යෝබ් 22:1-30

22  එවිට තේමානිය එලිෆස් මෙසේ පිළිතුරු දුන්නේය.   “මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්‍රයෝජනයක් තිබේද?+වටහාගැනීමේ ශක්තිය තිබෙන කෙනෙකුගෙන් වුවද ඔහුට කිසි ප්‍රයෝජනයක් තිබේද?   ඔබ නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට වෑයම් කරන,+ධර්මිෂ්ඨ+ කෙනෙකු වුණත් සියලු බලැති දෙවිව ඔබට සතුටු කළ හැකියි කියා ඔබ සිතුවාද?   ඔහු ඔබව හික්මවන්නේ ඔබ දේවගරුබිය ඇතුව කටයුතු කරන නිසාද?ඔහු ඔබට විරුද්ධව නඩුවක් දමා ඇත්තේ ඒ නිසාද?+   ඔබ දැනටමත් බොහෝ දුෂ්ටකම් කර ඇත.+ඔබේ වැරදි ක්‍රියා ඔබ අත්හැර දමන්නේ කවදාද?   ඔබ අයුතු ලෙස ඔබේ සහෝදරයන්ගෙන් ඇපයක් ඉල්ලාගත්තෙහිය.+ඔබ දුප්පතාට තිබෙන එකම වස්ත්‍රය ඔහුගෙන් පැහැරගත්තෙහිය.   ඔබ පිපාසයෙන් පෙළුණු අයට වතුර බිඳක්වත්කුසගින්නේ සිටි අයට රොටි කැබැල්ලක්වත් දුන්නේ නැත.+   ඔබේ බලය නිසාත් අන්‍යයන්ගෙන් ලැබූ අනිසි අනුග්‍රහය නිසාත්ඔබ දේශය හිමි කරගෙන සිටියෙහිය.+   ඔබ වැන්දඹුවන්ව හිස් අතින් යන්ට හැරියෙහිය.පියා නැති දරුවන්ව ඔබ අසරණ කළෙහිය.+ 10  ඔබ වටේටම උගුල් අටවා තිබෙන්නෙත්+භීතිය ඔබව වට කරගෙන තිබෙන්නෙත් ඒ නිසාය. 11  ඔබ අඳුරෙහි අත පත ගාමින් යන්නෙත්ජලගැල්මට හසු වන්නෙත් ඒ නිසාය. 12  දෙවි සිටින්නේ ස්වර්ගයේ නොවෙයිද?+තාරකා+ තිබෙන්නේ කොතරම් ඉහළින්ද කියා බලන්න. 13  එහෙත් ඔබ මෙසේ කීවේය. ‘දෙවි දන්නේ කුමක්ද?ගන අඳුර මැදින් ඔහුට දේවල් පැහැදිලිව දැකගත හැකිද? 14  ඔහු අහස්තලයෙහි ඒ මේ අත ඇවිදින්නේය.වලාකුළුවලින් වට වී සිටින නිසා ඔහුට කිසිවක් නොපෙනෙයි.’ 15  කාලාන්තරයක් පුරා දුෂ්ටයන් ගමන් ගත් මඟෙහිඔබත් දිගටම ගමන් කරන්නෙහිද? 16  ඔවුන්ගේ ආයු කාලය කෙටි කරනු ලැබීය.+වේගයෙන් ගලා බසින ගංගාවක් මෙන් ඔවුන්ගේ අත්තිවාරම්ද+ ගසාගෙන ගියේය. 17  ‘අපෙන් ඈත්ව යන්න’+ කියා ඔවුහු සැබෑ දෙවිට කියති.‘අපට විරුද්ධව ක්‍රියා කරන්න සියලු බලැති දෙවිට පුළුවන්ද’ කියා අසති. 18  එහෙත් ඔවුන්ගේ නිවෙස් හොඳ දෙයින් පුරවා තිබෙන්නේ දෙවිම නොවෙයිද?+මම නම් දුෂ්ටයන්ගේ උපායන්වලින් ඈත්ව සිටින්නෙමි.+ 19  ධර්මිෂ්ඨයා දුෂ්ටයාගේ විනාශය දැක සතුටු වනු ඇත.+නිර්දෝෂ අය ඔවුන්ට සමච්චල් කරමින් මෙසේ කියති. 20  ‘අපේ සතුරෝ විනාශ වී ඇත.ඔවුන්ගෙන් ඉතුරුව සිටින සියල්ලන්ද ගින්නෙන් විනාශ කරනු ඇත.’ 21  දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔහු සමඟ හොඳ සබඳතාවක් පවත්වාගන්න.එවිට ඔබ ආශීර්වාද රැසක් අද්දකිනු ඇත. 22  ඔහුගෙන් දැනමුතුකම් ලබාගෙනඔහුගේ නීතිය ඔබේ සිතට ගන්න.+ 23  ඔබ අධර්මිෂ්ඨකම ඔබේ කූඩාරමෙන් පහ කර,සියලු බලැති දෙවි වෙත හැරී ආවොත්+ ඔහු ඔබව නැවත උසස් කරනු ඇත. 24  ඔබ වටිනා ලෝහ දූවිල්ලට විසි කර දමන්න.ඕෆීර්+ දේශයෙන් ලබාගත් රන්ද නිම්නයේ ගල් අතරට විසි කර දමන්න. 25  එවිට සියලු බලැති දෙවි ඔබේ ජීවිතයේ වටිනාම වස්තුව මෙන්දඅනර්ඝතම රිදී මෙන්ද වනු ඇත.+ 26  සියලු බලැති දෙවි නිසා ඔබ මහත් ප්‍රීතියක් අද්දකින්නෙහිය.+ඔබ ඔහු දෙස දෑස් අයාගෙන බලා සිටින්නෙහිය.+ 27  ඔබ උපකාර පතා ඔහුට හඬගසන විට ඔහු ඔබට සවන් දෙනු ඇත.+ඔබද දෙවිට දුන් පොරොන්දු ඉටු කරනු ඇත.+ 28  ඔබ ගන්නා තීරණ සාර්ථක වනු ඇත.ඔබ යන මඟ ආලෝකයෙන් දීප්තිමත් වනු ඇත.+ 29  ඔබ උඩඟු+ ලෙස කතා කළොත් ලැජ්ජාවට පත් වනු ඇත.නමුත් දෙවි යටහත්පහත් තැනැත්තාව ගලවාගන්නේය.+ 30  ඔහු නිර්දෝෂ තැනැත්තාවද බේරාගනු ඇත.+ඔබ පවිත්‍ර ජීවිතයක් ගත කරන්නෙහි නම් ඔබවද නිසැකවම ගලවාගනු ඇත.”+

පාදසටහන්