විනිශ්චයකරුවෝ 3:1-31

3  කානාන් දේශයේ ජීවත් වූ සියලුම ජාතීන්ව+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙතින් පන්නා දැමුවේ නැත. ඔවුහු දිගටම ඊශ්‍රායෙල්වරුන් සමඟ දේශයේ ජීවත් වූහ. එමගින් කානාන් දේශයේදී කිසිම යුද්ධයකට සම්බන්ධ නොවූ අලුත් ඊශ්‍රායෙල් පරම්පරාව+ වෙනත් ජාතීන් හමුවේ ක්‍රියා කරන ආකාරය දැකගැනීමට හැකි විය.+  එමෙන්ම යුද්ධ කිරීම සම්බන්ධයෙන් අද්දැකීම් නොලබා සිටි ඊශ්‍රායෙල් සෙනඟට සටන් කරන ආකාරය ගැන අද්දැකීම් ලබා යුද්ධවලට හොඳින් සූදානම් වීමටද අවස්ථාවක් උදා විය.  දේශයේ විසූ එම ජාතීන් අතර පිලිස්තිවරුන්ගේ+ අධිපතීන් පස්දෙනාද+ සියලුම කානානිවරුද+ සීදොන්වරු+ සහ බාල්-හෙර්මොන් කන්දේ+ සිට හමාත් දේශයට+ ඇතුල් වන ස්ථානය දක්වා විහිදී යන ලෙබනොන් කඳුකරයේ+ ජීවත් වූ හිවීයවරුද+ සිටියෝය.  දේශයේ සිටි එම ජාතීන් නිසා+ යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් තම පියවරුන්ට ආඥා කර තිබූ දේට ඊශ්‍රායෙල්වරුන් කොතරම් දුරට කීකරු වනු ඇද්ද කියා හෙළි විය.+  එහෙයින් ඊශ්‍රායෙල්වරු කානානිවරුන්,+ හිත්තීවරුන්, අමෝරිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන් සහ යෙබූසිවරුන්+ අතර දිගටම වාසය කළෝය.  ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර+ තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ටද විවාහ කර දුන්නෝය.+ එමෙන්ම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+  මෙසේ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළෝය. ඔවුහු තම දෙවි වන යෙහෝවාව අමතක කර+ බාල් දෙවිවරුන්ට+ හා ඔවුන් වෙනුවෙන් ඉදි කර තිබූ කුලුනුවලට+ නමස්කාර කළෝය.  යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කොතරම් උදහස් වූවාද+ කිවහොත් දෙවි ඔවුන්ව මෙසපොතේමියාවේ* රජු වූ+ කූෂාන්-රිෂාතයිම්ගේ අතට හසු වෙන්න ඉඩහැරියේය.+ කූෂාන්-රිෂාතයිම් ඊශ්‍රායෙල්වරුන්ව අට අවුරුද්දක් යටත් කරගෙන සිටියේය.  කල් යත්ම ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ උපකාර ඉල්ලා දෙවිට කන්නලව් කළෝය.+ ඔවුන්ට සවන් දුන් යෙහෝවා දෙවි ඔවුන්ව බේරාගැනීම සඳහා+ කාලෙබ්ගේ බාල සොහොයුරු වූ+ කෙනෂ්ගේ පුත්+ ඔත්නියෙල්ව+ පත් කළේය. 10  ඔහු ඊශ්‍රායෙල් ජාතියේ විනිශ්චයකරුවෙකු ලෙස ක්‍රියා කළේය. යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක විය. ඔහු යුද්ධයට ගිය විට යෙහෝවා දෙවි සිරියාවේ රජු වූ කූෂාන්-රිෂාතයිම්ව ඔහුට යටත් කර දුන්නේය.