ලූක් 13:1-35

13  ඒ අවස්ථාවේදී මිනිසුන් කිහිපදෙනෙක් යේසුස් වෙතට පැමිණ පූජා ඔප්පු කරමින් සිටි ගලීලයේ වැසියන්+ පිරිසක්ව පිලාත් විසින් මරා දැමූ ආකාරය ගැන ඔහුට දැන්වූහ.  ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ගලීලයේ සිට පැමිණි ඒ අයට ඒ වගේ දෙයක් සිදු වුණේ ඔවුන් ගලීලයේ සිටි අනික් වැසියන්ට වඩා පව්කාරයන් වූ නිසාද?+  නැහැ, එහෙම කියන්න බැහැ. නමුත් ඔබ පසුතැවිලි වුණේ නැත්නම් ඔබත් ඔවුන් වගේ විනාශ වෙයි.+  සිලෝම් පොකුණ ළඟ තිබුණු ටැඹ කඩා වැටුණු විට දහඅටදෙනෙක් ඊට යට වී මිය ගිය ආකාරය ඔබට මතක ඇති. ඔවුන්ට ඒ දේ සිදු වුණේ යෙරුසලමේ සිටින අන් සියලුම මිනිසුන්ට වඩා ඔවුන් පව්කාරයන් වූ නිසාද?  නැහැ, එහෙම කොහොමටවත් කියන්න බැහැ. නමුත් ඔබ පසුතැවිලි වෙන්නේ නැත්නම් ඔබත් එලෙසම විනාශ වෙයි.”+  එවිට ඔහු මේ උපමාව කීවේය. “එක්තරා මිනිසෙක් තම මිදිවත්තේ අත්තික්කා ගසක් පැළ කළා.+ කලක් ගත වන විට ඔහු නිතර නිතර පැමිණ ගස පල දරා තිබෙනවාද කියා සෝදිසි කර බැලුවා.+ නමුත් එහි පල තිබුණේ නැහැ.+  පසුව ඔහු තම මිදිවත්තේ වැඩ කරන්නාට මෙසේ පැවසුවා. ‘මා දැන් අවුරුදු තුනක්ම+ මේ අත්තික්කා ගහේ ගෙඩි එයි කියා බලා සිටියා. ඒත් එක ගෙඩියක්වත් ආවේ නැහැ. ඒ නිසා ගස කපා දමන්න!+ පලක් නැති මේ ගස තියාගෙන වැඩක් නැහැ.’  එවිට වැඩ කරන්නා පැවසුවේ මෙයයි. ‘ස්වාමීනි, අපි තව අවුරුද්දක් බලමු.+ මම ගස වටේ හාරා පොහොර දමා එයට සාත්තු කරන්නම්.  ඒ දේ කළ පසුත් එය පල දැරුවේ නැත්නම් එය කපා දමමු.’”+ 10  ඔහු සබත් දවසේදී එක් සිනගෝගයක උගන්වමින් සිටි විට, 11  භූතයෙකුගේ බලපෑම නිසා+ අවුරුදු දහඅටක් පුරා දුබල වී සිටි ස්ත්‍රියක් පැමිණියාය. දෙකට නැමී සිටි ඇයට කෙළින් සිටගැනීමටවත් හැකියාවක් තිබුණේ නැත. 12  යේසුස් ඇයව දුටු විට, “ඔබේ පීඩාවෙන් ඔබ දැන් නිදහස්”+ කියා ඇයට පවසා, 13  ඇය පිට තම අත් තැබුවේය. ඒ මොහොතේදීම ඇය කෙළින් වී+ දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තාය. 14  යේසුස් ඒ සුව කිරීම සබත් දවසේදී කළ නිසා සිනගෝගයේ සිටි නිලධාරියෙක් මහත් කෝපයකින් රැස්ව සිටි සෙනඟට මෙසේ පැවසුවේය. “වැඩ කරන්න සතියට දවස් හයක්ම තිබෙනවා.+ සබත් දවසක නැතුව ඒ දවසක ඇවිත් සුව කරගන්න.”+ 15  නමුත් යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ කොතරම් කුහකද!+ සබත් දවසේදී ගොනෙකුට හෝ බූරුවෙකුට වතුර ටිකක් දෙන්න ඔබ උන්ව ලිහා වතුර තිබෙන තැනකට උන්ව ගෙන යන්නේ නැද්ද?+ 16  දැන් මේ ගැන ටිකක් සිතන්න! ආබ්‍රහම්ගේ දියණියක්+ වන මේ ස්ත්‍රිය අවුරුදු දහඅටක් තිස්සේ සාතන්ගේ බැඳුම්වලින් සිර වී සිටියා. සබත් දවසේදී ඇයව නිදහස් කිරීමේ ඇති වරද කුමක්ද?” 17  ඔහු ඒ දේ පැවසූ විට ඔහුට විරුද්ධ වී සිටි සියලුදෙනා තුළ මහත් ලැජ්ජාවක් ඇති විය.+ නමුත් රැස්ව සිටි සමූහයා ඔහු කළ සියලු පුදුම දේවල් දැක ප්‍රීති වූහ.+ 18  ඉන්පසු ඔහු මෙසේ කීවේය. “දෙවිගේ රාජ්‍යය කුමකට සමානද? මට එය සමාන කළ හැක්කේ කුමකටද?+ 19  එය මිනිසෙකු තම වත්තෙහි පැළ කළ අබ ඇටයකට සමානයි. එය හොඳින් අතු ඉති ලියලා ගසක් ලෙස වැඩුණා. අහසේ කුරුල්ලන්+ ඇවිත් එහි ලැගුම් ගත්තා.”