යෝබ් 9:1-35

9  එවිට යෝබ් පිළිතුරු දෙමින් මෙසේ කිවේය.   “ඔබ කියූ කාරණය සත්‍යය බව මම දනිමි.මිනිසා දෙවිට වඩා ධර්මිෂ්ඨ වන්නේ කෙලෙසද?+   මිනිසා දෙවි සමඟ විවාදයකට යන්නේ නම්+දෙවි අසන ප්‍රශ්න දහසකින් එකකටවත් පිළිතුරු දීමට ඔහුට නොහැකිය.   මන්ද දෙවි ප්‍රඥාවන්තය. බලයෙන් අතිමහත්ය.+ඔහුට පිටු පා සාර්ථක වූ දක්ෂයා කවරෙකුද?+   දෙවි තම දැවෙන කෝපයෙන්+ කඳු පෙරළයි.ඔහු කඳු පහ කර දමන්නේ+ කිසිවෙකුට නොදැනෙන සේය.   ඔහු පොළොව සොලවයි.එහි කණු+ දෙදරුම් කයි.   ඔහු, ‘එළිය නොදෙන්න’ කියා හිරුට අණ කරන්නේය.තාරකාවන් මුද්‍රාවකින් වසා දමන්නේය.+   අහස්තලය තනිවම දිගහැරියේ ඔහුය.+මුහුදේ දැවැන්ත රළ+ පහර මත පා තබන්නෙත් ඔහුය.   ඈෂ්, කේසිල් සහ කයිමා* යන තාරකා මණ්ඩලද+දකුණු දිග තාරකා මණ්ඩලයද* තැනුවේ ඔහුය. 10  ඔහු කිසිවෙකුට සොයා තේරුම්ගත නොහැකි මවිතකර දේ කරන්නේය.+ඔහුගේ පුදුම දනවන ක්‍රියා ගණන් කරන්නවත් බැරි තරම්ය.+ 11  ඔහු මා අසලින් ගියත් මාගේ දෑසට ඔහුව නොපෙනෙයි.ඔහු මා පසු කර ගියත් මම ඔහුව හඳුනා නොගන්නෙමි.+ 12  ඔහු යමක් උදුරාගන්නේ නම් එය වැළක්විය හැක්කේ කාටද?‘ඔබ කුමක් කරන්නෙහිද’ කියා කිසිවෙකුට ඔහුගෙන් ඇසිය හැකිද?+ 13  දුෂ්ටයන්ව පහතට හෙළන තුරු ඔහුගේ උදහස+ පහ නොවෙයි.පීඩා කරන්නාට+ අතහිත දෙන අය දෙවිගේ පාමුල වැටෙති. 14  එසේනම්, මා දෙවිට පිළිතුරු දෙන විට මා කොතරම් පරෙස්සමෙන් මාගේ වචන හැසිරවිය යුතුද?මම ඔහු සමඟ කතා කිරීමට පෙර හොඳින් සිතා බලන්නෙමි.+ 15  මම නිවැරදි වුවත් ඔහු ඉදිරියේ කට නාරින්නෙමි.+මට චෝදනා කරන්නාගෙන් මම කරුණාව අයැදිමි.+ 16  මා ඔහුට හඬගැසුවත් ඔහු මට පිළිතුරු දෙයිද?+ඔහු මාගේ හඬ අසයි කියා විශ්වාස කළ හැකිද? 17  දෙවි සැඩ කුණාටුවකින් මට පහර දෙන්නේය.ඔහු නිකරුණේ මට බොහෝ තුවාල ඇති කරන්නේය.+ 18  ඔහු මට හුස්ම+ ගන්නවත් ඉඩ නොදෙන්නේය.මාගේ ජීවිතය එපා වන තරමටම කටුක අද්දැකීම්වලට මුහුණ දීමට ඔහු මට සැලැස්වූවේය. 19  දෙවිට වඩා බලවත් කෙනෙක් සිටීද?+ඔහුට වඩා යුක්තිසහගත කෙනෙක් සිටීද? එසේනම් ඔහු ඉදිරියට මාව කැඳවනු ලැබේවා! 