යෝබ් 15:1-35

15  ඉන්පසු තේමානිය එලිෆස් යෝබ්ට මෙසේ කීවේය.   “ප්‍රඥාවන්ත කෙනෙකු සුළඟ වැනි වූ හිස් වචනවලින් උත්තර දෙයිද?+ඔහු වැරදි සිතුවිලිවලින්*+ තම සිත පුරවාගනියිද?   ඔහු හරයක් නැති වචන යොදා තර්ක කරයිද?කිසි වටිනාකමක් නැති කතා කියයිද?   එහෙත් ඔබ දෙවි කෙරෙහි ගරුබිය දැක්වීම සැහැල්ලුවට ගෙන,ඔහුට භක්තිය පිරිනමන අයටත් බාධා ඇති කරන්නෙහිය.   ඔබ ඔබේ වචන හසුරුවන්නේ ඔබේ වැරදි වසාගන්නා ආකාරයකටය.ඔබේ මුවින් පිට වන්නේ කපටි වචනමය.   ඔබ වරදකරුවෙකු බවට සාක්ෂි දෙන්නේ ඔබේම මුවින් පිට වන වචන මිසක මා නොවෙයි.ඔබේම තොල් ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නේය.+   මෙලොවට බිහි වූ පළමුවන මිනිසා ඔබද?+ඔබ මෙලොව ඉපදුණේ හෙල්+ බිහි වෙන්නත් කලින්ද?   දෙවි තම රහස් කාරණා ගැන ඔබ ඉදිරියේ කතා කරනවාද?+ඔබ හැර වෙනත් ප්‍රඥාවන්තයෙකු මිහිපිට නොවෙසෙන බව ඔබ සිතන්නෙහිද?   ඔබ අපට වඩා යමක් දන්නෙහිද?+අප තේරුම් නොගත් දෙයක් ඔබ අවබෝධ කරගෙන තිබෙනවාද? 10  ඔබේ පියාට වඩා වයසින් මුහුකුරා ගියහිසකෙස් පැසුණු අය අප අතරේ සිටිති.+ 11  දෙවි දෙන සැනසිල්ලෙන් ඔබ සෑහීමට පත් වන්නේ නැද්ද?ඔබට පැවසූ කාරුණික වචනවලින් ඔබේ සිත සැනසුණේ නැද්ද? 12  ඔබේ සිත මෙතරම් එඩිතර වුණේ කෙලෙසද?ඔබේ දෙනෙත් කෝපයෙන් දැවෙන්නේ මන්ද? 13  ඔබ දෙවිට විරුද්ධව උදහස් වී,නිකරුණේ දොඩවන්නේ මන්ද? 14  මව්කුසෙන් නික්මෙන මිනිසා කවදා හෝ නිදොස් විය හැකිද?දූවිලි වැනි වූ මිනිසා පවිත්‍ර විය හැක්කේ කෙසේද?+ 15  දෙවිට තම දූතයන්* කෙරෙහිවත් විශ්වාසයක් නැත.+ස්වර්ගයත් ඔහු සලකන්නේ අපවිත්‍ර ස්ථානයක් ලෙසය.+ 16  එසේනම් අධර්මිෂ්ඨකම් කිරීමට ලොල්කමක් දක්වන්නාවූදූෂිත තත්වයක සිටින පිළිකුල් මිනිසා ගැන ඔහු කුමක් සිතන්නේද?+ 17  මට සවන් දෙන්න!+ මම ඔබට ඒ ගැන පහදා දෙන්නෙමි.මම දුටු දේ ඔබට කියා දෙන්නෙමි. 18  ප්‍රඥාවන්තයන් තම පියවරුන්ගෙන් රැස් කරගත් දැනුම+සඟවා තබාගන්නේ නැත. 19  දේශය උරුම වූයේ ඔවුන්ටය.විදේශිකයෙක් ඔවුන් අතරේ විසුවේ නැත. 20  දුෂ්ටයෙක් ජීවිත කාලය පුරාම දුක් විඳිනු ඇත.