+ 11  ඉන්පසු අවුරුදු හතළිහක් පුරා යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශයේ පැවතිණ. කල් යත්ම කෙනෂ්ගේ පුත් ඔත්නියෙල් මිය ගියේය. 12  ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත්තෝය.+ එසේ ඔවුන් යෙහෝවා දෙවිට පිටු පෑ නිසා+ මෝවබ්හි රජු වූ+ එග්ලොන්ට ඔවුන්ව යටත් කරගැනීමට යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ 13  අම්මොන්වරුන්ගේ+ සහ අමලෙක්වරුන්ගේ+ සහය ලබාගත් එග්ලොන්, ඊශ්‍රායෙල්වරුන්ට පහර දී තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ වූ ඔවුන්ගේ නුවර+ අල්ලාගත්තේය. 14  ඊශ්‍රායෙල්වරුන්ට අවුරුදු දහඅටක් පුරා මෝවබ්හි රජු වූ එග්ලොන් යටතේ සිටීමට සිදු විය.+ 15  කලක් ගත වූ පසු ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලා ඔහුට කන්නලව් කළෝය.+ එහෙයින් යෙහෝවා දෙවි ඔවුන්ව බේරාගැනීමට බෙන්ජමින් ගෝත්‍රයට අයත්+ ගෙරාගේ පුත් ඒහුද්ව+ පත් කළේය. ඒහුද් වමත හුරු කෙනෙකි.+ දිනක් මෝවබ්හි රජු වූ එග්ලොන්ට ගෙවිය යුතු කප්පම ඊශ්‍රායෙල්වරු ඒහුද් අත යැව්වෝය. 16  ඒහුද් පිටත්ව යෑමට පෙර රියනක්* දිග, දෙපැත්ත කැපෙන මුවහත් කඩුවක්+ සාදාගෙන එය තම වස්ත්‍රයට යට වන සේ දකුණු කළවයේ බැඳගත්තේය.+ 17  පසුව ඔහු කප්පම ගෙවීම සඳහා මෝවබ්හි+ රජු වූ එග්ලොන්ව හමු වීමට ගියේය. එග්ලොන් ඉතාමත් තරබාරු කෙනෙකි. 18  කප්පම රජුට දුන් ඒහුද්+ එහි මොහොතක්වත් රැඳී නොසිට තමන් කැටුව ආ පිරිස සමඟ පිටත් වී 19  ගිල්ගාල්හි+ පිහිටි ගල් වළවල් දක්වා ආවේය. එහිදී ඔවුන්ව පිටත් කළ ඒහුද් නැවත රජු වෙතට පැමිණ මෙසේ පැවසීය. “රජ්ජුරුවනි, රහසිගත කාරණයක් මට ඔබතුමාට කියන්න තියෙනවා.” රජ එය ඇසූ වහාම අවට සිටි අයට, “නිහඬ වනු” කියා අණ කළේය. එවිට රජු සමඟ සිටි සියලුදෙනා එතැනින් ඉවත්ව ගියෝය.+ 20  ඒ අවස්ථාවේදී රජු සිටියේ උඩුමහලේ තමාටම කියා වෙන් කර තිබූ කාමරයකයි. ඒහුද් ඔහු ළඟට පැමිණ මෙසේ පැවසීය. “රජ්ජුරුවනි, ඔබතුමාට කියන්න දෙවිගෙන් පණිවිඩයක් මට ලැබී තිබෙනවා.” එය ඇසූ විට හිඳගෙන සිටි රජ සිංහාසනයෙන් නැඟිට්ටේය. 21  එවිට ඒහුද් තම දකුණු කළවයේ බැඳ තිබූ කඩුව වමතින් ඇද එයින් රජුගේ බඩට ඇන්නේය. 22  කඩුව එහි මිටත් සමඟම ඔහුගේ බඩ පසාරු කරගෙන ගියේය. ඒහුද් කඩුව නැවත ඉවතට නොගත් නිසා එය ඔහුගේ බඩේ තිබූ තෙලින් සම්පූර්ණයෙන්ම වැසී ගියේය. එවිට රජුගේ සිරුරෙන් මලපහද පිට විය. 23  ඒහුද්, උඩුමහල් කාමරයේ දොරේ ඇතුල් පැත්තෙන් අගුලු දමා කාමරයට වාතාශ්‍රය ලැබීමට තනා තිබූ කවුළුවෙන් පැන 24  එතැනින් පිට විය.