රෝම 14:1-23

14  තමන් විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් ගැන එතරම් පුළුල් අවබෝධයක් නැති කෙනෙකුව+ ප්‍රතික්ෂේප නොකරන්න. ඔහුගේ සිතේ යම් ප්‍රශ්න මතු වුණත්+ ඔහුව විනිශ්චය නොකරන්න.  තමන් විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් ගැන පුළුල් අවබෝධයක් ඇති කෙනෙක් ඕනෑම දෙයක් කෑමට ගන්නවා විය හැකියි.+ නමුත් එතරම් පුළුල් අවබෝධයක් නැති කෙනෙකු එළවළු පමණක් ආහාරයට ගන්නවා විය හැකියි.  ඕනෑම දෙයක් ආහාරයට ගන්නා තැනැත්තා එසේ නොකරන තැනැත්තාව හෙළාදැකීමෙන් වැළකී සිටිය යුතුයි.+ එලෙසම යම් දේවල් තෝරා බේරා ආහාරයට ගන්නා තැනැත්තා සියලු දේ ආහාරයට ගන්නා තැනැත්තාව විනිශ්චය නොකළ යුතුයි. මන්ද දෙවි ඒ තැනැත්තාව පිළිගෙන තිබේ.  ඔහුව විනිශ්චය කිරීමට ඔබ කවුද?+ ඔහු ඔබේ සේවකයෙකු නොව දෙවිගේ සේවකයෙක්ය. ඔහුට තම අනුමැතිය ලබා දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඔහුගේ ස්වාමියා වන දෙවිය.+ ඇත්තෙන්ම ඔහුට දෙවිගේ අනුමැතිය දිනාගත හැකියි. මන්ද යෙහෝවා දෙවිගේ උපකාරය ඔහුට තිබේ.+  ඇතැම්විට කෙනෙක් අන් සියලු දවස්වලට වඩා එක දවසකට විශේෂ වැදගත්කමක් දිය හැකියි.+ තවත් කෙනෙක් සියලුම දවස් එක හා සමානව සලකනවා විය හැකියි.+ නමුත් සියලුදෙනාම තමන් කුමන දේ කළත් සිතේ සැකයක් තබා නොගෙන එය කළ යුතුයි.  යම් දවසකට විශේෂ වැදගත්කමක් ලබා දෙන තැනැත්තා එසේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනි. යමෙක් ආහාර ගන්නේ යෙහෝවා දෙවිට ගෞරවය ලබා දීම සඳහායි.+ මන්ද ඒ අවස්ථාවේදී ඔහු දෙවිට ස්තුති පුද කරයි.+ අනික් අතට යමෙක් ආහාර නොගෙන සිටින්නේ යෙහෝවා දෙවිට ගෞරවය ලබා දීම සඳහාය.+ ඔහුද එවැනි අවස්ථාවලදී දෙවිට ස්තුති පුද කරයි.+  ඇත්තෙන්ම අප කවුරුත් ජීවත් වන්නේ අපගේම ගෞරවය උදෙසා නොවේ.+ කිසිවෙක් මිය යන්නේද තමාගේ ගෞරවය උදෙසා නොවේ.  මන්ද අප ජීවත් වන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය.+ අපට මිය යන්න සිදු වුණත් එසේ මිය යන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය.+ ඒ අනුව අප ජීවත් වුණත් මිය ගියත් අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.+  මන්ද ක්‍රිස්තුස් මිය ගියෙත් නැවත ජීවත් වුණෙත්+ මිය ගිය අය+ හා ජීවතුන්+ කෙරෙහි අධිපතිකම් කරන ස්වාමීන් වීම සඳහාය. 10  නමුත් ඔබේ සහෝදරයාව ඔබ විනිශ්චය කරන්නේ මන්ද?+ ඔබ ඔබේ සහෝදරයාව පහත් කර සලකන්නේ මන්ද? යම් දිනක අපි සියලුදෙනාම දෙවිගේ විනිශ්චයාසනය+ ඉදිරියේ පෙනී සිටිනු ඇත. 11  ලියවිලිවල සඳහන් වී ඇති ආකාරයට, “‘සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමන බවත් සියලු ජනයා මාව දෙවි ලෙස එකහෙළාම පිළිගන්නා බවත්+ ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි’ කියා යෙහෝවා දෙවි කියන්නේය.”