යෝබ් 23:1-17

23  එවිට යෝබ් මෙසේ කීවේය.   “මට මේ සියල්ල සිදු වී ඇත්තේ මාගේ වැරදි නිසයි කියා මම කොහෙත්ම පිළි නොගන්නෙමි.මාගේ දුක් ගැනවිලි කොතරම්ද කිවහොත් දැන් මාගේ ශක්තිය හීන වී ඇත.+   දෙවිව සොයාගත හැක්කේ කොතැනින්ද කියා මා දැන සිටියා නම්+මම නොපමාව ඔහුගේ වාසස්ථානය වෙතට යන්නෙමි.+   මාගේ නඩුව ඔහු ඉදිරියට ගෙන ගොස්මම නිදොස් බව ඔප්පු කිරීමට තර්ක ඉදිරිපත් කරන්නෙමි.   ඔහු මට දෙන පිළිතුරු මම සිතට ගන්නෙමි.ඔහු පවසන දේ තේරුම්ගැනීමට මම උත්සාහ කරන්නෙමි.+   ඔහු මා සමඟ වාද කිරීමට තම මහත් බලය යොදාගනීවිද?නැත. ඔහු මා පවසන දේට සවන් යොමු කරනු ඇත.+   එහිදී නිර්දෝෂ තැනැත්තා ඔහු සමඟ කතා කර කාරණා නිවැරදි කරගන්නේය.මාගේ විනිශ්චයකරු සදහටම මාව දඬුවමින් නිදහස් කරන බව නිසැකය.   මා නැඟෙනහිර දෙසට ගොස් බැලුවත් ඔහුව සොයාගත නොහැකි විය.මා සිටි තැනටම නැවත හැරී ආවත් ඔහුව දකින්න ලැබුණේ නැත.+   ඔහු වැඩ කරමින් සිටින උතුරු දිශාවට මම හැරී බැලුවත් ඔහුව දැකගැනීමට ලැබුණේ නැත.ඔහු දකුණට හැරුණු විටත් මම ඔහුව දුටුවේ නැත. 10  මා ගන්නා පියවර ඔහු හොඳින් දන්නේය.+ඔහු මාව සෝදිසි කර බැලූ පසු මම පවිත්‍ර රන් මෙන් වන්නෙමි.+ 11  මා පය තැබුවේ ඔහු යන ගමන් මඟෙහිය.මම ඒ මාර්ගයෙන් ඉවත් නොවී දිගටම ගමන් කරන්නෙමි.+ 12  ඔහු දුන් ආඥාවලට මම පිටු පාන්නේ නැත.+ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් මම ඔහුගේ ආඥා නිධානයක් මෙන් රැකගතිමි.+ 13  ඔහු යමක් තීරණය කළ විට එය වෙනස් කළ හැක්කේ කාටද?+ඔහු සිතූ දේ එලෙසින්ම ඉටු කරන්නේය.+ 14  එසේනම්, ඔහු මා වෙනුවෙන් තීරණය කළ දෙයද එලෙසින්ම ඉටු කරනු ඇත.+ඔහු එවන් දේවල් බොහොමයක් සැලසුම් කර ඇත. 15  මා මෙතරම් කැලඹී සිටින්නේ ඒ නිසාය.ඔහු ගැන සිතන විට මා තුළ මහත් භීතියක් හටගන්නේය.+ 16  දෙවි මාගේ සිතේ සවිය නැති කර දැමුවේය.+සියලු බලැති තැනැත්තා මාව කැලඹුවේය.+ 17  එහෙත් අන්ධකාරය අවට පැතිර තිබියදීත්ගන අඳුර මාව වට කරගෙන තිබියදීත් මම නිහඬව නොසිටියෙමි.

පාදසටහන්