යෝබ් 18:1-21

18  එවිට ෂූහිය බිල්දද් මෙසේ කීවේය.   “ඔබ සියල්ලෝම* තව කොපමණ කල් මෙලෙස කතා කරන්න බලාපොරොත්තු වී සිටිනවාද?කාරණා අවබෝධ කරගන්න වෑයම් කරන්න. පසුව අපි කාරණා සාකච්ඡා කරමු.   ඔබ අපව වනසතුන්ගේ ගණයට දමා තිබෙන්නේ මන්ද?+අපව අපවිත්‍ර අය හැටියට සලකන්නේ මන්ද?   ඔබේ කෝපය නිසා ඔබ ඔබවම විනාශ කරගන්නෙහිය.ඔබ වෙනුවෙන් මිනිසුන් පොළොව අත්හැර යයි කියා ඔබ සිතන්නෙහිද?ඔබ නිසා කඳු නියමිත ස්ථානවලින් ඉවත් කරනු ලබයි කියා ඔබ සිතනවාද?   දුෂ්ටයාගේ පහන නිවී යන්නේය.+ඔහු ගින්නක් දැල්වූවත් එයින් ආලෝකයක් නොනික්මෙයි.   ඔහුගේ කූඩාරමට අන්ධකාරය පිය මනින්නේය.+එහි පහනද නිවී යන්නේය.   ස්ථිරව පියවර තබන ඔහු යම් දිනක කොරගසමින් යනු ඇත.ඔහු යෙදූ උපායන්ට ඔහුම හසු වනු ඇත.+   ඔහු උගුලක් වෙතට පියමං කරන්නේය.+දැලක් මත අඩිය තබන්නේය.   ඔහුගේ විලුඹ උගුලකට හසු වෙයි.+ගැලවිය නොහැකි සේ එය+ ඔහුව වෙළාගනියි. 10  ඔහු යන මඟෙහි මරුවැලක් සඟවා ඇත.බොරු වළක්ද කපා ඇත. 11  බියගන්වන දේවල් ඔහුව වට කරගනියි.+භීතිය ඔහු පසුපස ලුහුබැඳ එයි. 12  ඔහුගේ ශක්තිය හීන වී ඇත.විපත්තිය+ ඔහුගේ පය පැකිලවීමට බලා සිටියි. 13  මාරාන්තික රෝගයකින් ඔහුගේ සම ක්ෂය වී යයි.එය ඔහුගේ අත පය කා දමයි. 14  ඔහු සුරක්ෂිතව වාසය කළ කූඩාරමෙන් ඔහුව පැහැරගනු ඇත.+භීතියේ රජු වෙතට ඔහුව රැගෙන යනු ඇත. 15  ඔහුට අයිති නැති දේ ඔහුගේ කූඩාරමෙන් සොයාගනු ඇත.ඔහු වාසය කරන ස්ථානය පුරාම ගෙන්දගම්+ විසිර තිබේ. 16  ඔහුගේ මුල් වියළී යයි.+ඔහුගේ අතු මැලවී යයි. 17  ඔහුගේ නම පොළොවෙන් තුරන් වී යන්නේය.+ඔහු ගැන කිසිවෙක් මතක් කරන්නේවත් නැත. 18  ඔහුව ආලෝකයෙන් අන්ධකාරයට තල්ලු කරනු ලබයි.පොළොවෙන් ඔහුව පන්නා දමනු ලබයි. 19  ඔහුගේ සෙනඟ අතරේ තම දරු මුනුපුරෝ නොසිටිනු ඇත.+ඔහු විදේශිකයෙකු ලෙස වාසය කළ දේශවලවත් ඔහුගේ නමින් කිසිවෙක් ඉතුරු නොවනු ඇත. 20  බස්නාහිර දෙසින් ජීවත් වන වැසියෝ ඔහු විනාශ වන දවසේදී මවිතයෙන් බලා සිටිනු ඇත.නැඟෙනහිර දෙසින් ජීවත් වන වැසියෝ භීතියෙන් වෙවුලනු ඇත. 21  දුෂ්ටයන් මෙලොවින් තුරන් වන්නේ ඒ ආකාරයටය.දෙවිව නාඳුනන අයගේ කූඩාරම් විනාශ වන්නේ එලෙසය.”

පාදසටහන්

මෙය යෝබ් සහ ඔහු හා සමාන වෙනත් අයට යොමු දක්වනවා විය හැකියි.