ලෙවී කතාව 2:1-16

2  “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.  ඔහු එය පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන් වෙතට ගෙනා යුතුයි. පූජකයාද ගෙනා පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටිද තෙල් ස්වල්පයක්ද කට්ටකුමංජල් සියල්ලද ඇතුළත් එම අහුර දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් ඔහු පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවකි.  ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිතිය.+ යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන පූජාවලින් ඉතුරු වන එම කොටස ඉතා ශුද්ධය.+  “‘ඔබ උදුනේ පුලුස්සන ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් සිහින් පිටි හා තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති+ මුහුන් නොදැමූ රොටි හෝ තෙල් තැවරූ මුහුන් නොදැමූ+ සිහින් රොටි හෝ ගෙනා යුතුයි.+  “‘ඔබ කබලේ පුලුස්සන+ ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් සිහින් පිටි හා තෙල් මිශ්‍ර කර සාදාගත් මුහුන් නොදැමූ රොටි ගෙනා යුතුයි.  ඔබ එය කැබලිවලට කඩා ඒ මත තෙල් වත් කළ යුතුයි.+ එය ධාන්‍ය පූජාවක් වන්නේය.  “‘ඔබ තාච්චියේ බදින ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් එය සිහින් පිටිවලින් හා තෙල්වලින් සාදාගන්න.  ඔබ එලෙස පිළියෙල කරගත් ධාන්‍ය පූජාව යෙහෝවා දෙවි වන මා වෙතට ගෙනෙන්න. එය පූජකයාට භාර දෙන්න. පූජකයාද එය පූජාසනය වෙතට ගෙන යා යුතුයි.  පූජකයා ධාන්‍ය පූජාවෙන් කොටසක් ගෙන දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් එය පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවකි.+ 10  ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිතිය. යෙහෝවා දෙවි වන මට ඔප්පු කළ ඒ පූජාවෙන් ඉතුරු වන කොටස ඉතා ශුද්ධය.+ 11  “‘ඔබ යෙහෝවා දෙවි වන මට ගෙනෙන කිසිම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතුයි.+ ඔබ යෙහෝවා දෙවි වන මට පූජාසනය මත දැවීම සඳහා මුහුන් හෝ පැණි* හෝ නොගෙනා යුතුයි. 12  “‘ඔබ යෙහෝවා දෙවි වන මා වෙතට එවැනි දෙයක් ගෙනාවොත් එය ප්‍රථම ඵල+ පූජාවක් වශයෙන් ඔප්පු කරන්න. නමුත් ප්‍රසන්න සුවඳක් ගෙනෙන පූජාවක් වශයෙන් ඒවා පූජාසනය මත නොදැවිය යුතුයි. 13  “‘ඔබ ඔප්පු කරන සෑම ධාන්‍ය පූජාවකටම ලුණු මිශ්‍ර කළ යුතුයි.+ ඔබේ දෙවි වන මා ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ඔබට සිහි කරවන ලුණු,+ ඔබේ ධාන්‍ය පූජාවලට දැමීමට අමතක නොකරන්න. ඔබ ඔප්පු කරන සෑම පූජාවක් සමඟම ලුණුද ඔප්පු කරන්න. 14  “‘ඔබ යෙහෝවා දෙවි වන මට ප්‍රථම පලවලින් ධාන්‍ය පූජාවක් ඔප්පු කරනවා නම් නැවුම් කරල්වලින් ධාන්‍ය ගෙන ඒවා බැද පොඩි කර ගෙනා යුතුයි.+ 15  ඔබ ඒ මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දමන්න. එය ධාන්‍ය පූජාවක් වන්නේය.+ 16  පූජකයා පොඩි කරන ලද ධාන්‍යවලින් හා තෙල්වලින් ටිකක්ද කට්ටකුමංජල් සියල්ලද ගෙන දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවකි.

පාදසටහන්

මෙහි කතා කරන්නේ පලතුරුවලින් ලබාගත් යුෂ ගැන මිසක මීපැණි ගැන නොවේ.