ලෙවී කතාව 16:1-34

16  ආරොන්ගේ පුත්‍රයන් යෙහෝවා දෙවි අනුමත නොකළ ආකාරයකට දෙවි ඉදිරියට පැමිණ මරණයට පත් වූ පසු,+ යෙහෝවා දෙවි මෝසෙස්ට කතා කළේය.  යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+  “ආරොන් පාප පූජාවක්+ සඳහා නහඹර වස්සෙකුවද දවන පූජාවක්+ සඳහා බැටළුවෙකුවද රැගෙන ශුද්ධස්ථානයට+ පැමිණිය යුතුයි.  ඔහු ස්නානය කළ පසු+ ලිනන් රෙදිවලින් මැසූ යට ඇඳුම+ හා ශුද්ධ වස්ත්‍රය+ ඇඳගෙන ලිනන් පටිය+ ඉණ වටා බැඳ විශේෂ හිස්වැස්ම+ පැළඳිය යුතුයි. ඒවා ශුද්ධ වස්ත්‍ර වේ.+  “ඊශ්‍රායෙල් සෙනඟ+ පාප පූජාවක්+ සඳහා එළු පැටවුන් දෙදෙනෙකුවද දවන පූජාවක්+ සඳහා බැටළුවෙකුවද දිය යුතුයි.  “ආරොන් පාප පූජාවට ගෙනා වස්සාව ඔප්පු කළ යුතුයි. එම පාප පූජාව ඔහු උදෙසාය.+ ඔහු එය ඔප්පු කර තමන්ගේ+ පාපවලට හා තම ගෙයි වැසියන්ගේ+ පාපවලට සමාව+ ලබාගත යුතුයි.  “ඔහු එළු පැටවුන් දෙදෙනාව සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ යෙහෝවා දෙවි වන මා ඉදිරියට රැගෙන ආ යුතුයි.  ආරොන් එළු පැටවුන් දෙදෙනා වෙනුවෙන් දාදු+ දැමිය යුතුයි. එකක් යෙහෝවා දෙවි වන මා වෙනුවෙන්ද අනික අෂාෂෙල්* වෙනුවෙන්ද දැමිය යුතුයි.+  ආරොන් යෙහෝවා දෙවි වන මට ඔප්පු කිරීමට නියම වූ+ එළුවාව පාප පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි.+ 10  අෂාෂෙල්ට නියම වූ එළුවාව නොමැරිය යුතුයි. පාපවලට සමාව ලබාගන්නා පිණිස ඌව යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුතුයි. පසුව අෂාෂෙල් උදෙසා ඌව පාළුකරයට+ යැවිය යුතුයි.+ 11  “ආරොන් තමා උදෙසා පාප පූජාවක් ලෙස ගෙනා වස්සාව මරා ඔප්පු කර තම පාපවලට හා තම ගෙයි වැසියන්ගේ පාපවලට සමාව ලබාගත යුතුයි.+ 12  “ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පූජාසනයේ+ ඇවිළෙමින් තිබෙන ගිනි අඟුරු ගෙන සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවාගත යුතුයි. ඉන්පසු සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක්+ ගෙන සුවඳ දුම්+ ඔප්පු කරන භාජනයද රැගෙන තිරය+ පිටුපසට යා යුතුයි. 13  ඔහු සුවඳ ද්‍රව්‍ය ගිනි අඟුරු මත දමා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ දැවිය යුතුයි.+ එවිට එයින් නැඟෙන දුමෙන් ගිවිසුම් පෙට්ටියේ+ ආවරණය+ වැසී යන්නේය. ඔහු මිය නොයන පිණිස එසේ කළ යුතුයි. 