යෝබ් 3:1-26

3  මෙතෙක් නිහඬව සිටි යෝබ් තම උපන් දවසට ශාප කරමින්+  මෙසේ කීවේය.   “මා උපන් දවස කිසිදා සිහි නොවේවා!+‘දරුවෙකු පිළිසිඳගෙන ඇතැයි’ කියූ ඒ රාත්‍රියට ශාප වේවා!   ගන අඳුර එම දවස වෙළාගනීවා!ස්වර්ගයේ සිටින දෙවිගේ මතකයෙන් එය පහ වේවා!එදින හිරු උදා නොවේවා!   අන්ධකාරයේ හා මරණයේ සේයාවන් එම දවස වසාගනු ලැබේවා!වැහි වලාවක් එය වෙළාගනීවා!එදින බිය උපදවන ගන අඳුරක් ඇති වේවා!+   එය ගන අඳුර පවතින රාත්‍රියක් වේවා!+ඒ දිනය කවදාවත් වසරේ සතුටු වන දිනයක් නොවේවා!මාසවල දවස් අතරේ එම දිනය නොතිබේවා!   එය නිහඬ පාළු රාත්‍රියක් වේවා!ප්‍රීති නාදයක් එයින් නික්ම නොඒවා!+   ලෙවීයාතන්ව*+ පුබුදු කරන අය ඒ දවසට ශාප කරත්වා!ඒ දවස දැඩි සේ හෙළාදකිත්වා!   ඒ සන්ධ්‍යාවෙහි පායන තරු නොබැබළේවා!හිරු උදා වන තුරු නෙත් අයාගෙන සිටින ඒ දවසට හිරු උදා නොවේවා!අරුණාලෝකය දකින්න නොලැබේවා! 10  මන්ද ඒ දවස, මාව බිහි කළ කුසෙහි දොරගුලු නොවැසුවේය.+මාගේ දෙනෙතින් වේදනාව දකින්න සැලැස්වූවේය. 11  මව්කුස තුළදීම මා මිය නොගියේ මන්ද?+කුසින් නික්ම ආ විගසම මාගේ දිවි කෙළවර නොවූයේ මන්ද? 12  මාව මවගේ ළයට+ ගත්තේ මන්ද?ඇගේ උකුළේ තබා මාව නැළෙව්වේ මන්ද? 13  එසේ නොකළා නම් මේ වන විටත් මම සැනසිල්ලේ සැතපෙනු ඇත.+මරණ නින්දෙහි සිටිනු ඇත.+ 14  විනාශ වූ තැන් යළි ගොඩනැඟුවාවූ+රජවරුන් හා උපදේශකයන් සමඟ මටත් සැතපෙන්න තිබිණ.+ 15  එසේත් නැත්නම් රිදීවලින් නිවෙස් පුරවාගත් අය සමඟදරනින් පොහොසත් වූ කුමරුන් සමඟද මට සැතපෙන්න තිබිණ. 16  මව්කුස තුළ රහසින් නැති වී ගිය කලලයක් මෙන්ද+මෙලොව එළිය නොදුටු+ බිලිඳුන් මෙන්ද මටත් මිය යන්න තිබිණ. 17  මිය ගිය පසු විඩා වූ අය විවේක සුවයෙන් සිටිති.+දුෂ්ටයෝ පවා සන්සුන්ව සිටිති.+ 18  මිනී වළ සිරකරුවන්ටද සැනසීමේ නිවහනකි.එහිදී අණ දෙන්නන්ගේ කුරිරු හඬ ඔවුන්ට නොඇසෙයි.+ 19  එහි ලොකු කුඩා භේදයක් නැත.+වහලාද ස්වාමියාගෙන් නිදහස්ය. 20  දුක් වේදනාවලින් හෙම්බත් වී සිටින අයටත්ජීවිතයෙන් කිසි සතුටක් නොලබන අයටත්+ දෙවි ජීවත් වෙන්න ඉඩහරින්නේ* මන්ද? 21  නිධානයක් සේ මරණයෙන් සැනසීම සොයන අයටඑය සම්බ නොවන්නේ මන්ද?+ 22  ඔවුන්ට එය හමු වූවා නම් ඔවුහු සතුටින් ඉපිල යති.ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙති. 23  කිසිවක් කරකියාගත නොහැකිව+ අසරණ වී සිටින මිනිසාට ජීවත් වීමට දෙවි ඉඩහරින්නේ මන්ද?හැම අතින්ම ඔහුව කොටු කරන්නේ මන්ද?+ 24  කෑම ඉදිරියේ මම සුසුම් හෙළමි.+මාගේ විලාප හඬ ඇද හැළෙන දිය ඇල්ලක හඬ මෙනි.+ 25  යමකට මාගේ සිත සලිත වීද, ඒ දේම මට සිදු වූයේය.මා බිය වූ දේම මාව සොයා ආවේය.+ 26  මට මාගේ ජීවිතය කිසි කරදරයක් නොමැතිව සුවසේ ගත කරන්න නොලැබුණේය.මට කිසි සහනයක් නොලැබුණේය. මා පසුපස ලුහුබැඳ එන්නේ දුක් කරදරමය.”

පාදසටහන්

හෝ, “කිඹුලාව.”
මූ.අ., “ආලෝකය ලබා දෙන්නේ.”