රෝම 5:1-21

5  අප තුළ තිබෙන විශ්වාසය පදනම් කරගෙන+ අපව දැන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර තිබෙන නිසා අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි දෙවි සමඟ සමාදානය භුක්ති විඳිමු.+  අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී+ ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත. එහෙයින් දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව ඇතුව+ සිටින අපි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙමු.  ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්‍රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+  විඳදරාගන්නා විට එය අපට දෙවිගේ අනුමැතිය ලබාගැනීමට මඟ පාදයි.+ දෙවිගේ අනුමැතිය ලබාගන්නා විට අප තුළ තිබෙන බලාපොරොත්තුව ශක්තිමත් වේ.+  ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.+ එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ අපගේ හදවත්+ දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.+  ඇත්තෙන්ම අප අසරණව* සිටි විට+ ක්‍රිස්තුස් නියමිත කාලයේදී පැමිණ දෙවිට කිසි භක්තියක් නොදක්වන මිනිසුන් උදෙසා මිය ගියේය.+  සාමාන්‍යයෙන් ධර්මිෂ්ඨ කෙනෙකු උදෙසා යමෙකු තම ජීවිතය පරිත්‍යාග කරන්නේ කලාතුරකිනි.+ සමහර අවස්ථාවලදී ඉතා යහපත්+ කෙනෙකු වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට තරම් නිර්භීතකමක් යමෙකු තුළ ඇති විය හැක.+  නමුත් අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය.+ දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.+  එහෙයින් ක්‍රිස්තුස්ගේ රුධිරය මාර්ගයෙන් අපව දැන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.+ එමනිසා ඔහු මාර්ගයෙන් දෙවිගේ උදහසින් අපට ගැලවිය හැකි බව+ වඩාත් නිසැකකමකින් පැවසීමට අපට පුළුවන. 10  ඇත්තෙන්ම අප සිටියේ දෙවිගේ සතුරන් ලෙසය.+ නමුත් දෙවි සමඟ සමාදාන වීමේ ප්‍රස්තාව ඔහුගේ පුත්‍රයාගේ මරණය තුළින් අපට උදා විය.+ එහෙයින් දැන් දෙවි සමඟ සමාදාන වී සිටින අපට ගැලවීම ලැබෙන බව වඩාත් නිසැකකමකින් පැවසීමට පුළුවන. එසේ වන්නේ අප වෙනුවෙන් දිවි පිදූ යේසුස් දැන් ජීවමානව සිටින නිසාය.+ 11  එපමණක්ද නොව දෙවි සමඟ සමාදාන වීමට+ අපට උපකාර කළ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවි සමඟ අපට ඇති බැඳීම ගැනත් අපි බොහෝ සෙයින් සතුටු වන්නෙමු. 12  එක් මිනිසෙකු+ පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය* ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.+ සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.+ 13  නීතිය ලබා දීමට පෙර සිටම මිනිස් වර්ගයා පව්කාර ක්‍රියා කළෝය. නමුත් නීතියක් නොතිබුණු නිසා කළ පව්කාර ක්‍රියාවලට කිසිවෙක් දඬුවම් ලැබුවේ නැත.+ 14  එසේවුවත් ආදම්ගේ කාලයේ සිට මෝසෙස්ගේ කාලය දක්වා මරණය රජකම් කළේය.+ ආදම් කළ පාපයට සමාන පව්කාර ක්‍රියා නොකළ අයට පවා මරණය උරුම විය.+ ඒ ආදම්, පැමිණෙන්න සිටි තැනැත්තාට යම් සමානකමක් දැරුවේය.+ 15  නමුත් එම පාපය නිසා හිමි වූ දේට වඩා වෙනස් දෙයක් දෙවි ලබා දුන් දීමනාව තුළින් හිමි වේ. මන්ද එක මිනිසෙකු කළ වරදක් නිසා බොහෝදෙනෙකුට මරණය හිමි විය. නමුත් එක මිනිසෙකු+ එනම්, යේසුස් ක්‍රිස්තුස් පෙන්වූ මහත් කරුණාව තුළින් දෙවි නොමිලේ ලබා දුන් දීමනාව හා ඔහු පෙන්වන මහත් කරුණාව බොහෝදෙනෙකුට මිල කළ නොහැකි ප්‍රයෝජන ලබා දෙයි.+ 16  ඇත්තෙන්ම එක මිනිසෙකු කළ පාපයේ ප්‍රතිඵලවලට+ වඩා නොමිලේ ලැබුණු දීමනාවෙන්+ අත් වන ප්‍රතිඵල වෙනස් වේ. මන්ද එක වරදකින් ලැබුණු දඬුවමේ ප්‍රතිඵලය+ මිනිසුන් වරදකරුවන් ලෙස තීන්දු වීමය.+ නමුත් මිනිසුන් බොහෝ වැරදි කළත් දෙවි දෙන දීමනාවේ ප්‍රතිඵලය නම් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමය.+ 17  එක මිනිසෙකු කළ වරදින්+ මරණය රජකම් කරන්න පටන්ගත්තේය.+ නමුත් එක් කෙනෙකු තුළින් බොහෝදෙනෙක් මහත් කරුණාව ලැබුවෝය.+ එමෙන්ම නොමිලේ ලැබෙන දීමනාවක්+ තුළින් ඔවුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබීය. එහි ප්‍රතිඵලය ඔවුන්ගේ ජීවිත නැවත ඔවුන්ට උරුම වී රජවරුන් ලෙස පාලනය කිරීමට හැකි වීමය.+ ඒ සියල්ලට මඟ පෑදුවේ එක මිනිසෙකු එනම්, යේසුස් ක්‍රිස්තුස් කළ ක්‍රියාවයි.+ 18  ඒ අනුව එක මිනිසෙකු කළ වරද නිසා සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව වරදකරුවන් බව ප්‍රකාශ කරන ලදි.+ එලෙසම එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් තුළින්+ සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව+ ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන අතර ඔවුන්ට ජීවනය හිමි වෙයි.+ 19  එක මිනිසෙකු අකීකරු වූ නිසා+ බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන් ගනු ලැබීය. එලෙසම එක් කෙනෙකුගේ කීකරුකම නිසා+ බොහෝදෙනෙකුව+ ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ.+ 20  නීතිය+ හඳුන්වා දුන් විට සියලුදෙනා අතින් කොතරම් වැරදි සිදු වෙනවාද කියා තවත් තහවුරු විය.+ මිනිසුන් පව්කාරයන් බව තහවුරු වුණත්+ දෙවිගේ මහත් කරුණාව+ සියල්ලට වඩා ප්‍රබලය. 21  එසේ වූයේ මිනිසුන්ගේ පව්කාර ස්වභාවය සහ මරණය එකට රජකම් කරනවා වෙනුවට+ මහත් කරුණාව+ රජකම් කිරීම සඳහාය. එහෙයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එහි ප්‍රතිඵලය සදාකාල ජීවනයයි.+

පාදසටහන්

එනම්, පව්කාරයන්ව.
මෙම පව්කාර ස්වභාවය නිසා දෙවිගේ පෞද්ගලිකත්වය, ප්‍රමිති සහ කැමැත්තට පටහැනි ඕනෑම ක්‍රියාවක් කිරීමට හෝ දෙවි සමඟ කෙනෙකුට තිබෙන මිත්‍රත්වය පලුදු කරන දේවල් කිරීමට හෝ පෙලඹිය හැක.