14  “ඔහු තම ඇඟිල්ලට වස්සාගේ ලේවලින්+ ස්වල්පයක් ගෙන ආවරණය ඉදිරියේ නැඟෙනහිර පැත්තට එය ඉසිය+ යුතුයි. මෙසේ, ඔහු ආවරණය ඉදිරියේ හත් වරක්ම ලේ ඉසිය යුතුයි.+ 15  “ඔහු පාප පූජාවට ගෙනා එළුවාව මැරිය යුතුයි. එම පූජාව සෙනඟ උදෙසාය.+ ඉන්පසු ඔහු එළුවාගේ ලේ රැගෙන තිරය පිටුපසට ගොස්+ වස්සාගේ ලේ+ ඉසූ ලෙසම උගේ ලේත් ආවරණය ඉදිරියේ ඉසිය යුතුයි. 16  “ආරොන් ශුද්ධස්ථානය ගැන කන්නලව් කළ යුතුයි. ඔහු එසේ කළ යුත්තේ ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින්ද+ කැරලිගැසීම්වලින්ද සියලු පාපවලින්ද+ එය දූෂ්‍ය නොවන පිණිසය. අපවිත්‍රව සිටින ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පිහිටුවා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම සම්බන්ධයෙන්ද ඔහු එලෙසම කළ යුතුයි. 17  “පාපවලට සමාව ලබාගන්නා පිණිස ශුද්ධස්ථානයට ඔහු ඇතුල් වන විට සම්මුඛ වීමේ කූඩාරමේ කිසිවෙකු නොසිටිය යුතුයි. ඔහු එයින් පිටතට එන තෙක් කිසිවෙකු කූඩාරමට ඇතුල් නොවිය යුතුයි. ඔහු තමාගේ+ පාපවලටද තම ගෙයි වැසියන්ගේ පාපවලටද මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ+ පාපවලටද සමාව ලබාගත යුතුයි. 18  “ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට ඇවිත් යෙහෝවා දෙවි වන මා ඉදිරියේ තිබෙන පූජාසනය+ ළඟට ගොස් සියලු අපවිත්‍රකම්වලින් එය ආරක්ෂා කරන ලෙස කන්නලව් කළ යුතුයි. වස්සාගේ ලෙයින් ස්වල්පයක්ද එළුවාගේ ලෙයින් ස්වල්පයක්ද ගෙන පූජාසනය වටේට තිබෙන අං මත තැවරිය යුතුයි.+ 19  ඔහු තම ඇඟිල්ල ලේවල ගිල්වා පූජාසනය මත හත් වරක් එය ඉසිය+ යුතුයි. මෙසේ, ඊශ්‍රායෙල් සෙනඟගේ අපවිත්‍රකම්වලින් පූජාසනය දූෂ්‍ය නොවන පිණිස ඔහු එය පවිත්‍ර කර පරිශුද්ධ දෙයක් ලෙස වෙන් කර තැබිය යුතුයි. 20  “ශුද්ධස්ථානයද සම්මුඛ වීමේ කූඩාරමද පූජාසනයද අපවිත්‍රකම්වලින් ආරක්ෂා කරන මෙන් ඔහු කන්නලව්+ කළ පසු පණ ඇති එළුවාව ඔහු ඉදිරියට ගෙනා යුතුයි.+ 21  ඉන්පසු ආරොන් තම අත් දෙකම+ එළුවාගේ හිස මත තබා ඊශ්‍රායෙල් සෙනඟ කළ සියලු අයුතුකම්ද+ ඔවුන්ගේ සියලු පාපද හෙළි+ කළ යුතුයි. මෙසේ, ඔවුන්ගේ පව්+ සියල්ල එළුවා මත පටවා+ ඌව රැගෙන යෑමට සූදානමින් සිටින මිනිසෙකු+ සමඟ ඌව පාළුකරයට යැවිය යුතුයි.+ 22  ඔහු එළුවාව පාළුකරයට+ ගෙන යා යුතුයි. ඌද සෙනඟගේ සියලු පාප දරමින්+ පිටත්ව යන්නේය. 23  “ඉන්පසු ආරොන් සම්මුඛ වීමේ කූඩාරමට පැමිණ, ඔහු ශුද්ධස්ථානයට යන විට ඇඳ සිටි ලිනන් වස්ත්‍ර ගලවා එහි පැත්තකින් තැබිය යුතුයි.