+ රජුව සොයා ආ ඔහුගේ සේවකයෝ උඩුමහල් කාමරයේ දොරට අගුල් දමා ඇති බව දැක, රජතුමා මලපහ කිරීම සඳහා+ උඩුමහල් කාමරයට ගොස් ඇතැයි කියා සිතුවෝය. 25  ඔවුන් බොහෝ වේලාවක් බලාගෙන සිටියත් කිසිවෙක් උඩුමහල් කාමරයේ දොර විවෘත කරන බවක් නම් පෙනෙන්න තිබුණේ නැත. කිසිවක් කරකියාගත නොහැකි වූ ඔවුහු තවදුරටත් බලා සිටිය නොහැකි නිසා එම කාමරයේ යතුර ගෙන දොර විවෘත කළෝය. එවිට ඔවුන් දුටුවේ තම ස්වාමියා බිම වැටී මිය ගොස් සිටින අයුරුයි. 26  රජු දොර විවෘත කරන තෙක් සේවකයන් බලා සිටි කාලය අතරතුර, ඒහුද් එතැනින් පලා ගොස් ගල් වළවල්+ පසු කරගෙන සෙයිරා දක්වා පැමිණියේය. 27  එතැනට පැමිණි ඔහු මුළු එෆ්‍රායිම් කඳුකරයටම+ ඇසෙන සේ හොරණෑවක් පිම්බේය.+ ඉන්පසු ඔහු එහි සිටි ඊශ්‍රායෙල්වරුන් සමඟ කඳුකරයෙන් බැස ආවේය. ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළ ඔහු 28  මෙසේ පැවසීය. “යෙහෝවා දෙවි ඔබේ සතුරන් වන මෝවබ් ජාතිකයන්ව ඔබේ අතට හසු කර දී තිබෙනවා.+ ඒ නිසා අපි එකතු වෙලා ඔවුන්ට විරුද්ධව සටන් කරමු.”+ ඊශ්‍රායෙල්වරුද ඔහු සමඟ එකතු වී යොර්දාන් ගඟේ පිහිටි තොටුපොළවල් අල්ලාගත්තෝය.+ ඒ තොටුපොළවල්වලින් එගොඩ වීමට ඔවුහු වෙන කිසිවෙකුට ඉඩ දුන්නේ නැත. එය මෝවබ්වරුන්ගේ පසුබෑමට හේතු විය. 29  ඉන්පසු ඔවුහු මෝවබ් සේනාවට අයත් එඩිතර, බලසම්පන්න, හැඩිදැඩි+ පුරුෂයන් දසදහස්දෙනෙකුව+ මරා දැමුවෝය. ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් ඔවුහු ඉතුරු කළේ නැත.+ 30  මෝවබ් ජාතිය සම්පූර්ණයෙන්ම යටත් කරගැනීමට එදින ඊශ්‍රායෙල්වරුන්ට හැකි විය. ඉන්පසු අවුරුදු අසූවක් පුරා යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශයේ පැවතිණ.+ 31  ඒහුද්ට පසුව අනාත්ගේ පුත් ෂම්ගර්+ විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. ඔහු උල් කළ කෙවිටකින් පිලිස්තිවරුන් හයසියදෙනෙකුට පහර දී+ ඊශ්‍රායෙල් ජාතිය ගලවාගත්තේය.+

පාදසටහන්

හෝ, “සිරියාවේ.” 10වෙනි පදය බලන්න.
රියනක් යනු සෙන්ටිමීටර් 44.5කි.