යෝබ් 28:1-28

28  “රිදී සොයාගැනීමට නියමිත ස්ථානයක් ඇත.පවිත්‍ර+ කළ යුතු රන් සොයාගැනීමටද ස්ථානයක් තිබේ.   මිනිසා පොළොව හාරා යකඩ සොයාගනිති.+ගල් උණු කර තඹ ලබාගනිති.   ඝන අන්ධකාරය මිනිසාට බාධාවක් නොවෙයි.ඔවුහු පොළොවේ ගැඹුරටම කිඳා බැස වටිනා දේ සොයති.+අඳුරු ආකරවලට ගොස් අස්සක් මුල්ලක් නෑර ඒවා සොයා බලති.   ඔවුහු මිනිස් වාසයක් නැති පාළු තැන්වල පතල් හාරති.+පතල්වල වැඩ කරන පිණිස කඹවල එල්ලී පහළට බැස යති.ඔවුන් වැඩ කරන තැන් අසල කිසිවෙක් ගමන් කරන්නේ නැත.   පොළොව මතුපිට වගා කටයුතු කරන ලදි.+නමුත් පොළෝගැබෙහි මහත් කැලඹීමක් සිදු වේ. එය ගින්නට හසු වී තිබෙන ස්ථානයක් මෙනි.   එහි පර්වත අතරේ නීල මාණික්‍යද+රත්තරන්ද සැඟවී ඇත.   ගොදුරු අල්ලා කන පක්ෂීන්ටවත්+ ඔවුන් යන එන මඟ නොපෙනෙයි.කලු උකුස්සාගෙන්+ පවා ඒ මඟ සැඟවී ඇත.   දරුණු වනසත්තු ඒ මඟෙහි කිසිදා ගමන් කර නැත.තරුණ, කේශර සිංහයෙක් වුවද එහි ගැවසෙන්නේ නැත.   ඔවුහු පර්වත දෙබෑ කරති.කඳු පෙරළා දමති. 10  ඔවුහු පර්වත තුළට දිය පහරවල් හරවා,+නානාවිධ වටිනා වස්තු සොයාගනිති. 11  දිය ගලන තැන් වසා දමා,+සැඟවුණු වස්තු සොයාගනිති. 12  නමුත් ප්‍රඥාව සොයාගත හැක්කේ කොතැනින්ද?+අවබෝධය සැඟවී ඇත්තේ කොතැනද? 13  මිනිසා එහි වටිනාකම වටහාගෙන නැත.+එය මිහිපිට කොතැනකවත් සොයාගත නොහැකිය. 14  ‘එය මා තුළ සොයාගත නොහැක’ කියා ගැඹුරු දිය උල්පත් කියයි.මහ මුහුදද, ‘එය මා ළඟ නැත’ කියා පවසයි.+ 15  රන් දී එය ලබාගත නොහැකිය.+එහි වටිනාකම රිදීයෙන් මැනිය නොහැකිය. 16  ඕෆීර්හි රන්+ දුන්නත්දුර්ලභ ඔනික්ස් ගල් සහ නීල මාණික්‍ය දුන්නත් එය ලබාගත නොහැකිය. 17  එය රන්වලටත් අනර්ඝ වීදුරුවලටත් වඩා වටින්නේය.පිරිසිදු රනින් තැනූ බඳුනක් දී එය ලබාගත නොහැකිය. 18  කොරල්+ සහ පළිඟු ඊට සම කළ නොහැකිය.ප්‍රඥාව අගනා මුතුවලටත් වඩා වටින්නේය.+ 19  කූෂ් දේශයෙන් සොයාගත් පඩියන් ගල්+ වුණත් ඊට සම කළ නොහැකිය.පිරිසිදු රන් දී එය ලබාගත නොහැකිය. 20  ප්‍රඥාවේ උල්පත කොතැනද?+අවබෝධය ලබාගත හැක්කේ කොතැනින්ද? 21  මෙලොව ජීවත් වන සියල්ලන්ගෙන් එය සඟවා තිබේ.+පක්ෂීන්ගෙන් පවා එය සඟවා තිබේ. 22  මරණයද සියල්ල දිරාපත් වන ස්ථානයද‘ප්‍රඥාව ගැන අප අසා ඇත්තේ කටකතා පමණි’ කියා පවසති. 23  ප්‍රඥාව යනු කුමක්ද කියා දන්නේ දෙවි පමණි.+එය සොයාගත හැක්කේ කොතැනින්ද කියා දන්නෙත් ඔහු පමණි. 24  පොළොවේ කෙළවර දක්වා ඔහුගේ දෑස් දිව යන්නේය.+අහස යට ඇති සියල්ල ඔහු දකින්නේය. 25  සුළඟෙහි බලය නියම කරන්නෙත්+ජල ධාරා කිරා, ඒවායෙහි සීමා මායිම් නියම කරන්නෙත් ඔහුය.+ 26  වර්ෂාවට නියමිත කාලයන්ද+වැහි වලාකුළු යා යුතු මාර්ගයද ඔහු නියම කළේය. 27  දෙවි ඒ සියල්ල තුළින් දිස් වූ ප්‍රඥාව දැක ඒ ගැන ප්‍රකාශ කළේය.ඔහු එය නිර්මාණය කළ පසු ඒ ගැන හොඳින් සොයා බැලුවේය. 28  පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+

පාදසටහන්