+ 20  නැවතත් ඔහු මෙසේ කීවේය. “මා දෙවිගේ රාජ්‍යය සමාන කරන්නේ කුමකටද? 21  ස්ත්‍රියක් පිටි ඒකක තුනක් ගෙන එයට මුහුන් මිශ්‍ර කරයි.* මිශ්‍ර කළ එම මුහුන් නිසා මුළු පිටි පිඩම පිපෙයි. දෙවිගේ රාජ්‍යයත් එම මුහුන්වලට සමානයි.”+ 22  ඉන්පසු ඔහු යෙරුසලම බලා යන ගමනේදී නුවරින් නුවරටත් ගමින් ගමටත් ගොස් ඒවායෙහි ඉගැන්වූවේය.+ 23  මේ අතර එක්තරා මිනිසෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ස්වාමීනි, ගැලවීම ලැබෙන්නේ සුළු පිරිසකට විතරද?”+ ඔහු අවට සිටි සියලුදෙනාට මෙසේ කීවේය. 24  “පටු දොරටුවෙන් ඇතුල් වීමට+ දැඩි උත්සාහයක් දරන්න.+ බොහෝදෙනෙකු ඇතුල් වෙන්න උත්සාහ කළත් ඔවුන්ට එයින් ඇතුල් විය නොහැකියි.+ 25  මන්ද ගෙහිමියා නැඟිට, දොරට අගුලු දැමුවායින් පසු ඔබ දොරකඩ ළඟට ඇවිත් දොරට තට්ටු කරමින්, ‘මහත්මයාණෙනි, දොර අරින්න’+ කියා පැවසුවත්, ‘ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ’+ කියා ඔහු ඔබට කියයි. 26  එවිට ඔබ මෙසේ කියයි. ‘අපි ඔබ සමඟ එකට කෑවා, බිව්වා. ඔබ අපේ නුවරට ඇවිත් එහි ප්‍රධාන මංසන්ධිවල ඉඳගෙන අපට ඉගැන්නුවා නේද?’+ 27  නමුත් ඔහු, ‘ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ. ඔබ සියලුදෙනාම අධර්මිෂ්ඨයි. කරුණාකර මෙහෙන් පිට වී යන්න’+ කියා ඔබට කියයි. 28  එදාට ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ සියලු අනාගතවක්තෘවරුන් දෙවිගේ රාජ්‍යයේ සිටිනවා ඔබ දකියි.+ නමුත් ඔබ සිටින්නේ පිටතයි. එහිදී ඔබට අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්න සිදු වෙයි.+ 29  පොළොවේ සියලු දිශාවලින්+ පැමිණෙන ජනයා දෙවිගේ රාජ්‍යයට ඇතුල් වී එහි පිළියෙල කර ඇති මේසය වටා ඉඳගනියි.+ 30  ඒ අනුව බලද්දී අන්තිමයන්ගෙන් කිහිපදෙනෙක් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන්ව සිටි කිහිපදෙනෙක් අන්තිමයන් බවටත් පත් වෙයි.”+ 31  එම පැයේදීම පරිසිවරුන් කිහිපදෙනෙක් ඇවිත් ඔහුට මෙසේ පැවසූහ. “හෙරොද් ඔබව මරන්න සොයනවා. ඒ නිසා මෙතැනින් ඉක්මනට පිට වී යන්න.” 32  යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ගොස් ඒ කපටියාට*+ මෙසේ කියන්න. ‘අදත් හෙටත් මේ පළාතේ මම භූතයන්ව දුරු කරමින් අසනීප වී සිටින අයව සුව කරනවා. තුන්වෙනි දවසේදී මගේ සියලුම වැඩකටයුතු මම නිමා කරනවා.’+ 33  නමුත් අදත් හෙටත් අනිද්දාත් මගේ ගමන මා යා යුතුයි. මන්ද අනාගතවක්තෘවරයෙකු මරා දමනවා නම් ඒ සඳහා සුදුසුම තැන යෙරුසලමයි.+ 34  යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරා දැමූ,+ තමන් වෙතට එවූ අයට ගල් ගැසූ+ නුවර! කිකිළියක් තම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ+ ඔබේ දරුවන්ව එකතු කරගන්න මා කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වුණේ නැහැ!+ 35  බලන්න! ඔබට ඉතුරු වන්නේ පාළු වූ සියලුදෙනා අත්හැර දැමූ දේවමාලිගාවක් පමණයි.+ එමෙන්ම ‘යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා’+ කියා ඔබ කියන තුරු ඔබ මාව නැවත දකින්නේ නැහැ කියා මම ඔබට කියනවා.”

පාදසටහන්

මූ.අ., “ඒ තුළ මුහුන් සඟවා තබයි.”
මූ.අ., “නරියාට.”