යෝබ් 4:1-21
4 එවිට තේමාන් දේශයෙන් පැමිණි එලිෆස්+ මෙසේ කීය.
2 “යමෙකු ඔබ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වුවහොත් ඔබ විඩාවට පත් වෙයිද?එහෙත් මා කතා නොකර සිටින්නේ කොහොමද?
3 ඔබ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී+දුර්වල අයව ශක්තිමත් කළ ආකාරය+ ගැන සිතා බලන්න.
4 ඔබ වැටෙන්න ගිය අයව දිරිමත් කර,+වෙවුලන පාද සවිමත් කළෙහිය.+
5 නමුත් දැන් ඔබත් ඒ තත්වයටම වැටී ඇත.ඔබ බොහෝ සෙයින් හෙම්බත් වී සිටින්නෙහිය. දුක් පීඩා දරාගත නොහැකිව නොසන්සුන්ව සිටින්නෙහිය.
6 ඔබ දෙවිට ගරුබිය දැක්වූවා නම් ඔබ තුළ නිසැකකමක් නොතිබෙන්නේ මන්ද?ඔබ දෙවිට විශ්වාසවන්තව+ සිටියා නම් හෙට දවස ගැන ඔබේ සිතෙහි බලාපොරොත්තුවක් නොතිබෙනු ඇද්ද?
7 මේ දේ දැන් සිතට ගන්න. නිර්දෝෂ මිනිසෙකු කිසිවිටෙක විනාශ වී ගිය බව ඔබ ඇසුවෙහිද?ප්රතිපත්තිගරුක+ ජීවිතයක් ගත කළ කෙනෙකු නැති වී ගිය බව ඔබ කිසිදා අසා තිබෙනවාද?
8 මාගේ අද්දැකීමට අනුව නම් අනුන්ට නපුරක් කිරීමට මාන බලන,දුෂ්ට දේ කරන අය තමන් වපුරන දේම කපාගන්නෝය.+
9 දෙවිගේ එක හුස්මකින් ඔවුහු වැනසී යන්නෝය.දෙවිගේ උදහසින් ඔවුන්ගේ දිවි කෙළවර වන්නේය.
10 සිංහයා ගර්ජනා කරයි. තරුණ සිංහයාගේ හඬ ඇසෙයි.එහෙත් යම් දවසක තරුණ, කේශර සිංහයාගේ දත් පවා බිඳ දමනු ලැබේ.
11 ගොදුරු නොමැතිව සිංහයා මියැදෙයි.සිංහ ධේනුවගේ පැටව්ද විසිර යති.
12 යමෙක් රහසින් ඇවිත් මට යමක් පැවසුවේය.සිහින් හඬින් පැවසූ රහසක් මාගේ දෙසවනට වැටිණ.+
13 මිනිසුන් රෑ යාමේ නිදි සුව විඳින විටනොසන්සුන් කරවන දර්ශනයක් මට පෙනිණ.
14 මාගේ මුළු ගතම බියෙන් කිලිපොළා ගියේය.මාගේ ඇටකටු සියල්ලද සලිත වූයේය.
15 එවිට ස්වර්ගයෙන් පැමිණි දූතයෙක් මා ඉදිරියෙන් ගියේය.මාගේ සිරුරේ හිරිගඩු පිපුණේය.
16 ඔහු මා ඉදිරියේ නැවතුණේය.එහෙත් ඔහුව හඳුනාගැනීමට මට නොහැකි විය.මා ඉදිරියේ අඳුරු ඡායාවක් පෙනිණ.මොහොතකට සියල්ල නිහඬ විය. ඉන්පසු මෙසේ කියන හඬක් මට ඇසිණ.
17 ‘දූවිලි බඳු මිනිසෙකුට දෙවිට වඩා ධර්මිෂ්ඨ විය හැකිද?මිනිසෙක් තම සැදුම්කරුට වඩා ශුද්ධ වන්නේ කෙලෙසද?’
18 දෙවි තම සේවකයන්ව විශ්වාස නොකරන්නේය.ඔහු තම දූතයන්ට* විරුද්ධව දොස් කියන්නේය.
19 එසේනම්, දූවිල්ලේ+ අත්තිවාරම් දැමූ, මැටි ගෙවල්වල වසන්නාවූඅය ගැන කුමක් කිව හැකිද?කාවුන්ටත් වඩා පහසුවෙන් ඔවුන්ව පොඩි කර දැමිය හැකිය.
20 ඔවුන් උදේ සිට සවස් වන තුරුම මැරි මැරී වැටුණත්කිසිවෙක් එය ගණනකටවත් ගන්නේ නැත. ඔවුහු සදහටම මෙලොවින් සමුගනිති.
21 කූඩාරමක ලණු බුරුල් කළ විගස එය හැකිළී යන්නාක් මෙන් ඔවුහු මිය යති.ප්රඥාව නොමැති නිසා ඔවුහු තම අවසන් ගමන් යති.
පාදසටහන්
^ හෝ, “පණිවිඩකරුවන්ට.”