යෝබ් 34:1-37

34  එලිහු තවදුරටත් මෙසේ පැවසුවේය.   “ප්‍රඥාවන්තයෙනි, මට සවන් දෙන්න.දැනුම් තේරුම් ඇත්තෙනි, මට ඇහුම්කන් දෙන්න.   දිව* කෑමවල රස තෝරන්නාක් මෙන්+දෙසවන් වචන විමසා බලන්නේය.+   අපි හරි දේ කුමක්දැයි සොයා බලමු.යහපත කුමක්දැයි විමසා බලමු.   මන්ද යෝබ් මෙසේ කියා ඇත. ‘මා ධර්මිෂ්ඨය.+නමුත් දෙවි මට යුක්තිය ඉටු නොකළේය.+   මට ලැබිය යුතු විනිශ්චය ගැන මා පවසන්නේ බොරුවක්ද?මම කිසි වරදක් නොකළෙමි. එහෙත් මාගේ තුවාලය දරුණුය.’+   නින්දා අපහාසවලට ලොල්කමක් දක්වන්නාවූ+යෝබ් වැනි තවත් මිනිසෙකු සිටීද?+   ඔහු වැඩි කල් යන්න මත්තෙන් නපුරුකම් කරන අයගේ ඇසුරට වැටෙන්නේය.දුෂ්ටයන්ගේ මාවත් වෙතට පියමං කරන්නේය.+   මන්ද, ‘දෙවිව සතුටට පත් කරන ජීවිතයක් ගත කිරීමෙන්මිනිසෙකුට කිසි ප්‍රයෝජනයක් නැහැ’+ කියා ඔහු පවසන්නේය. 10  තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තෙනි,+ දැන් මා කියන දේට ඇහුම්කන් දෙන්න.සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද?+සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද?+ එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත. 11  දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය. 12  සියලු බලැති දෙවි කිසි දිනක දුෂ්ට ලෙස හැසිරෙන්නේවත්+අසාධාරණයක් සිදු කරන්නේවත් නැති බව ස්ථිරය.+ 13  මුළු මහත් පොළොව රැකබලා ගැනීමට දෙවිව පත් කළේ කවුද?කවරෙකු හෝ මේ පොළොව දෙවිගේ භාරයේ තැබුවාද? 14  අවශ්‍ය නම් මිනිසාව ජීවත් කරවන බලයත්හුස්මත් ඉවත් කිරීමට දෙවිට හැක.+ 15  එවිට සෑම ජීවියෙක්ම නසිනු ඇත.මිනිසාද නැවත දූවිල්ලට හැරී යනු ඇත.+ 16  ඔබ දැනුම් තේරුම් ඇති අය නම් මට ඇහුම්කන් දෙන්න.මා පවසන දේ සිතට ගන්න. 17  යුක්තියට ප්‍රිය නොකරන කෙනෙකුට පාලනය කළ හැකිද?+ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කරන බලවන්තයෙකු දුෂ්ටයි කියා ඔබ පවසයිද?+ 18  යමෙකු රජෙකුව අමතා, ‘ඔබ කිසි කමකට නැති කෙනෙක්’ කියා හෝඋත්තමයෙකුට, ‘ඔබ දුෂ්ටයෙක්’ කියා හෝ පවසයිද?+ 19  එහෙත් අධිපතියෙකුට වුවද විශේෂ සැලකිල්ලක් නොදක්වන කෙනෙක් සිටියි.ඔහු දිලින්දන්ටත් උත්තමයන්ටත් සලකන්නේ එක හා සමානවය.+මන්ද ඒ සෑම කෙනෙකුටම ජීවිතය දුන්නේ ඔහුය.+ 20  ඒ සියලුදෙනාම රෑ යාමයේදී+ සැණෙකින් මිය යන්නෝය.+ඔවුහු විපත්තිය දැක කැලඹී, අවසන් හුස්ම හෙළන්නෝය.බලවන්තයෝ පවා මිනිසෙකුගේ මැදිහත් වීමකින් තොරව නැති වී යන්නෝය.