+ 12  එහෙයින් අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.+ 13  එමනිසා අපි තවදුරටත් එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිමු.+ එලෙසම වරදක් කිරීමට සහෝදරයෙකුව+ පෙලඹීමට*+ හෝ ඔහුව නොමඟ යැවීමට හෝ හේතු වන කිසි දෙයක් නොකිරීමට අදිටන් කරගනිමු.+ 14  කිසිම දෙයක් අපවිත්‍ර නොවන බව ස්වාමීන් වන යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස මම ඉතා පැහැදිලිව තේරුම්ගෙන සිටිමි.+ යම් දෙයක් අපවිත්‍ර වන්නේ යම් කෙනෙකු එය අපවිත්‍රයි කියා සැලකුවොත් පමණි.+ 15  එහෙයින් ඔබ කෑමට ගන්නා දෙය ඔබේ සහෝදරයාට ප්‍රශ්නයක් නම් ඔබ ප්‍රේමයෙන් ක්‍රියා කරනවා කියා පැවසිය නොහැක.+ ක්‍රිස්තුස් ඔහු වෙනුවෙන්ද මිය ගිය නිසා ඔබ කෑමට ගන්නා දෙයින් ඔහු තුළ කලකිරීමක් ඇති නොකරන්න.*+ 16  ඔබ කරන දේ වරදක් නොවුණත් යමෙකු ඒ ගැන අගුණ කියන්න ඉඩ තිබෙන නිසා ඒ දේ නොකරන්න. 17  මන්ද දෙවිගේ රාජ්‍යයට+ ඇතුල් වීමට නම් වැදගත් වන්නේ ඔබ කන බොන දේ නොවේ.+ වඩාත් වැදගත් වන්නේ දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට ඉඩහැර ධර්මිෂ්ඨකමින්,+ සමාදානයෙන්+ සහ ප්‍රීතියෙන්+ ක්‍රියා කිරීමය. 18  මන්ද ක්‍රිස්තුස්ගේ දාසයෙකු ලෙස එසේ ක්‍රියා කරන තැනැත්තෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර ඔහු මිනිසුන්ගේ ප්‍රසාදයද දිනාගන්නේය.+ 19  ඒ අනුව සමාදානයට දායක වන දේවල්ද+ එකිනෙකාව ගොඩනංවන දේවල්ද+ කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු. 20  තවදුරටත් කෑම ටිකක් නිසා දෙවි ගොඩනඟා ඇති දේවල් කඩා බිඳ නොදමන්න.+ සෑම දෙයක්ම පවිත්‍ර බව සැබෑය. නමුත් කෙනෙක් කෑමට ගන්නා දෙයක් නිසා තවත් කෙනෙක් නොමඟ යයි නම් එය සුදුසු දෙයක් නොවේ.+ 21  මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් කිරීමෙන් හෝ ඔබේ සහෝදරයා තුළ තිබෙන විශ්වාසයට යම් හානියක් සිදු වේ නම් එයින් වැළකී සිටීම වඩාත් හොඳය.+ 22  ඔබ ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයට අනුව ඔබ ගන්නා තීරණ ඔබ හා දෙවි අතර තිබෙන දෙයක් බව මතක තබාගන්න.+ ඒ අනුව යමෙක් යම් දෙයක් කිරීමට තීරණය කර එය කළ පසු ඒ ගැන ඔහුගේ සිත ඔහුට දොස් කියන්නේ නැත්නම් ඔහුට ඒ ගැන සතුටු විය හැකියි. 23  නමුත් ඔහු යම් සැකයකින් යමක් කෑමට ගත්තොත් ඔහු වරදකරුවෙක් බවට පත් වෙයි.+ එසේ වන්නේ ඔහු තමන් ගොඩනඟා ගෙන තිබූ විශ්වාසයට එය බලපාන අයුරු ගැන නොතකා ඒ කෑම ආහාරයට ගත් නිසාය. ඇත්තෙන්ම තම විශ්වාසයට බලපායි කියා නොතකා කරන සෑම දෙයක්ම වරදක් ලෙස සැලකිය යුතුයි.+

පාදසටහන්

මූ.අ., “සහෝදරයෙකුට පය පැකිළී වැටීමට.”
එසේ කිරීම ඔහුගේ විශ්වාසයට හෝ සදාකාල ජීවිතයට බලපෑ හැක.