යෝබ් 19:1-29

19  එවිට යෝබ් ඔවුන්ට මෙසේ කීවේය.   “ඔබ කොපමණ කල් මට වචනවලින් පහර දී දුක් දෙන්නහුද?+මාගේ හදවතට මෙලෙස වේදනා දෙන්නේ තව කොපමණ කාලයකටද?+   ඔබ මට දහ වතාවක්ම අපහාස කළහුය.ඔබ කුරිරු ලෙස මට සැලකුවත්+ ඔබට ඒ ගැන කිසි ලැජ්ජාවක් නැත.   මා වරදක් කර ඇත්නම්+එහි ප්‍රතිඵල විඳින්නේ මා නොවෙයිද?   ඔබවම උසස් කරගෙන මට විරුද්ධව උඩඟු ලෙස කතා කරමින්+මට සිදු වූ නින්දාව සාධාරණ බව ඔප්පු කිරීමට ඔබ මාන බලන්නහුය.+   දෙවි මාව මංමුළා කළේය.ඔහු මට දැලක් දමා මාව කොටු කරගත්තේය.+   මට සිදු වූ මේ අසාධාරණය දෙස බලා මට උදව් කරන මෙන් මා ඉල්ලුවද කිසිවෙක් මාගේ උපකාරයට ආවේ නැත.+මා විලාප නඟා පිහිට පැතුවද කිසිවෙක් මට යුක්තිය ඉටු කර දුන්නේ නැත.+   ඔහු පවුරක් බැඳ මාගේ ගමන් මඟ වසා දැමුවේය.+මා පය තබන තැන් අඳුරු කළේය.+   ඔහු මාගේ ගෞරවය නින්දාවකට පෙරළුවේය.+මාගේ හිස මත තිබූ ඔටුන්න ඉවත් කර දැමුවේය. 10  ඔහු මට සෑම අතින්ම පහර දී මාව නැති නාස්ති කරන්නේය.ගසක් උගුලා දමන්නාක් මෙන් මාගේ බලාපොරොත්තු සුන් කරන්නේය. 11  ඔහුගේ කෝපය මට විරුද්ධව ඇවිළෙමින් තිබේ.+ඔහු මාව සලකන්නේ ඔහුගේ සතුරෙකු මෙනි. 12  ඔහුගේ මුළු හමුදාවම මාගේ කූඩාරම වටා කඳවුරු බැඳගෙන,මට විරුද්ධව සටනට සැරසී සිටිති.+ 13  මාගේම සහෝදරයන්ව ඔහු මාගෙන් දුරස් කර ඇත.+මාව හඳුනන අය දැන් මාගෙන් ඈත් වී සිටිති. 14  මාගේ කල්‍යාණ මිතුරෝ පවා මාව අත්හැර දමා ඇත.+මාගේ හිතමිතුරන්ට දැන් මාව අමතක වී ඇත. 15  මාගේ නිවසේ සිටින අමුත්තන්+ හා සේවිකාවන් පවා මාව සලකන්නේ පිටස්තරයෙකු ලෙසයි.මම දැන් පිට දේශයකින් පැමිණි අමුත්තෙකු මෙන් වී ඇත. 16  මාගේ සේවකයාට හඬගැසුවද ඔහු මට උත්තර දෙන්නේ නැත.මට උපකාර කරන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටියද ඔහු මා ළඟට පැමිණෙන්නේ නැත. 17  මාගේ මුඛයෙන් පිට වන හුස්ම මාගේ භාර්යාවට+ පිළිකුලකි.එක කුසේ උපන් සහෝදරයන්ට පවා මාව පිළිකුලකි. 18  තරුණයෝ පවා මාව හෙළාදකිති.+මා නැඟිටින විට ඔවුහු මට නින්දා කරති. 19  මාගේ කල්‍යාණ මිතුරෝ මාව පිළිකුල් කරති.+මා ආදරය කළ සියල්ලෝම මට විරුද්ධව නැඟී සිටිති.+ 20  මාගේ ඇටකටු පෑදී ඇත.+මා නොමැරී සිටීමත් පුදුමයකි!* 21  අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පා කරන්න.+මන්ද මෙය දෙවිගෙන් ලද දඬුවමකි.+ 22  දෙවි මෙන් ඔබත් මට පීඩා කරන්නේ මන්ද?+මට අපහාස කිරීමෙන් ඔබ සෑහීමට පත් වන්නේ නැද්ද? 23  මා පවසන සියල්ල ලියවිල්ලක සටහන් කර තැබුවා නම්කොතරම් යහපත්ද! 24  මාගේ වචන යකඩ පන්හිඳකින්+ ගලක කොටා,කිසිදා නොමැකී යන සේ ඊයම් දමා සුරැකිව තැබිය හැකි නම් කොතරම් අගනේද! 25  මා වෙනුවෙන් ගැලවුම්කරුවෙකු+ සිටින බව මම දනිමි.මා මිය ගිය පසු ඔහු මා වෙනුවෙන් නැඟී සිටින බව+ මට ස්ථිරය. 26  මාගේ සම ගැලවී ශරීරය ක්ෂය වී ගිය පසුත්මාගේ දෙනෙතින් මම දෙවිව දකින්නෙමි. 27  මා ඔහුව දකින්නේ වෙනත් අයෙකු මාර්ගයෙන් නොවෙයි. මමම ඔහුව දකින්නෙමි.+ඔහු ගැන මට වෙනත් අයෙකු විස්තර කළ යුතු නැත. මාගේම දෑසින් මම ඔහුව දකින්නෙමි.මාගේ දැවෙන ආශාව ඉටු නොවූ නිසා මාගේ සිත* බිඳී ගොස් ඇත. 28  ‘අප ඔබට පීඩා කරන්නේ කෙලෙසද’+ කියා ඔබ මාගෙන් අසන්නහුය.වරද තිබෙන්නේ මා අතේ කියා ඔබ සිතන්නහුය. 29  ඔබ කඩුවට+ බියෙන් සිටිය යුතුය.මන්ද වරදකරුවන්ට දඬුවම් කරන පිණිස කඩුවක් එවන ලදි.එවිට ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙකු සිටින බව ඔබ සියලුදෙනා දැනගනු ඇත.”+

පාදසටහන්

මූ.අ., “මා බේරී සිටින්නේ මාගේ දතේ සමකිනි.”
මූ.අ., “වකුගඩු.”