+ 24  ඉන්පසු ඔහු ශුද්ධ තැනකදී+ නාගෙන+ ඔහුගේ වස්ත්‍ර ඇඳගත යුතුයි.+ ඊළඟට ඔහු පිටතට ඇවිත් තමා වෙනුවෙන් ඔප්පු කිරීමට ගෙනා දවන පූජාවද+ සෙනඟ ගෙනා දවන පූජාවද+ ඔප්පු කර තමාගේ පාපවලට හා සෙනඟගේ පාපවලට සමාව ලබාගත යුතුයි.+ 25  පාප පූජාවට ගෙනා සතුන්ගේ තෙල් කොටස් ඔහු පූජාසනය මත දැවිය යුතුයි.+ 26  “අෂාෂෙල්+ වෙනුවෙන් යැවූ එළුවා සමඟ ගිය මිනිසා+ තම වස්ත්‍ර සෝදා නාගත යුතුයි.+ ඉන්පසු ඔහුට කඳවුර ඇතුළට පැමිණිය හැකියි. 27  “පාප පූජා සඳහා මැරූ වස්සාගේද එළුවාගේද ලේ ශුද්ධස්ථානයට ගෙන ගොස් පාපවලට සමාව ලබාගත් පසු උන්ගේ මළ සිරුරු කඳවුරෙන් පිටතට ගෙන යෑමට අණ කළ යුතුයි. උන්ගේ හමද මාංසද උන්ගේ අසූචිද යන සියල්ල ගින්නෙන් පිලිස්සිය යුතුයි.+ 28  ඒවා පිලිස්සූ තැනැත්තා තම වස්ත්‍ර සෝදාගත් පසු නාගත යුතුයි. ඉන්පසු ඔහුට කඳවුර ඇතුළට පැමිණිය හැකියි. 29  “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි. 30  මන්ද ඔබ පවිත්‍රයයි ප්‍රකාශ කරන පිණිස එදින ඔබේ පව්වලට සමාව+ ලබාගත යුතුයි. එවිට ඔබ ඔබේ සියලු පව්වලට සමාව ලැබ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර තත්වයක සිටිනු ඇත.+ 31  එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින් වෙනත් වැඩවල නොයෙදී මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. එය සබත්+ දිනයකි. එය බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි. 32  “තම පියාගෙන් පසුව+ බලය ලබා දී පූජකයා+ ලෙස සේවය කිරීමට අභිෂේක+ කරනු ලබන තැනැත්තා, පාපවලට සමාව ලබාගන්නා පිණිස පූජා ඔප්පු කළ යුතුයි. ඔහු ශුද්ධ+ ලිනන් වස්ත්‍ර ඇඳ සිටිය යුතුයි.+ 33  ඔහු අතිශුද්ධස්ථානය,+ සම්මුඛ වීමේ කූඩාරම,+ පූජාසනය,+ පූජකයන් සහ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් පූජා ඔප්පු කළ යුතුයි.+ 34  ඊශ්‍රායෙල් සෙනඟගේ සියලු පාපවලට සමාව ලබාගන්නා පිණිස අවුරුද්දකට වතාවක් එලෙස කළ යුතුයි.+ එය බොහෝ කාලයක් පුරා ඔබ පිළිපැදිය යුතු පනතකි.”+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස ඔහු කළේය.

පාදසටහන්

‘අෂාෂෙල් වෙනුවෙන්’ යන යෙදුමේ නියම අර්ථය ස්ථිර ලෙස නොදන්නේය. පාළුකරයට යවන එළුවා ගැන සඳහන් කරද්දී මෙම යෙදුම භාවිත කෙරේ. ලෙවී 16:10 සහ 26 සසඳා බලන්න.
නිරාහාරව සිටීම හා තමන්ටම පනවාගත් වෙනත් තහංචි මෙයින් අදහස් කළා විය හැක.