යෝබ් 16:1-22

16  යෝබ් මෙසේ පිළිතුරු දුන්නේය.   “එවැනි කතා මා කොතෙකුත් අසා ඇද්ද?ඔබ සියල්ලෝම ඇවිත් සිටින්නේ මාව සැනසීමට නොව මාගේ සිත බිඳ දැමීමටය.+   ඔබේ කිසි කමකට නැති කතාවලට අවසානයක් නැද්ද?+ඔබ මෙතරම් සිත රිදවන වචන පවසන්නේ මන්ද?   ඔබත් මා සිටින තත්වයේම සිටියා නම්ඔබ මෙන් කතා කරන්න මටත් තිබිණ.සමච්චලයට හිස වනමින්+ ඔබට විරුද්ධව නොයෙකුත් දේ කියන්න මට තිබිණ.+එහෙත් මා එසේ කරයි කියා ඔබ සිතන්නහුද?   මම සිත සනසන වචනවලින් ඔබව ශක්තිමත් කරන්නෙමි.+ඔබේ වේදනාව සමනය කරන්නෙමි.   මා කොතරම් කතා කළත් මාගේ වේදනාව අඩු නොවෙයි.+මා කතා නොකර සිටියත් මාගේ වේදනාව පහව නොයයි.   දෙවි මාගේ සිත ශෝකයෙන්+ පිරෙව්වේය.ඔහු මාගේ සියලු ගෙවැසියන්ව අසරණ කළේය.   ඔහු මාව අල්ලාගෙන සිර කර තැබුවේය.මාගේ සිරුර ඇට සැකිල්ලක් වී ඇත. එය මට විරුද්ධව සාක්ෂි+ දෙයි.   දෙවි මහත් කෝපයෙන් මාව කැබලි කොට ඉරා දැමුවේය. ඔහුගේ උදහස මට විරුද්ධව ඇවිළෙයි.+ඔහු දත්මිටි කමින්+මා දෙස කුරිරු බැල්මක් හෙළයි.+ 10  බොහෝදෙනා මට විරුද්ධව රැස්ව සිටිති.+ඔවුහු මාව ගිලගැනීමට මාන බලමින් සිටිති.+මාගේ කම්මුලට ගසා මට නින්දා කරති. 11  දෙවි මාව තරුණයන්ගේ අතට භාර දුන්නේය.දුෂ්ටයන් ඉදිරියට මාව තල්ලු කර දැමුවේය.+ 12  මම නිස්කලංකව දිවි ගෙවමින් සිටියෙමි. එහෙත් ඔහු මා කැලඹුවේය.+ඔහු මාව බෙල්ලෙන් අල්ලාගෙන පොළොවේ ගැසුවේය.ඔහු මාවම ඉලක්ක කරගෙන සිටින්නේය. 13  ඔහු මට කිසිසේත් අනුකම්පා නොකරන්නේය.ඔහුගේ දුනුවායෝ+ මා වට කරගත්තෝය.ඔවුන්ගේ ඊතල මාගේ වකුගඩු පසාරු කරගෙන ගියේය.+ මාගේ පිත පවා පිටතට ගැලුවේය. 14  දෙවි බලවන්තයෙකු මෙන් මා පසුපස ඇවිත් පහර දෙන්නේය.+මා යළි යළිත් ප්‍රහාරයට ලක් වූ කැඩී බිඳී ගිය පවුරක් මෙනි. 15  මම ගෝණි රෙදි+ මසාගෙන මාගේ ශරීරය වසාගත්තෙමි.මාගේ මුහුණ* දූවිල්ලෙහි+ සඟවාගතිමි. 16  හැඬූ කඳුළු නිසා මාගේ මුහුණ රතු වී ඇත.+දෙනෙත් අඳුරු වී ඇත.+ 17  එනමුත් මම කිසිවෙකුට හානියක් සිදු කර නැත.මාගේ යාච්ඤාද අවංකය.+ 18  මා භූමියට කතා කර, මාගේ රුධිරය+ වසා නොගන්න කියාදමාගේ විලාප හඬ සඟවා නොගන්න කියාද කියමි. 19  බලන්න! මා වෙනුවෙන් සාක්ෂි දෙන්නා සිටින්නේ ස්වර්ගයෙහිය.+ඔහු ඉහළ ස්ථානයේ සිට මට පක්ෂව කතා කරන්නේය. 20  මාගේ මිතුරෝ මට විරුද්ධව කතා කරති.+මම රාත්‍රිය පුරාම දෙවිගෙන් උපකාරය පතමින් හඬන්නෙමි.+ 21  මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ කාරණා විසඳන්නාක් මෙන්මිනිසාත් දෙවිත් අතරද කාරණයක් විසඳීමට තිබේ.+ 22  මට තව ඉතුරුව ඇත්තේ ස්වල්ප දවසකි.තව කෙටි කලකින් මම අවසන් ගමන් යන්නෙමි. ඒ ගමනෙන් යළි හැරී ඒමට මට නොහැකිය.+

පාදසටහන්

හෝ, “ගෞරවය.”