කුරිරුකම් කරන තැනැත්තාද තමාට නියම කර ඇති කාලය පුරාම පීඩා විඳිනු ඇත. 21  ඔහුගේ සවනට වැටෙන්නේ බියකරු හඬකි.සාමකාමී කාලයක පවා ඔහු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වනු ඇත.+ 22  අඳුරෙන් මිදීමට ඔහුට නොහැකි බව ඔහු දනියි.+ඔහු කඩුවෙන් මැරුම් කෑමට නියම වී ඇත. 23  ඔහු කෑම සොයමින් ඒ මේ අත ඇවිදියි.+අඳුරු දවස+ අත ළඟ බව ඔහු හොඳින්ම දනියි. 24  දුක් වේදනා නිසා ඔහුගේ සිත සලිත වෙයි.+සටනට සැරසෙන රජෙකු මෙන් විපත්ති ඔහු වට කර ප්‍රහාර එල්ල කරයි. 25  ඔහු දෙවිට විරුද්ධව අත එසවූ නිසාත්සියලු බලැති දෙවිට වඩා ඉහළින් යෑමට තැත් කළ නිසාත් ඔහුට එලෙස සිදු වන්නේය.+ 26  ඔහු තම දැවැන්ත පලිහ ඔසවාමුරණ්ඩු ලෙස දෙවිට විරුද්ධව නැඟී සිටින්නේය. 27  ඔහු ආඩම්බරයෙන් මුහුණ පුම්බාගෙන සිටින්නේය.ඔහුගේ බඩ තෙලෙන් තර වී ඇත.+ 28  ඔහු වෙසෙන්නේ විනාශයට සුදුසු නුවරවලය.මිනිසුන් වාසය නොකරන නිවෙස්වලය.ඔහු වසන ස්ථානය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. 29  ඔහුගේ ධන සම්පත් කෙදිනකවත් වැඩි වන්නේ නැත.ඔහු රැස් කරගත් දේ සැමදා පවතින්නේවත් දේශය පුරා පැතිර යන්නේවත් නැත.+ 30  ඔහුට අඳුරෙන් ගැලවී යා නොහැකිය.ඔහුගේ රිකිල්ල ගිනිදලුවලින් පිලිස්සී යයි.දෙවි එක හුස්මක් හෙළූ විට ඔහුව ගසාගෙන යයි.+ 31  ඔහු තමන්වම රවටාගනිමින් කිසි ප්‍රයෝජනයක් නැති දේවල් කෙරෙහි විශ්වාසය තැබුවොත්ඔහුට ලැබෙන්නෙත් කිසි වටිනාකමක් නැති දේවල්ය. 32  මිය යෑමට පෙර ඔහුට තම ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.ඔහුගේ රිකිල්ල සශ්‍රීකව නොවැඩෙයි.+ 33  මිදිවැලකින් නොඉදුණු පල සියල්ල වැටෙන්නාක් මෙන්දඔලීව ගසක මල් සියල්ල හැළෙන්නාක් මෙන්ද ඔහුටත් සිදු වනු ඇත. 34  දෙවිට ද්‍රෝහිකම් කරන්නාගේ ජීවිතය හිස්ය.+අල්ලසට ප්‍රිය කරන අයගේ කූඩාරම් ගින්නෙන් දැවී යනු ඇත.+ 35  ඔවුහු නපුරු දේ සිතෙහි පෝෂණය කරමින් දුෂ්ටකම් කරන්නෝය.+ඔවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”

පාදසටහන්

හෝ, “නැඟෙනහිර සුළංවලින්.” මෙහි සඳහන් වන්නේ කාන්තාරය දෙසින් හමන හානිකර ඌෂ්ණාධික සුළං ගැනයි.
හෝ, “ශුද්ධ තැනැත්තන්.”