යෝබ් 14:1-22

14  “‘මව්කුසෙන්+ නික්මෙන මනුෂ්‍යයා ජීවත් වන්නේ ඉතා කෙටි කාලයකටය.+එයත් දුක් කම්කටොලුවලින් පිරී ඇත.+   ඔහු මලක් මෙන් පිපී කඩා දමනු ලබන්නේය.+සෙවණැල්ලක් මෙන් නැති වී යන්නේය.+   ඔබ දෑස් යොමු කර ඇත්තේ එවැනි මිනිසෙකු දෙසය.ඔබ මට විරුද්ධව දැමූ නඩුව විසඳීමට මාව කැඳවන්නෙහිය.+   අපවිත්‍ර කෙනෙකුට පවිත්‍ර කෙනෙකු බිහි කළ හැකිද?+කවදාවත් එසේ කළ නොහැකිය.   මිනිසාගේ ආයු කාලය තීරණය කර ඇත.+ඔහු ජීවත් වන මාස ගණන ඔබ දන්නෙහිය.ඔබ ඔහුට සීමාවක් පනවා ඇත. ඒ සීමාවෙන් පිට ඔහුට යා නොහැකිය.   එසේනම්, ඔබ මොහොතකට හෝ ඔහු දෙස නොබලා සිටින්නේ නම් යහපත!+එවිට දවස නිමා වන විට කුලීකරුවෙකු සතුටු වන්නාක් මෙන් ඔහුටද සතුටු විය හැකිය.   කපා දැමූ ගසක් කෙරෙහි වුවද බලාපොරොත්තු තැබිය හැක.එය කපා දැමුවත් යළි දලු ලා,+අලුත් රිකිලි හටගනු ඇත.   එහි මුල් බොහෝ කලක් පොළොව යට සැඟවී තිබුණත්එහි කඳ වියළී ගියත්   දිය බිඳක් ලද සැණින් අතු ඉති ලියලා,+අලුත් ගසක් මෙන් එය හටගන්නේය.+ 10  එහෙත් මිනිසා මිය ගිය පසු කුණු වී යන්නේය.ඔහුගේ හුස්ම නික්ම ගිය පසු ඔහුව නැවත සොයාගත හැකිද?+ 11  සාගරයේ ජලය වාෂ්ප වී යන්නාක් මෙන්දගංගා සිඳී යන්නාක් මෙන්ද+ 12  මිනිසාද මිය ගොස් යළි නැඟිටින්නේ නැත.+අහස නැති වී යන තුරුම ඔවුන් යළි නැඟිටින්නේවත්+ඔවුන්ව පුබුදුවන්නේවත් නැත.+ 13  අනේ, ඔබේ කෝපය පහ වන තුරුමාව මිනී වළෙහි සඟවා තබා,+කාලයක් නියම කර+ නැවත මාව සිහි කරන්නෙහි නම්+ කොතරම් හොඳද! 14  මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?+මට නියම කළ කාලය අවසන් වී,මාව නිදහස් කරන තුරු+ මම බලා සිටින්නෙමි.+ 15  ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි.+මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත. 16  එහෙත් දැන් ඔබ මාගේ සෑම පියවරක්ම ගණන් කරන්නෙහිය.+මා පාපයක් කරන තුරු ඔබ විමසිල්ලෙන් බලා සිටින්නෙහිය.+ 17  මා කළ වැරදි ඔබ මල්ලක දමා මුද්‍රා කර තැබුවෙහිය.+මැලියම් ගා මාගේ අපරාධ මුද්‍රා කර තබාගත්තෙහිය. 18  කන්දක් වුවද පෙරළී පොළොවට සමතලා වනු ඇත.පර්වතයක් එහි නියමිත ස්ථානයෙන් පහ කරනු ඇත. 19  වතුරට ගල් ගෙවී යන්නේය.දිය පහරට පොළොවේ පස් සේදී යන්නේය.ඔබ මිනිසාගේ බලාපොරොත්තු නැති කරන්නෙත් එලෙසය. 20  ඔබ සදහටම ඔහුව පරාජය කරන්නෙහිය.ඔහුගේ මුහුණ විකෘති කරන්නෙහිය. එවිට ඔහු තුරන් වී යයි.+ 21  ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පාත්‍ර වුණත් ඔහු එය නොදනියි.+ඔවුන් අවමානයට ලක් වුණත් ඔහුට ඒ කිසිවක් නොපෙනෙයි. 22  දිවි ඇති තුරාම ඔහුට දැනෙන්නේ ඔහුගේ වේදනාව පමණි.ඔහු විලාප නඟන්නේ ඔහුගේ දුක ගැන පමණි.’”

පාදසටහන්