රෝම 4:1-25

4  අපගේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම්+ ගැන කිව හැක්කේ කුමක්ද?  ආබ්‍රහම් ධර්මිෂ්ඨයි කියා ප්‍රකාශ කළ බව අපි දනිමු. දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකුවේ ඔහු කළ ක්‍රියා නිසාද?+ එය එසේනම් තමා ගැන පුරසාරම් දෙඩීමට ඔහුට පදනමක් තිබෙනු ඇත. නමුත් දෙවිගේ ප්‍රමිතියට අනුව පුරසාරම් දෙඩීමට ඔහුට කිසිම පදනමක් නැත.  ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන පවසන්නේ කුමක්ද? “ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියාය.  උදාහරණයකට යම් රැකියාවක් කරන මිනිසෙකු ගැන සිතන්න.+ ඔහුට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්නේ ඔහුට කරුණාව පෙන්වමින් ලබා දෙන තෑග්ගක් ලෙස නොවේ.+ එය දෙනු ලබන්නේ ඔහු කළ දේට යම් ගෙවීමක් කළ යුතු නිසාය.+  අනික් අතට තමන් කරන ක්‍රියා මත රඳා නොසිටින කෙනෙකු ගැන සිතන්න. ඔහු පව්කාරයන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන නිසා+ ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකනු ලැබේ. ඒ අනුව කෙනෙකුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකන්නේ ඔහු කරන ක්‍රියා නිසා නොව ඔහු තුළ තිබෙන විශ්වාසය නිසාය.+  යම් තැනැත්තෙකුගේ ක්‍රියා පදනමක් කර නොගෙන දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකන ආකාරය ගැන දාවිත්ද කතා කළේය. එවැනි කෙනෙකුට මොන තරම් සන්තෝෂයක් දැනේද යන්න ගැන ඔහු සඳහන් කළේ මෙලෙසය.  “වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය.+ ඔහු කළ පාප මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය.+  යමෙකු කළ පාපය යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.”+  එවැනි සන්තෝෂයක් අද්දකින්නේ චර්මච්ඡේදනය වූ අය පමණක්ද? චර්මච්ඡේදනය වී නැති අයටත් එය අද්දැකිය නොහැකිද?+ “ආබ්‍රහම් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියා අප පැවසුවා ඔබට මතක ඇති. 10  ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සැලකුවේ කුමන අවස්ථාවේදීද? ඔහුව චර්මච්ඡේදනය කළ පසුද නැත්නම් එසේ කිරීමට පෙරද?+ ඇත්තෙන්ම එසේ සිදු වූයේ ඔහු චර්මච්ඡේදනය වීමට කලින්ය. 11  එසේනම් ඔහුව චර්මච්ඡේදනය කළේ යමක් සංකේතවත් කිරීමටය.+ එනම් ඔහුගේ විශ්වාසය නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකන බව සංකේතවත් කිරීමටය. චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු තුළ විශ්වාසය තිබිණ. ඒ අනුව චර්මච්ඡේදනය නොවී සිටියත් තම විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම+ පියා බවට ඔහු පත් විය.+ 12  එසේම චර්මච්ඡේදනය වී ඇති අයගේද පියා ඔහුය. ඒ අනුව ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත්ව සිටින අයගේ පමණක් නොව චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු පෙන්වූ විශ්වාසය අනුකරණය කරන අයගේද පියා වේ.+ 13  ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් මුළු පොළොවම උරුම වන බව දෙවි ඔහුට පොරොන්දු වුණේ ඔහු නීතියට කීකරු වූ නිසා නොවේ.+ ඔහු තුළ තිබූ විශ්වාසය හේතුවෙන් දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ නිසාය.+ 14  උරුමක්කාරයන් බවට පත් වන්නේ නීතියට ඇලී සිටින අය නම් විශ්වාසයක් ඇතුව සිටීමෙන් කිසිදු පලක් නැත. දෙවි දෙන පොරොන්දුවේ කිසි තේරුමක්ද නැත.+ 15  ඇත්තටම නීතිය තුළින් කෙනෙක් දෙවිගේ උදහසට ලක් විය යුතු බව පෙන්වා දෙයි.+ එලෙසම නීතියක් දී තිබුණේ නැත්නම් ඒ තැනැත්තා වරදක් කළා කියා තීරණය වන්නේ නැත.+ 16  ආබ්‍රහම් උරුමක්කාරයෙකු වන බවට දෙවි පොරොන්දු වුණේ ඔහු තුළ තිබූ විශ්වාසය නිසා බව පැහැදිලිය. ඒ පොරොන්දුවෙන් දෙවිගේ මහත් කරුණාව දැකගත හැකි විය.+ එවැනි පොරොන්දුවක් දීමට හේතුව+ ආබ්‍රහම් තුළ තිබූ විශ්වාසය වන නිසා ඒ පොරොන්දුව ඔහුගෙන් පැවතෙන සියලුදෙනා+ එනම්, නීතිය යටතේ සිටින අය පමණක් නොව ආබ්‍රහම් මෙන් විශ්වාසයක් ඇති සියලුදෙනා සම්බන්ධයෙන් සහතිකවම ඉටු වේ. (ඔහු අප සියලුදෙනාගේම පියාය.+ 17  මන්ද, “මම ඔබව බොහෝ ජාතීන්ගේ පියෙකු ලෙස පත් කළෙමි” කියා ලියා තිබේ.)+ එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදි. ඒ දෙවි, මිය ගොස් ඇති අයව නැවත ජීවත් කරවන,+ ඉටු වී නැති දේවල් පවා ඉටු වී ඇති බවට ප්‍රකාශ කරන දෙවිය.+ 18  ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වන බව+ දෙවි පවසද්දී එය සිදු වන දෙයක් ලෙස නොපෙනුණත් ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබිණ.+ එමනිසා “ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නේය”+ කියා දෙවි පැවසූ විට ඔහු එය සිදු විය හැකි දෙයක් ලෙස විශ්වාස කළේය. 19  ඒ වන විට තමාට අවුරුදු සියයක් වන නිසා+ තමා දුබල බවත්+ සාරාට දරුවෙකු බිහි කරන්න තරම් හැකියාවක් නැති බවත්+ දැන සිටියද ඔහු තුළ තිබූ විශ්වාසය දුර්වල වී ගියේ නැත. 20  එසේම දෙවි දුන් පොරොන්දුව+ ගැන සැක කරමින් තම විශ්වාසය නැති කරගත්තේද නැත.+ ඒ වෙනුවට විශ්වාසයෙන් ශක්තිමත් වූ ඔහු,+ දෙවිට ගෞරවය ගෙන දෙමින්, 21  දෙවි පොරොන්දු වී තිබූ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන බවට පූර්ණ විශ්වාසයකින් සිටියේය.+ 22  ‘ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගනු ලැබුවේ’ ඒ නිසාය.+ 23  ‘ඔහුව එලෙස ගණන් ගනු ලැබූ’ බව+ ලියා තිබුණේ ඔහු උදෙසා පමණක් නොව,+ 24  අප උදෙසාත්ය. මන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තා කෙරෙහි අපටත් විශ්වාසයක් තිබේ.+ එහෙයින් අපවත් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ. 25  යේසුස්ව මරණයට නියම කරනු ලැබුවේ අපගේ වැරදි උදෙසාය.+ එමෙන්ම ඔහුව නැවත නැඟිටුවනු ලැබුවේ අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීම සඳහාය.+

පාදසටහන්