20  මා කිසි වරදක් නොකළද මා දුෂ්ටයෙකු බව මාගේම මුඛය මට විරුද්ධව චෝදනා කරනු ඇත.මා නිදොස් වුවද දෙවි මා වරදකරුවෙකු බව ප්‍රකාශ කරනු ඇත. 21  මා නිදොස් වුවද ජීවත් වීමෙන් පලක් නැත.මට ජීවිතය තිත්ත වී ඇත. 22  එක් දෙයක් නම් පැහැදිලිය.කෙනෙකු නිදොස් වුවත් දුෂ්ට වුවත් එහි කිසි වෙනසක් නැත. දෙවි ඒ දෙපිරිසම විනාශ කරන්නේය.+ 23  නොසිතූ මොහොතක ජලගැල්මක් ඇති වී මිනිස් ජීවිත උදුරාගෙන, නිදොස් අයව අසරණ කරන්නේ නම්දෙවි ඒ දෙස බලා සිනාසෙනු ඇත. 24  පොළොව දුෂ්ටයාගේ අතට භාර දී තිබේ.+දෙවි විනිසුරුවන්ගේ දෑස් වසා ඇත.එසේ කළ හැක්කේ ඔහුට මිස වෙන කවරෙකුටද? 25  මාගේ ජීවිතයේ දවස්, වේගයෙන් දුවන ධාවකයෙකුටත් වඩා ශීඝ්‍රයෙන් ගෙවී යන්නේය.+කිසිදු යහපතක් නොදැක මාගේ ජීවිතය ගෙවී යන්නේය. 26  වේගයෙන් යාත්‍රා කරන පන් ඔරුවක් මෙන්දගොදුර මතට කඩාවදින රාජාලියෙකු මෙන්ද+ මාගේ ජීවිතයේ දවස් වේගයෙන් ගෙවී යයි. 27  ‘මාගේ දුක් කරදර අමතක කර දමා,+ශෝක නොවී සතුටින් සිටීමට උත්සාහ කරමි’+ යයි මා සිතුවත් 28  වේදනාකාරී දේ මා පසුපස හඹා එන නිසා මම බියෙන් සිටිමි.+මන්ද ඔබ මා නිර්දෝෂයි කියා ප්‍රකාශ නොකරන බව මම දනිමි. 29  ඔබ මාව දුෂ්ටයෙකු ලෙස ගණන් ගනු ඇත.එසේනම් මා මෙතරම් වෙහෙසෙන්නේ කුමකටද?+ 30  මා හිම දියෙන් නාගෙන,සබන්+ දමා මාගේ දෑත් සෝදාගත්තද 31  ඔබ මා මඩ වගුරක හෙළන්නෙහිය.මාගේ වස්ත්‍ර පවා මාව පිළිකුල් කරනු ඇත. 32  දෙවි මා වැනි මිනිසෙකු නොවෙයි.+මා කෙසේ ඔහු සමඟ විවාද කරන්නද? කෙසේ ඔහුට විරුද්ධව චෝදනා කරන්නද? 33  දෙවිත් මාත් අතරේ මැදිහත් වී,+මේ ප්‍රශ්නය විසඳිය හැකි කිසිවෙක් නැත. 34  ඔහු මට ගෙනා දඬුවම ඔහුම මාගෙන් ඉවත් කරාවා!+බියගන්වන දේවලින් මට තවත් පීඩා නොකරාවා! 35  එවිට කිසිම භයක් නොමැතිව ඔහු සමඟ කතා කරන්නෙමි.මන්ද ඔහුට භය වීමට මට කිසිදු හේතුවක් නැත.

පාදසටහන්

හෙබ්‍රෙව් බසින්, ඈෂ්, කේසිල් සහ කයිමා ලෙස යොමු දැක්වූයේ මහවලසා, මුවසිරස සහ හත්දින්නත් යන තාරකා මණ්ඩලවලට විය හැකියි.
මූ.අ., “දකුණේ ගබඩා කාමර.”