යෝබ් 17:1-16

17  “මාගේ සිත බිඳී ගියේය.+ මම දැන් මරණාසන්නව සිටිමි.මිනී වළද මා එන තුරු බලා සිටින්නේය.+   සමච්චල් කරන්නෝ මා වට කර සිටිති.+මාගේ දෑසට පෙනෙන්නේ ඔවුන්ගේ කැරලිකාරකම පමණි.   ‘දෙවියනි, මා වෙනුවෙන් ඇප වන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.+ඔබ හැර මා වෙනුවෙන් ඇප වීමට*+ වෙන කවරෙකු සිටීද?   නුවණ නොලබන පිණිස ඔබ ඔවුන්ගේ සිත් වසා ඇත.+ඔවුන් ජය නොලබන්නේ ඒ නිසාය.   ඔවුහු තම මිතුරන්ට හඬගසා තමන්ට හිමි උරුමයෙන් කොටසක් ගන්න කියා ආරාධනා කරති.නමුත් ඔවුන්ගේ පුත්‍රයෝ අන්ධයන් බවට පත් වනු ඇත.’+   දෙවි මා උපහාසයට+ ලක් කරන්න මනුෂ්‍යයන්ට ඉඩහැරියේය.ඔවුහු මාගේ මුහුණට කෙළ ගැසුවෝය.+   ශෝකයෙන් මාගේ දෙනෙත් අඳුරු වී ඇත.+මාගේ සිරුර පහ වී යන සෙවණැල්ලක් මෙනි.   ප්‍රතිපත්තිගරුක අය මා දෙස බලා පුදුම වෙති.දෙවිට ද්‍රෝහි වූ අයගේ ක්‍රියා දැක නිර්දෝෂ අය කලබල වන්නෝය.   ධර්මිෂ්ඨයා කෙදිනකවත් යහමඟෙන් ඉවතට නොහැරෙයි.+නිර්දෝෂ+ තැනැත්තාගේ ශක්තිය දිනෙන් දින වැඩි වෙයි.+ 10  ඔබ සියල්ලෝම දිගටම මා සමඟ වාද කරන්න.ඔබ කොතෙකුත් දේවල් පැවසුවත් ඔබ අතරේ එක් ප්‍රඥාවන්තයෙකුවත් මට සොයාගත නොහැකිය.+ 11  මාගේ දිවි ගමන කෙළවර වී ඇත.+ මාගේ සැලසුම් සියල්ලම අසාර්ථක වී ඇත.+මාගේ සිතේ ප්‍රාර්ථනා ඉටු නොවීය. 12  ‘ආලෝකය උදා වෙන්න ආසන්නයි’ කියමින් මාගේ මිතුරෝ බොරු කියති.එහෙත් දසත විහිදී ඇත්තේ අඳුර පමණි.+ 13  බලාපොරොත්තුවක් ඇතත් ඒ මිනී වළ ගැන පමණය.+අන්ධකාරයෙහි+ මම සැතපෙන්නෙමි. 14  මම මිනී වළට,+ ‘මාගේ පියාණෙනි’ කියා අමතමි.පණුවන්ට,+ ‘මාගේ මෑණියෙනි’ කියාද ‘මාගේ නැඟණියෙනි’ කියාද අමතමි. 15  එසේනම් මා බලාපොරොත්තු වූ සියල්ලට සිදු වූයේ කුමක්ද?+මට කිසිදු බලාපොරොත්තුවක් ඇතැයි කියා කවරෙකු හෝ සිතයිද? 16  මිනී වළට මා බැස යන විට මාගේ සියලු බලාපොරොත්තුද මා සමඟම නැති වී යනු ඇත.මාගේ සියලු ප්‍රාර්ථනා සමඟම මම දූවිල්ලට හැරී යන්නෙමි.”+

පාදසටහන්

මුල් භාෂාවේ, ‘මට අතට අත දී ඇප වීමට’ යන අදහස ඇතුළත් කර තිබේ.