+ 21  මන්ද දෙවිගේ ඇස් මිනිසා කෙරෙහි යොමු වී තිබේ.+ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔහු දකින්නේය. 22  එබැවින් දුෂ්ටකම් කරන අයට සැඟවීමට ස්ථානයක් නැත.ගන අඳුරෙන් වට වූ ස්ථානවල පවා ඔවුන්ට සැඟවිය නොහැක.+ 23  මිනිසුන්ව විනිශ්චය කිරීමට දෙවි විශේෂ දවසක් නියම කර නැත.ඔහුට ඕනෑම අවස්ථාවක එසේ කළ හැක. 24  ඒ නිසා ඔහු බලවතුන්ව විනිශ්චයට නොකැඳවා, ඔවුන්ව බලයෙන් පහ කර දමන්නේය.+ඉන්පසු ඔහු ඔවුන් වෙනුවට වෙනත් අයව පත් කරන්නේය.+ 25  ඔහු ඔවුන්ගේ සියලු ක්‍රියා දන්නා නිසා+එක රැයකින් ඔවුන්ව යටත් කරගෙන විනාශයට පමුණුවන්නේය.+ 26  ඔහු ඔවුන්ව දුෂ්ටයන් ලෙස සලකාසියල්ලන් ඉදිරියේ ඔවුන්ට පහර දෙන්නේය.+ 27  මන්ද ඔවුහු දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර,+ඔහුගේ ආඥා ගැන කිසිදු තැකීමක් නොකරන්නෝය.+ 28  අසරණ අය කඳුළු සලමින් දෙවිට කන්නලව් කරන්නෙත්පීඩිතයන් ඔහුගෙන් පිහිට පතන්නෙත් ඔවුන් නිසාය.+ 29  දෙවි සාමකාමී කාලයක් උදා කළොත් කිසිවෙකුට ඒ ගැන දොස් කිව හැකිද?ඔහු තම මුහුණ ඉවතට හරවාගත්තොත්+ කිසිවෙකුට ඔහුව දැකිය හැකිද?ඔහු ඉවතට හැරෙන්නේ යම් පුද්ගලයෙකු වෙතින් හෝ වේවා යම් ජාතියක් වෙතින් හෝ වේවා+ සිදු වන්නේ එකම දෙයයි. 30  තමාට ද්‍රෝහිව කටයුතු කරන කෙනෙකු, පාලනය සියතට ගෙන+ජනයාව මුළා නොකරන පිණිස+ දෙවි එසේ කරන්නේය. 31  යමෙකු දෙවිට කතා කොට මෙසේ කියයිද?‘මම දුෂ්ටකම්+ නොකළත් දුක් විඳින්නෙමි. 32  මා වරදක් කර ඇත්නම් එය මට පෙන්වා දෙන්න.මා යම් අධර්මිෂ්ඨ ක්‍රියාවක් කර ඇත්නම් මම යළි එය නොකරන්නෙමි.’+ 33  දෙවිගේ තීරණය ප්‍රතික්ෂේප කිරීමට ඔබ තෝරාගත් නිසාඔබ බලාපොරොත්තු වන ආකාරයට දෙවි ඔබේ ප්‍රශ්නය විසඳයි කියා ඔබ සිතනවාද?මේ තීරණය ගත යුත්තේ මා නොව ඔබය. ඒ නිසා දැන් ඔබ දන්නා දේ කියන්න. 34  එවිට අවබෝධයෙන් කටයුතු කරන මිනිසුන්ද+මට සවන් දී සිටින ප්‍රඥාවන්තයන්ද මට මෙසේ කියනු ඇත. 35  ‘යෝබ් කතා කරන්නේ දැනුම් තේරුම් ඇති කෙනෙකු මෙන් නොවෙයි.+ඔහු පවසන දෙයින් කියාපාන්නේ ඔහුට කිසි අවබෝධයක් නැති බවය.’ 36  මාගේ පියාණෙනි, යෝබ් මේ නපුරු මිනිසුන්ට පැවසූ දේවල් නිසාඔහුව සම්පූර්ණ සෝදිසියකට ලක් කරන්න.+ 37  ඔහු අප ඉදිරියේ තම දෑත්වලට ගසාගනිමින් සැබෑ දෙවිට විරුද්ධව බොහෝ දේ කියන්නේය.+ඒ නිසා ඔහු පව්කාරයෙකු විතරක් නොව කැරලිකරුවෙකු බවටද පත් වී ඇත.”+

පාදසටහන්

මූ.අ., “උඩු තල්ල.”