයනන්නිම් නම් ස්ථානයෙහි තිබූ විශාල ගසක් ළඟ තම කූඩාරම ගසාගෙන සිටියේය. ඔහු තම නෑදෑ කේනිවරුන්ගෙන්+ වෙන්ව ජීවත් විය. එම කේනිවරුන් පැවතෙන්නේ මෝසෙස්ගේ මාමණ්ඩි වූ+ හොබාබ්ගෙනි. 12  අබිනොවම්ගේ පුත් බාරාක්+ තාබෝර් කන්දට ගොස් ඇති බව+ සිසෙරාට ආරංචි විය. 13  එවිට සිසෙරා යකඩ උල් සහිත තම යුධ රථ නවසියයද+ තම මුළු හමුදාවද සමඟ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙන් පිටත් වී කීෂොන් නිම්නය බලා ගියේය.+ 14  එවිට දෙබොරා බාරාක්ට මෙසේ පැවසුවාය. “සූදානම් වෙන්න! අද යෙහෝවා දෙවි සිසෙරාව ඔබේ අතට හසු කර දෙනවා. ඔබට ඉදිරියෙන් ගොස් යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් සටන් කරනවා.”+ එය ඇසූ බාරාක් තමන් සමඟ සිටි පුරුෂයන් දසදහස්දෙනා සමඟ තාබෝර් කන්දෙන් බැස ආවේය. 15  එවිට යෙහෝවා දෙවි සිසෙරාවද ඔහුගේ සියලු යුධ රථද ඔහුගේ මුළු හමුදාවද වියවුල් තත්වයකට පත් කළේය.+ බාරාක් සහ ඔහුගේ හමුදාව ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝය. එවිට සිසෙරා තම යුධ රථයෙන් බැස පයින් පලා ගියේය. 16  නමුත් බාරාක් යුධ රථ+ පසුපසත් හමුදාව පසුපසත් හාරොෂෙත්-හාගොයිම් නුවර දක්වාම ලුහුබැඳ ගියේය.+ මෙසේ සිසෙරාගේ මුළු හමුදාව කඩු පහරින් මැරුම් කෑවෝය. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඉතුරු නොවීය.+ 17  පයින් පලා ගිය සිසෙරා+ කේනිවරුන්ගෙන් පැවතෙන හෙබෙර්ගේ භාර්යාව වූ+ යායෙල්ගේ+ කූඩාරම වෙතට ගියේය. හාෂොර්හි රජු වූ යාබින්+ සහ කේනිවරුන්ගෙන් පැවතෙන හෙබෙර්ගේ පවුල අතර සතුරුකමක් නොතිබුණු නිසා ඔහු කිසිම බියකින් තොරව එතැනට ගියේය. 18  සිසෙරාව දුටු යායෙල් ඔහුට මෙසේ පැවසුවාය. “මාගේ ස්වාමීනි, කිසි දෙයකට භය වෙන්න එපා. ඔබට පුළුවන් මෙහෙ නතර වෙන්න.” කූඩාරමට ඇතුල් වූ ඔහුව ඇය ගන රෙද්දකින් වැසුවාය. 19  ඉන් ටික වේලාවකට පසු, “මට හරිම තිබහයි. මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද” කියා ඔහු ඇයගෙන් ඇසුවේය. ඇය කිරි පුරවා තිබූ සම් භාජනයකින්+ ඔහුට කිරි ටිකක් දී+ ඔහුව නැවතත් රෙද්දෙන් වැසුවාය. 20  එවිට ඔහු ඇයට මෙසේ පැවසුවේය. “කූඩාරමට ඇතුල් වන තැනට වෙලා ඉන්න. කෙනෙක් ඇවිත්, ‘මෙහෙට කවුරු හරි ආවද’ කියලා ඇහැව්වොත්, ‘නැහැ’ කියලා කියන්න.” 21  ඉන්පසු හෙබෙර්ගේ භාර්යාව වූ යායෙල් කූඩාරමට ගසන කූඤ්ඤයක් හා මිටියක් ගෙන සිසෙරා ළඟට හෙමිහිට ගියාය. ඇය කූඤ්ඤය ගෙන හොඳටම හෙම්බත්ව නිදාගෙන සිටි සිසෙරාගේ නළලට තබා+ එය පොළොවට පසාරු කරගෙන යන තෙක් මිටියෙන් ගැසුවාය.+ මෙසේ සිසෙරා මිය ගියේය. 22  එවිට සිසෙරා පසුපස ලුහුබැඳ ආ බාරාක් එතැනට පැමිණියේය. ඔහුව දුටු යායෙල් කූඩාරමෙන් පිටතට පැමිණ, “ඔබ හොයන කෙනා මෙහෙ ඉන්නවා. ඇවිත් බලන්න” කියා පැවසුවාය. බාරාක් ඇය සමඟ ඇතුළට ගිය විට හිසට කූඤ්ඤයක් ගසා මරා දමා ඇති සිසෙරාව ඔහු දුටුවේය. 23  එසේ කානාන් දේශයේ රජු වූ යාබින්ව එදින ඊශ්‍රායෙල්වරුන් ඉදිරියේ දෙවි පරාජය කළේය.+ 24  ඊශ්‍රායෙල්වරු කානාන් දේශයේ රජු වූ යාබින්ට විරුද්ධව තව තවත් ප්‍රහාර එල්ල කළෝය.+ අවසානයේදී ඔහුවද මරා දමන ලදි.+

පාදසටහන්